Minnal Murali (2021) Malayalam | Sinhala Article

Minnal Murali (2021) Malayalam by Prageeth Shan

Minnal Murali කියන තරම් අවුල් ද…??

පහුගිය සතියෙ උණුසුම් මාතෘකාවක් උන ෆිල්ම් එක මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන නම තමයි මේ අලුත්ම මලයාලම් Superhero movie එක වෙන Minnal Murali…?? ඉතින් කට්ටියක් මේක Marvel, DC superhero content එක්ක සසඳන්න ගිහින් උන මහා පරිමාණයේ වලිත් එක්ක මේ ෆිල්ම් එකට ලංකාවෙත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා කියලා කියන්නම ඕන. සාමාන්‍යයෙන් හොඳ මලයාලම් ෆිල්ම් එකක් නම් කොහෙත්ම නොබලා අතඅරින්නෙ නැති උනත් මේක ගැන හරියටම දැනගන්න ලැබුනෙත් ඒක බලන්න ආසාවක් ඇති උනෙත් මේ උණුසුම් කතාබහෙන් පස්සෙ තමයි ?? ඉතින් මලයාලම් සිනමාව කිව්වම ගොඩක්ම කේරලයේ සාමාන්‍ය ජන ජීවිතය ගැන කතාකරන, යථාර්ථයට ගොඩක් ම ලඟින් තියෙන සිනමාවක් නෙ. ඒකෙන් Superhero movie එකක් එනවා කියන්නෙම වෙනස්ම විදියෙ වැඩක් වෙන්න ඕන කියලා මට හිතුනා. ඉතින් කොහොමහරි ෆ්‍රී ටයිම් එකක් අල්ලලා මේක බැලුවම කියන්න තියෙන්නෙ ඒ හිතපු දේ හරියටම හරි. මේක සම්පූර්ණයෙන්ම අපි මේ වෙනකන් දැකල හුරුපුරුදු Superhero movie වලින් වෙනස් උන අපේ සමාජයට ලඟින් යන සමාජ සංස්කෘතියක බිහිවෙන සුපිරි වීරයෙක් පාදක කරගෙන නිර්මාණය උන ගොඩක් ම මිනිස්සුන්ට සමාජයෙන් එල්ලවෙන බලපෑම එක්ක මිනිස්සු විවිධාකාර විදියට වෙනස්වෙන ආකාරය සුපිරි වීරයෙක් ගේ කෝණයෙන් ඉදිරිපත් කිරීමක් කියන්න පුලුවන්..❤️? ඉතින් කවුරුවත් Marvel, DC වලින් දෙන දේවල් මේකෙන් බලාපොරොත්තු වෙන එක වත් මේකෙ තියෙන දේවල් ඒ ෆිල්ම් වල තියෙන්න ඕන කියලා හිතන එක වත් තේරුමක් නෑ.. මේක විවෘත මනසකින් බලනවනම් කාලෙකින් ආපු හොඳ Character development එකක් තිබුන Superhero movie එකක් විදියට අවිවාදයෙන් නම් කරන්න පුලුවන් ඉතාම හොඳ සිනමාපටයක්. ඒක නිසා කාගෙවත් opinion මත මේක ජරාවක් කියලා හිතන් නොබලා ඉන්නවනම් ඒක මෝඩකමක්. මම මේ සටහනේ Spoilers මුකුත් දාන්නෙ නැහැ. නිකන්ම මේක ගැන මගේ අදහස කියන්න තමයි මේ සූදානම් වෙන්නෙ…??
