Miracles from Heaven (2016) by Ashini Randini


ක්‍රිස්ටි බීම් නෝනා ටිකෙන් ටික ලොකු වෙනකොට ආශ්චර්යයන් ගැන කිසිම කෙනෙක් කතා කලේ නැහැ. මෑතක් වෙනකල්ම ක්‍රිස්ටි නෝනා ආශ්චර්යයන් හරිහැටි තේරුම් ගත්තාද නැතිනම් ඒ ආශ්චර්යයන් විශ්වාස කලාද ඒව තිබුනේ ඇයගෙ ආත්මය ඇතුලාන්තයේමද කියන්න විශ්වාසයක් තිබුනෙ නැහැ. ඒත් ආත්මීය සහකාරයා උනු අපූරු සැමියායි බෝනික්කියො වගේ ඉන්න හුරුබුහුටි දුවනියො තුනකගෙනුයි හැදිච්ච ලස්සන පුංචි පවුලක් තියෙන එකත් ආශ්චර්යයක් කියල ක්‍රිස්ටි නෝන විශ්වාස කලා.
කොච්චර උනත් ජීව්තේ ඉස්සරහට ගෙනියන්න ආදරේ උවමනයි වගේම ආදරය එක්ක ජීවිත මාවතේ ඉස්සරහට යනකොට හසරැලි වගේම කඳුලැලිත් එකට කැටි වෙන්න උවමනායි. මොකද ජීවිතේ කියන්නෙම සොඳුරුතම කවියක්. ආදරේ කඳුල සිනහව සතුට වේදනාව මේ හැමදේම එකට කැටි උනු සුන්දරතම ගීතයක් .


ඇබී , ඇනාබෙල් , ඇඩලයින් කියන ආදරණීය දුවනියො එක්ක කාලය ගත කරනව වගේම ක්‍රිස්ටි හැමදාකම දියණියන් නින්දට යන්න කලින් ඔවුන්ට ප්‍රාර්ථනාවක් කරන්න දෙනව. ඒ ප්‍රාර්ථනාවෙදි ඔවුන් එකිනෙකාගේ සතුට සුවය ආදරය පතනවා .
ජීවිත ඉදිරියට යනකොට කරදර බාධක නැත්තම් ඒ ජීවිතයේ හරිම පහස දැනෙන්නෙ නෑ. අපිට කොයිතරම් දරාගන්න පුලුවන් ද කියල පරීක්ශා කරන්න වෙන්න ඇති දෙවියන් අපිට බාධා කියල දෙයක් අපේ ජීවිත වලට එවන්නේ.
එක්තරා හැන්දෑවක ආදරණීය මද්දුම දියණිය ඇනාබෙල්ට තදබල උදර වේදනාවක් ඇති වෙනව. වෛද්‍යවරු සුලු රෝග ලෙස නිශ්චය කලත් දුවගේ ඇහිපිල්ලමක වෙනසක් උනත් හඳුනන ඇයගෙ අම්මට දැනෙන්නෙ නෑ මේක නිකන්ම නිකන් ලැක්ටො ඌනතාවයක් කියල . ඇය දිගටම පරීක්ශන වලට දියණියව යොමු කරනවා. අවසානයේ බොහෝ දුර්ලභ රෝගයක් වන ව්‍යාජ අවහිරතා චලන ආබාධය එහෙමත් නැතිනම් pseudo obstruction motility disorder රෝගයෙන් ඇනාබෙල් පීඩා විඳින බවත් ඇයගේ ආහාර ජීර්න පද්ධතියේ තදබල ආබාධයක් තියෙන බවත් ඇයගෙ සිරුර ආහාර නිපදවීමට අපොහොසත් බවත් ඔවුන් සොයාගන්නවා.



හැම බලාපොරොත්තුවක්ම අත හැරිල අධෛර්යමත් උනත් කොයි තරම් මනසින් කඩාගෙන වැටුනත් තමන්ගෙ දියණිය වෙනුවෙන් සටන් කරන එක අතහරින්න ක්‍රිස්ටිට වගේම කෙවින්ට උවමනා වෙන්නෙත් නෑ.
ඇනාබෙල්ගේ රෝගී යහනට එහා යහනේ ඉන්න පිලිකාවකින් පීඩා විඳින හේලිට ඇනා මෙහෙම දෙයක් කියනවා.
මම මැරෙන්න බය නෑ. ඒත් කොයිම මොහොතකවත් බලාපොරොත්තු අතහැරගන්න හොඳ නෑ. දෙවියන් වහන්සේ අපි එක්ක ඉන්නවා. අපිට ආදරේ කරන අය අපි එක්ක ඉන්නව . එයාල අපි එක්ක ඉන්න තාක් අපි ශක්තිමත්. රෝගී ඇනාබෙල්ව මේ ව්‍යාධියෙන් බේරගන්න කිසිම මාර්ගයක් නෑ කියල වෛද්‍යවරයා පවසල තියෙන කොට එක්තරා අවාසනාවන්ත හැන්දෑවක මහා භයානක දෙයක් සිද්ධ වෙනව. හිම පතනය වෙන කාල වකවානුවක හැන්දෑවක ඇනාබෙල් ගෙදර උද්‍යානයේ ඝනව හැදුනු විශාල කපු ගහ උඩට එයාගෙ අක්කා ඇබී එක්ක සෙල්ලම් කරන්න නගිනවා. එකෙනෙහිම කපු ගහේ අත්තක් බිඳිල ගහේ ඇතුලු කුහරයක් ඇතුලට ඇනාබෙල් වැටෙනවා. ඒක හරියට මහ ප්‍රපාතයක් වගේ. අඩි තිහක් පහලට ඇනාබෙල් වැටෙන්නේ ඇගේ හිස පහතට වැදෙන විදියට. ආරක්ශකයො ඇවිත් ඇයව කුහරයෙන් ගොඩට ගන්නකොටත් ඇගේ සිහි විසඤ වෙලා පැය හතරකටත් වැඩී. ජීවිතයයි මරණයයි අතර මහා මූසල අඳුරු සටනක් ගත වුනු හෝරා දෙකකට පස්සෙ අනතුරට මුහුණ පානකොටත් රෝගියෙක් වෙලා උන් ඇනාබෙල් ඇස් විවර කරන්නෙ හරියට දෛවයේ හාස්කමක් වගේ .
දින දෙකකට පසු ඇනාබෙල්ගේ සිරුරේ වෙනස්කමක් ක්‍රිස්ටිට හසු වෙනවා. ඒ වෙනසත් එක්කම ඇය ඇනා සමග රෝහලට ගිහින් ආයෙමත් ඩොක්ටර් නූකෝ මුණගැහෙනවා.





ඒ සිද්ධියත් එක්කම මාස කිහිපයකට පස්සෙ දියණියව මාරයාගෙන් ගලවගන්න පුදුමාකාර සටනක් දියත් කරපු ආදරණීය අම්ම කෙනෙක් දේවස්ථානයේ දෙවියන්ගේ පිලිරුව ඉදිරිපිට බොහොම ලයාන්විත වදන් පෙලක් තියනවා.

මේ ක්‍රිස්ටි නෝනගෙයි ඇනාබෙල්ගෙයි සත්‍ය කතන්දරේ.මේ අපූරු සත්‍ය කතා පුවත පාදක කරගෙන ක්‍රිස්ටි බීම් අපූරු කෘතියක් රචනා කරනවා. ඇයගේ එම Miracles from heaven කෘතියෙන් patricia Riggen 2016 වර්ශයේදී Miracles from heaven යන ඒ නමින්ම බොහොම ආදරණීය ඇමරිකානු ක්‍රිස්තියානු චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ සිනමාපටයෙහි දැක්වුනු සත්‍ය කතාව තමයි මම උඩින් සඳහන් කලේ.
තමන් කුමන ආගමකට අයත් උනත් නිතරම තමන් අදහන තමන් ආදරය කරන දෑ කෙරෙහි විශ්වාසය සහ ගරුත්වය තිබුවොත් අපිට ආශ්චර්යයන් වගේම ආහ්ලාදයත් විඳින්න හැකි වේවි.


නිතරම විශ්වාසය අතහරින්නෙපා. හැමමොහොතකම විශ්වාස කරන්න හැම කාල වර්ණ ඝන මේඝ වලාවකම රිදී පැහැති රේඛාවක් තියෙනවා. හැම මොහොතකම හිතන්න ඔබ ආකාහෙ තරම් පරතෙරට විහිදුනු අනන්ත ප්‍රේමයක් විඳින්න සුදුසුකම් ලත් තැනැත්තෙක් .
ආදරයට ආදරය කරන්න.


Release date: March 16, 2016 (USA)
Box office: $74 million