Moments From Kurulubadda Movie by Keerthica Neeliya
සිංහල සිනමා සංගීත වංශ කතාවේ අප්‍රකට නමුත් සොඳුරු අමරණීය මොහොතක් ඔබ සමඟ බෙදා ගැනීමට මට සිත් දේ.
” කුරුළු බැද්ද “ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කලේ ආර්. මුත්තුස්වාමි සූරීන් වන අතර බමුණුකුලආරච්චිගේ දෝන නීලියා පෙරේරා මෙනවිය තම දෙමාපියන් සමඟ එදා ගීත පටිගත කරන ශබ්දාගාරයට ගීත පටිගත කිරීම නැරඹීමට පැමිණ තිබේ. දෛවයේ කෙසේද යත් චිත්‍රපටයේ ගීතයේ අවසාන පද පේලියේ කොටස ගායනා කීරීමට එදිනට පැමිණිය සිටිය යුතු ගායිකාවට සහභාගී වීමට නොහැකි විම නිසා එම ශබ්දාගාරයට පැමිණි සිටි නීලියා මෙනවියට සංගිත අධ්‍යක්ෂකවරයා ඇයගේ පියාණන්ගේ අවසරය ලබා ඇයට ගායනා කිරිමට ආරාධනා කර ඇත. ඇයගේ ප්‍රථම සහ අවසාන ගිත ගායනය.
“හමන සිසිල් සුළඟ නටයි එකට හැපීලා – ගුවන් තලේ නඳුන් වනේ බිමට වැටීලා” යනුවෙන් පැවත ලයාන්විත හඬ කුළුදුලේම සංගිත අධ්‍යක්ෂක ආර්. මුත්තුස්වාමිගේ මියුරු ස්වර පුවරුව සමඟ මුසුවුණ අතර අවසානයේදී දෙදෙනාගේ බැඳීම විවාහයකින් කෙළවර විය .
සිංහල බෞද්ධ පවුල් පසුබිමකින් පැවත එන නීලියා පෙරේරා මෙනවිය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදී සිසුවියක් වන අතර දකුණු ඉන්දියානු සංගීතඥ ආර්. මුත්තුස්වාමි වන මගේ පියා 1961 නොවැම්බර් මස 8 වන දින මගේ මව වන නීලියා පෙරේරා සමග සිදුවූ අහඹු මෙන්ම අමරණිය විවාහය.
මගේ මව පියාගේ ජීවිතයට මිණි පහනක් වූවාය… බෙදිම් වලට වඩා බැදීම් කොයිතරම් ලස්සනද.. ?
❤?❤?
තිරගතවු දිනය : 1961/ 03/ 29.
නිෂ්පාදනය : ජෝන් අමරතුංග මහතා.
(Produced by : Mr.John Amaratunga.)
අධ්‍යක්ෂණය : එල්. එස්. රාමචන්ද්‍රන් මහතා.
(Directed by : Mr. L. S. Ramachandran.)
ආර්. මුත්තුස්වාමි සූරීන් සංගීතවත් කළ ස්වතන්ත්‍ර ගී තනුවකි.
(Original Melody & Song Composed by R. Muthuswamy master.)
කරුණාරත්න අබේසේකර සූරීන්ගේ පදරචනය.
( Lyricist Mr. Karunaratne Abeysekera.)
ප්‍රවීන ගායිකා කලාසූරි ලතා වල්පොල මහත්මිය සමග සමුහ ගායනය ප්‍රවීන ගායිකාවන් –
මල්ලිකා ද සිල්වා මිය,
ඇන්ජලීන් ලැනරෝල් (ගුණතිලක) මිය,
චන්ද්‍රා ද සිල්වා මිය,
විජිත කුසුම් ලියනගේ මිය,
නීලියා පෙරේරා මිය. (මගේ මව)