මම කලින් කිව්වා වගේම මේක මලයාලම් සිනමාවෙ අනිත් සිනමාපට වගේම සෑහෙන යථාර්ථයට බර සිනමාපටයක්. මෙහෙම කිව්වම කෙනෙක් හිතන්න පුලුවන් Superhero film එකක මොන යථාර්ථයක්ද කියලා. නමුත් බැරි වෙලාවත් අපි අහම්බෙන් සුපිරි වීරයෙක් උනොත් එහෙම අපිට මූණදෙන්න වෙන අභියෝග මොනවද, අපිට සමාජෙන් එල්ලවෙන බලපෑම් මොනවද, සුභවාදී හෝ අසුභවාදී වේවා මේ බලපෑම් වලට අපි මූණදෙද්දි ගන්න තීරණ මොනවද, ඒවා අනුව කටයුතු කරන අපි අවසානයෙදි කොතනක නවතීවිද කියලා මේකේ සෑහෙන යථාර්ථවාදී විදියට පෙන්නලා දෙනවා. නෝමල් ටයිප් එකේ Superhero movie එකකදි සාමාන්‍ය කෙනෙක්ට අහම්බෙන් වගේ බලයක් ලැබිලා එයා පස්සෙ ටික ටික බලයන් අවබෝධ කරගෙන සුපිරි වීරයෙක් වෙලා අවසානයෙදි තමා හා සමාන මට්ටමේ තරඟයක් දියහැකි හතුරෙක් එක්ක හෝ ලෝක මට්ටමේ තර්ජනයක් එක්ක ගැටෙන ආකාරය නිරූපණය කරනවා වගේම Minnal Murali තුලිනුත් ඒ අවස්ථාවන් ටික ඒ විදියට ම තියෙනවා. හැබැයි ඒ සිද්ධි අතරට දකුණු ඉන්දීය සමාජයෙ තියෙන විවිධාකාර ප්‍රශ්න, ගැටුම්, මිනිසුන්ගේ තිබෙන විශ්වාසයන් යනාදිය හැඟීම් එක්ක ලස්සනට ගලපලා ඉදිරිපත් කරනවා. සමාජයේ විවිධ මට්ටම් වල ඉන්න මිනිස්සුන්ට සමාජය විසින් කරන බලපෑම සහ ඒ බලපෑම විඳදරාගන්නා ආකාරය, ඒකට මූණදෙන්න ගනු ලබන තීරණ අනුව මිනිසුන් වීරයින් හෝ දුෂ්ඨයන් වන ආකාරය Minnal Murali තුලින් අපූරුවට පෙන්වලා දෙනවා. මම විශ්වාස කරන විදියට හොඳ Superhero movie එකක් නම් වීරයෙක් වේවා දුෂ්ඨයෙක් වේවා ඒ කෙනා ඒ තත්ත්වයට පත්වෙන්න බලපාන සාධාරණ හේතූන් පෙන්වලා දෙන්න ඕන. මොකද ස්වභායෙන්ම සුදු හෝ කලු නොවන හොඳ නරක දෙකෙන්ම යුක්ත අලු මිනිසුන් වෙන අපි අනිත් අයට සාපේක්ශව අපිව විශේෂ තත්ත්වයකට ඔසවා තබන බලයක් ලැබුන අවස්ථාවකදි කටයුතු කරන ආකාරය අනුව මේ මනුස්සයා මෙහෙම කරන එකේ පුදුමයක් නෑ නේද, මට මෙහෙම උනානම් මමත් මෙහෙම කරාවිද කියලා තමන්ගෙම හිතින් ප්‍රශ්නයක් අහගන්න මට්ටමක තියෙනවා නම් අන්න ඒක හොඳ මට්ටමේ සුපිරිවීර සිනමාපටයක් විදියට මම ව්ශ්වාස කරනවා හැබැයි මේක මගේ opinion එක විතරයි. ඔයාලට වෙන වෙන රසයන්,.අදහස් ඕනතරම් ඇති ??
ඉතින් කතාව ඉතාම කෙටියෙන් කිව්වොත් දුකකින් කෙලවර උන ආදර කතා දෙකක හිමිකාරයන් දෙන්නෙක් දවසම එකම වෙලාවක බිමට පතිතවෙන විශේෂ අකුණු පහරකට ලක්වෙලා එක හා සමාන බලයන් ලැබෙනවා. මේවා අතර Super human strength, Speed, Durability, superhuman reflexes වගේම මනසින් ද්‍රව්‍ය පාලනය කිරීමේ හැකියාව Telekinesis වගේ ගොඩක් superhero movie වල තියෙන ජාතියෙ බලයන් තියෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නෙ සමාජයෙන් විවිධාකාර විදියට විවිධ අවස්ථාවලදි අසාධාරණයට ලක්වෙන මේ දෙන්නා ක්‍රමයෙන් ඔවුන්ගෙ බලයන් අවබෝධ කරගෙන වීරයා සහ දුෂ්ඨයා බවට පරිවර්තනය ආකාරට පෙන්වන ආකාරයෙන්. Joker සිනමාපටයෙන් පස්සෙ සිනමාපටයක් තුල දක්නට ලැබුන දුෂ්ඨයෙකුගෙ හොඳම Character buildup එකක් විදියට මේකේ දුෂ්ඨයාගෙ චරිතය සලකන්න පුලුවන්. ඔයාලා Gotham series එක බැලුවනම් මතක ඇති ඒකට ගොඩක් දෙනෙක් කැමති උනේ ඒකෙන් දුෂ්ඨයින්ගෙ ආරම්භය මොනවගේ එකක්ද, ඔවුන් අවසානයෙදි ඒ තත්ත්වයට පත්වෙන්නෙ මොන හේතූන් නිසාද කියලා පැහැදිලිව පෙන්වලා දීම නිසයි. ගොඩක් දෙනෙක් සුපිරි වීරයින්ගෙ නැගීසිටීම ගැන උනන්දු උනත් වීරයෙක් වෙන්න හිටපු අය දුෂ්ඨයො උනේ මොකද කියලා කතාකරන අවස්ථාවන් සෑහෙන අඩුයි. අන්න ඒ වගේ අපූරු නිර්මාණ කිහිපයක් තමයි Gotham tv series එක, Joker සහ Minnal Murali කියන්නෙ.. ඉතින් Gotham බලලා ඒ රහට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මේක බලන්න කියලා ඉල්ලලා සිටිනවා.
අනිත් කාරණාව තමයි අපේ රටේ කවදහරි superhero movie එකක් නිර්මාණය කලොත් ඒක කරන්නෙ කොහොමද කියලා යම් අදහසක් මේකෙන් අරගන්න පුලුවන්. ගොඩක් අය හිතන් ඉන්නවා බටහිර සිනමාවෙ superhero concept එක අපේ පෙරදිග සිනමාවන් වලට ගලපන්න සෑහෙන අමාරු වෙයි කියලා. නමුත් ඒක ඒ විදියටම අරගන්නෙ නැතුව පෙරදිග සිනමාවෙ අංගෝපාංගයන් එකතු කරලා වෙනම රසකට ඉදිරිපත් කිරීමේ අභියෝගය Minnal Murali සාර්ථකව ජයග්‍රහණය කරලා තියෙනවා..❤️❤️? ඉතින් කවදහරි මෙහේ Superhero movie එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේක උදාහරණයට අරන් මීටත් වඩා හොඳ නිර්මාණයක් කරන්න පුලුවන් කම තියෙනවා..❤️❤️

ඉතින් ඔන්න ඔය ටික තමයි මේ අපූරු මලයාලම් සිනමාපටය ගැන කියන්න තියෙන්නෙ. බලපු නැති අය අනිවාර්යයෙන් බලන්න. බලන කාලයට වටින චිත්‍රපටියක් මේක..??? එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයක් ගැන විස්තර අරගෙන ඉක්මනින්ම හමු වෙන්නම්.

සිනමාලෝලී ඔබ සැමට ජයවේවා !!

Download
Subtitle Download

ප්‍රගීත් ශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *