Minnal Murali (2021) Malayalam by Marshal Janz
Minnal Murali Recently Release වුන Indian Malayalam Super Hero Film එකක් ❤ ලංකාවේ අයට නම් Minnal Murali කියන්නේ ➡️ DC Marvel Films වලට වඩා පට්ටම Super Hero Film එකක් සමහරක් අයට ඒ කියන්නේ Malayalam Fans ට හැමදාමත් වගේ Minnal Murali කියන්නෙත් *මළයාලම් මැජික්* එකක් හැබැයි මට මේක මැජික් එකකුත් නෙමෙයි DC Marvel තරම් සුපිරියකුත් නෙමෙයි…
මට අනුව ➡️ Minnal Murali කියන්නේ Indian Cinema වේ Best Super Hero Film එකක් ? Indian Cinema තුළ Super Hero Concept එකෙන් Films ගොඩක් Release වෙලා තියෙනවා . ඒ අතරින් හොදම එක මොකක්ද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ Minnal Murali
Minnal Murali කියන්නේ Low Budget Film එකක් . ඒ කියන්නේ කෝටි 20 කින් විතර නිර්මාණය වුන චිත්‍රපටයක් [කෝටි 20 උඹට Low Budget එකක් ද බං] කියලා ඔයාලා ඇහුවොත් ➡️ ඔව් ඒක Low Budget එකක් තමා . Indian Cinema වේ අනිත් Cine Industry එක්ක බැලුවොත් Malayalam සිනමාවෙන් මේ Minnal Murali චිත්‍රපටය නිර්මාණය කරන්න වියදම් කරපු කොටි 20 Low Budget එකක් තමා ? දැන් ඔය Script එකම Kollywood හෝ Bollywood Try කළා කියන්නේ කොහොමත් කෝටි 200 ක budget එකක් වත් ඕන කරයි ? ඒකෙනුත් Stardom Actor කෙනෙක්ව දාලා කළා කියන්නේ ඊට වැඩි ? ඒ අතර Script එකත් ගොඩක් Change කරලා ගන්න වෙනවා ඇයි කිව්වොත් Super Power එක එන්න කලින්ම ඒ Actor ව Super Hero කෙනෙක් විදිහට නේ පෙන්නුම් කරන්න ඕනේ ?
ඉතින් මම දැනුවත්ව Minnal Murali කියන්නේ ඇත්තටම Indian Cinema වේ Best Super Hero Film එකක් ? ඒකට හේතුව ➡️ Budget එක අනුව Team එකෙන් දුන්න Output එක පමණක් නෙමෙයි ? Minnal Murali චිත්‍රපටය Success වෙන්න ලොකුම හේතුව Screenplay එක තමා ❤ කොහොමත් චිත්‍රපටයක Success එක 50% ක් තීරණය කරන්නේ Screenplay එකක් තමා ? එහෙම තියෙද්දි Minnal Murali එකේ Success එක රැදිලා තියෙන්නේ Screenplay එක තුළ…
Screenplay එක තුළ මම දැක්ක Positive ම Point එක තමා ➡️ ඕනම Super Hero Film එකක් බලනකොට සාමාන්‍යයෙන් Audience හිර වෙන ඒ Zone එකෙන් Audience ව එළියට ගන්න පුළුවන් හැකියාවක් Minnal Murali Screenplay එක තුළ තියෙනවා ?සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෙක් Super Hero Film එකක් බලනකොට [ඉක්මනින් Hero ට Super Power එක ලැබෙන්න ඕනේ / ඉක්මනින් Costume එක දාගෙන ගේමට බහින්න ඕනේ] ඔන්න ඔය Mindset එකෙන් තමා Film එක බලන්නේ ? ටිකක් එහාට මෙහාට වුනා කියන්නේ [අනේ ඇයි බං දාගෙන ඔච්චර අදින්නේ] කියන Feeling එකක් Audience ට ඇති වෙනවා ? කොටින්ම ඒ Film එක Super Hero ගේ Origin එක ගැන නම් අනිවාර්යෙන්ම Audience ට ඒ දේ තමයි ලොකුම Negative එක Film එකේ ? ඉතින් ඔය වගේම Zone එකක තමයි මමත් Minnal Murali Film එක බැලුවේ ? විනාඩි දහයක් විතර ගියාම ඒ Feeling එකත් දැනුනා හැබැයි තව විනාඩි 10 ක් විතර ගියාට පස්සේ මට ඒ Mindset එක සම්පූර්ණයෙන්ම Change වුනා ❤ [මේකත් ලස්සනයි නේද , ඔය විදිහට ගියාදෙන්] කියන හැගීමක් ඇති වුනා මට ? ඒකට හේතුව ➡️ Film එකේ Screenplay එක ? ගොඩක් Smooth & Classic Screenplay එකක් ❤ Minnal Murali විතරක් නෙමෙයි තවත් Super Hero Films ගොඩක් තියෙනවා ඒ වගේ Mindset එකෙන් Film එක බලන Audience ව Impress කර ගත්ත ❤ ඉතින් ඒ Films වලින් එකක් විදිහට Minnal Murali ගන්නත් පුළුවන්…
ඒ වගේම Visuals Effects තමා Film එකේ මම දැක්ක දෙවෙනි Positive එක ➡️ ඒ කියන්නේ ඔය Malayalam Films වල පෙන්නන ඒ Colourful Visuals නෙමෙයි Super Hero Film එකකට ඕන කරන ඒ Fantasy Visuals ? Super Hero Film එකක් කියලා එනකොට Visuals වල Effect එක ගොඩක් ඕන කරනවා ? Minnal Murali එකේ තියෙන විශේෂත්වය තමයි ➡️ Malayalam Film එකක පෙන්නන ඒ Colourful Visuals එක්ක Super Hero Film එකකට ඕන කරන Fantasy Visuals ටික ගොඩක් ලස්සනට ගළපලා Audience Present කරලා තියෙනවා ? පොඩි Village එකක තමයි සම්පූර්ණ කතාව ගමන් කරන්නේ ? Village එකක් කියලා එනකොට Visuals වල Effect එක ඒ තරම් ලොකුවට දෙන්න බැහැ ඇයි කිව්වොත් ඔය Super Hero Films වල Visuals Effects ගොඩක් ලොකුවට ඕන කරනවා බිල්ඩින් එහෙම කුඩු වෙනවා වගේ ? ඒකම Village එකක් තුළ ඒ වගේ Effect එකක් දෙනවා කියන්නේ Audience ට වුනත් පොඩ්ඩක් අවුල් වගේ හැබැයි සමහරක් විට ඒ දේ Director Challenge එකක් විදිහට බාරගෙන වෙනසක් කරන්න හැදුවද මංදා ? මොනා වුනත් වැඩේ Success ? Village එකක් Background එකට තියාගෙන දෙන්න පුළුවන් උපරිමයෙන්ම සහා ගැළපෙන විදිහට Effect එක දීලා තියෙනවා…
ඒකට හරියන විදිහටම Main Characters දෙක Build කරලා තියෙනවා ➡️ දැන් සාමාන්‍යයෙන් City එකක ඉන්න තරුණයෙක්ට Super Power එකක් ලැබුණා කියන්නේ ඉක්මනින් ඒ දේට හුරු වෙන්න පුළුවන් ඇයි කිව්වොත් එයාලට Spider Man Super Man වගේ Super Hero ගැන දන්නවා Super Hero කෙනෙක්ට මොනාද කරන්න පුළුවන් කියලත් දන්නවා හැබැයි ඒකම Village එකක ඉන්න තරුණයෙක් එච්චර ඉගෙන ගත්තේ නැති තරුණයෙක් / කතාව අනුව Hero එයාගේ ගමේ Tailor Shop එකක් කරගෙන යන්නේ / එයාට Spider Man Super Man කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑ එතකොට කොහොමද Powers ගැන දන්නේ ? ඉතින් ඒ වගේ Super Hero කියන Concept එක ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට Super Power එකක් ලැබුණොත් එයාගේ ක්‍රියාවන් මොන වගේ තියෙයිද ? අන්න ඒ වගේ Village එකට ගැළපෙන විදිහට Visuals Effects විතරක් නෙමෙයි Film එකේ Main Character එකම Village එකට ගැළපෙන විදිහට තමයි Build වෙන්නේ…
ගොඩක් දෙනෙක් කිව්වේ [Super Power එකක් ලැබෙන කෙනෙක් මොන වගේ React කරයිද කියලා තමයි Film එකේ පෙන්නලා තියෙන්නේ] කියලා හැබැයි මට තේරුන විදිහට Director පෙන්නුම් කරන්න උත්සාහ කරලා තියෙන්නේ ➡️ Super Hero Concept එක ගැන දැනුමක් නැති කෙනෙක්ට Super Power එකක් ලැබුණොත් React කරන්නේ කොහොමද ? කියලා…
ඒ වගේම Hollywood Super Hero Films වගේ ඒ තරම් ලොකුවට නැති වුනත් ගොඩක් ලස්සනට Hidden Details දීගෙන Continuity එක Maintain කරගෙන ගිහින් තියෙනවා ? දැන් Marvel DC Films Comic Base නිසා තියෙන Hidden Details වල Effect එක වැඩි ? Audience සට ගහලා Impress වෙනවා හැබැයි Minnal Murali කියන Character එක Comic පැත්තට යන්නේ නෑ ? ඒක සම්පූර්ණයෙන්ම Writer කෙනෙක් තමන්ගේ කතාව වෙනුවෙන් Create කරපු Character එකක් ? එහෙම තියෙද්දිත් Screenplay තුළින් දීලා තියෙන ඒ Hidden Details ඇත්තටම ගොඩාක් ලස්සනයි ? ⬇️
● කතාව අනුව Jaison කියන්නේ Super Hero [Minnal Murali] Shibu කියන්නේ Super Villain ? ඉතින් දෙන්නටම අකුණු ගහලා තමයි Powers ලැබෙන්නේ ? ඒ වගේම දෙන්නටම එකම මොහොතේ තමයි අකුණු වැදෙන්නේ ? දෙන්නම එයාලගේ Lover’s බලන්න යනකොට තමයි අකුණු වැදෙන්නේ / දෙන්නම රතුයි සුදුයි තමයි ඇදගෙනත් ඉන්නේ ? ඒ වගේම අකුණු වැදෙන ඒ Moment එක තුළින් දෙන්නගෙම Character එක ගැන ගොඩක් කෙටියෙන් ගැඹුරින් පෙන්නුම් කරලා තියෙනවා ➡️ අකුණු වැදෙනකොට Jaison ඉන්නේ පොළවේ හිටගෙන ඒකම Shibu ඉන්නේ වතුරේ පා වේගෙන ? Jaison ගේ Character එකේ Balance එක තමා ඒ Frame එකෙන් පෙන්නුම් කරලා තියෙන්නේ ඒ වගේම Shibu ගේ Character එකට කිසි Balance එකක් නෑ ගොඩක් කළබල වෙන චරිතයක් හරි තීරණයක් ගන්න බැරි චරිතයක් ? ගත්තේ ගමන් ඒ Character එක Villain කෙනෙක් වෙන්නේ නෑ එයාගේ හදිස්සි වීම සහා හරි තීරණයක් ගන්න බැරි වීම නිසා තමයි අන්තිමට Villain කෙනෙක් විදිහට මාරු වෙන්නේ ? එයාගේ Character එකට විතරක් Stage තුනක් දිලා තියෙනවා ➡️ Hero / Anti Hero / Villain ? ආරම්භයේදී Shibu Character එකත් Jaison වගේම තමයි හැසිරෙන්නේ හැබැයි යන්න යන්න ඒ Character එක හරි balance එකක් නැති නිසා තමයි Villain කෙනෙක් විදිහට Change වෙන්න ලොකුම හේතුව ? මේ දේ තමයි Shibu වතුරේ කිසිම Balance එකක් නැතුව ඉන්න ඒ Frame වලින් Director පෙන්නුම් කරලා තියෙන්නේ…
ඒ වගේම තමයි Shibu ගේ 1st Murder එක ➡️ එයාට Super Powers ලැබුණට පස්සේ එයා කරන ලොකුම වැරද්ද එයා ආදරේ කරන ගැහැණු ළමයගේ [Usha] අයියව මරණ එක ? ඉතින් Usha ගේ අයියා වැඩ කරන්නේ Jaison ගේ Tailor Shop එකේ ? ඒ Tailor Shop එකට Usha ගේ අයියව හිර කරලා Shibu සම්පූර්ණයෙන්ම Shop එකට ගිණි තියනවා ? ගිණි තියලා Shop එකෙන් එළියට ඇවිත් Shibu Shop එක ඉස්සරහා ඉදගෙන ඉන්නවා ? අන්න එතකොට Shibu ගේ Character එක උපරිම කළබල වෙලා ඒ කියන්නේ තමන් කළේ වරදක් කියලා ඒ වරද කළාට පස්සේ එයා තේරුම් අරගෙන ඉවරයි ? ඒ නිසා එයාට හරියට කතා කර ගන්නවත් බැරි වෙනවා හැබැයි එයාගේ ඒ Character එකේ Balance එක මොන වගේ Stage එකකද කියලා පෙන්නුම් කරන්න ➡️ ගින්නෙන් ඇති වෙන එළියෙන් Shibu ගේ හෙවණැල්ල බිත්තියට වැදෙනවා ? අන්න එතකොට එයාගේ හෙවණැල්ල හරි කෙලින් නෑ ගොඩක් ගැස්සෙනවා ? වතුරේ ඉන්නකොට එයාගේ Balance එක Silent Mood එකක තියෙන්නේ ඒකම මිනීමැරුමක් කළාට පස්සේ ඒ Balance එක Vibration Mood එකකට Change වෙනවා…
හැබැයි Jaison Character එක Balance full Character එකක් ? හැමදේම Planning එකක් අනුව කරන Character එකක් ➡️ Shibu Character එක Minnal Murali නම පාවිච්චි කරලා නරක වැඩ ගොඩක් කරනවා එතකොට ඒ Shibu තමයි කියලා Jaison දැන ගන්නේ Shibu ගේ ඇදුමෙන් පොඩි කෑල්ලක් තියාගෙන ? ඒ ඇදුමත් Jaison සල්ලි තියන්න Shop එකට යනකොට බිත්තියේ එල්ලලා තියෙනවා…
ඒ වගේම ඒ දේ Jaison ගොඩක් තදින් Note කරගෙන තියෙනවා ➡️ Shibu Vs Jaison 1st Clash එක යන අතර තමයි Shibu ගේ ඇදුම ඉරිලා කෑල්ලක් බිමට වැටෙන්නේ ? හැබැයි ඒ Clash එක අතරත් මේ වගේ ඇදුමෙන් කෑල්ලක් මේ හරියේ බිම වැටුනා කියලා Jaison හොදට Note කරලා තියෙනවා ❤ Usha ගේ අයියව මැරව ඒ Fake Minnal Murali ව හොයා ගන්න ඒ කියන්නේ Shibu ව හොයාගන්නේ කොහොමද කියලා හිතාගෙන ඉන්නකොට Jaison ගොඩක් තදින් දැනගෙන ඉන්නවා එයාගේ Shop එකේ ඉස්සරහ තියෙන CCTV Camera වෙන් අල්ල ගන්න පුළුවන් කියලා ? ඒ Record Footage එක ගිහින් පොලිසියට දුන්නට පස්සේ තමයි Shibu Vs Jaison 1st Clash එක Start වෙන්නේ…
දෙන්නගේ ඒ Character එක තුළ තියෙන Balance එක තමා Villain කවුද Hero කවුද කියලා තෝරගෙන තියෙන්නේ ? ඒ Balance එක Miss වෙලා තිබුණා නම්
Jaison Villain කෙනෙක් වෙන්න ඇති අවුරුදු ගාණක් තිස්සේ ගමේ උන් පිස්සා පිස්සා කියලා බනින Shibu Jaison ව මරලා Hero කෙනෙක් වෙන්න ඇති ? ඇයි කිව්වොත් Shibu ගමේ අයට වෛයිර කළේ නෑ එයාට පිස්සු කිව්වා කියලා හැබැයි Jaison ගමේ අයට විතරක් නෙමෙයි මුලු ගමටම කැමති නෑ ? ගමෙන් පිට වෙලා පිටරට යන එක තමයි එයාගේ ලොකුම Dream එක ? එහෙමත් Jaison ගමේ ඉන්න ලොකුම හේතුව එයාගේ Lover ? හැබැයි කෙල්ලත් එපා කිව්වට පස්සේ ඒ මොහොතේ Jaison මැරෙන්න උනත් බය වුනේ නෑ ඇයි කිව්වොත් අකුණු වැදෙනකොට Shibu බයට අතෙන් Cover කර ගන්නවා හැබැයි Jaison මුකුත්ම කරන්නේ නෑ ඔන්න ඔයේ හිටගෙන ඉන්නවා ? හැබැයි ටික දවසක් යනකොට Jaison ටික ටික Normal Stage එකට එයාව හදා ගන්නවා හැබැයි Shibu Usha ගැන දවසෙන් දවස හිතලා එයාගේ Balance එක තවත් නැති කර ගන්නවා ? ඉතින් ඒ Balance එක තමා Shibu Villain කෙනෙක් වෙන්න හේතුව Jaison Hero කෙනෙක් වෙන්න හේතුව…
තවත් පැහැදිලි කරලා කිව්වොත් ⬇️
Shibu , Usha ගේ අයියව මරන්නේ Usha ගේ අයියා Shibu ගේ අම්මට පිස්සු කිව්වා කියලා කේන්තියෙන් හැබැයි ඒකම Jaison ගේ පැත්තෙන් බැලුවොත් ➡️ Jaison ගේ තාත්තාට පොලිස් කාරයෝ එකතු වෙලා ගහනවා ? එහෙම කරලත් Jaison මරන්න ගියේ නෑ තට්ටුවක් දාලා Warning එකක් තමයි දීලා ආවේ ? පිස්සු කිව්වා කියලා මරන තරමට Shibu ගේ Balance එක හරි කෙලින් නෑ හැබැයි ඒකම තමන්ගේ තාත්තට ගහලත් Jaison ඒ පළිගැනීම වුනත් Planning අනුව ගාණට වැඩේ කරනවා ? Balance එක හරි කෙලින් තියෙනවා Jaison ගේ…
Jaison ට වගේම Shibu ටත් කෙනෙක්ට Warning එකක් දෙන Situation එකක් ඇති වෙනවා ඒ තමයි Shibu වැඩ කරන කඩේ මුදලාලි ? මුදලාලි Usha ව වැරදි විදිහට බැලුවා කියලා තමයි ඒ හරියේ Shibu කඩේ මුදලාලිව බය කරවන්න සම්පූර්ණයෙන්ම එයාගේ Magnet Power එක Use කරන්නේ ? හැබැයි ඒ මොහොතේ Shibu ටිකක් හරි විදිහට කල්පනා කරලා Jaison වගේම අතෙන් ගහලා පැත්තකට වුනා නම් මුදලාලි Shibu ව බලලා ඒ තරම් බය වෙන්නේ නෑ ? Jaison පොලිසියට ගැහුවා වගේ Shibu ත් කඩේ මුදලාලිට ගහලා තිබුණා නම් මුදලාලි ඒ දේ වැඩි කාලයක් මතක තියාගෙන ඉන්නේ නෑ ? හැබැයි Shibu එයාගේ Magnet Power එක ඒ මොහොතේ Use කරපු නිසා තමයි කඩේ මුදලාලි Shibu ව බලලා ඕනවටත් වඩා බය වෙන්නේ ? ඉතින් ගමේ එක එක දුෂ්ට වැඩ වෙනකොට මුදලාලිට අනුව ඒ වැඩේ කරන්නේ Shibu ඇයි කිව්වොත් Shibu එයාගේ Super Power Open ව පෙන්නලා ඉවරයි ගමේ කෙනෙක්ටම ? ඒ මොහොත එයා ටිකක් කල්පනා කරලා වැඩේ කළානම් හරියට අර පොලිසියට යනකොට මුහුණ Cover කරගෙන යන්නේ අන්න ඒ වගේ Planning එකක් අනුව ආරම්භයේදීම Shibu එයාගේ Powers Use කරලා තිබුණා නම් සමහරක් විට Jaison හැර ගමේ අය Shibu තමයි Fake Minnal Murali කියලා දැන ගන්නේ නෑ…
ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්වා ➡️ Usha මැරුණේ ගමේ අය නිසා ඒ දුකට තමයි Shibu Villain කෙනෙක් වුනේ / ගමේ අයව මරන්න හැදුවේ කියලා හැබැයි ටිකක් තදින් Note කරලා බලන්න ? Usha මැරෙන්න හේතුවත් Shibu තමයි ? Shibu සම්පූර්ණයෙන්ම Villain කෙනෙක් වෙන්න හේතුවත් Shibu තමයි ? Shibu ගේ තාත්තා බෝම්බ හදන කෙනෙක් ඉතින් ආරම්භයේදී Specific Scene එකකදි Shibu ගොඩක් Clean ව තාත්තව බලලා කියනවා [ගින්දර ලග තියාගෙන බෝම්බ හදන්න එපා පිපිරෙයි] කියලා ? ඒ කියන්නේ පොඩි ගිණි කෑල්ලක් ඇති මුලු ගෙදරම පිපිරෙන්න කියලා Shibu හොදටම දන්නවා ඒ පැත්තෙන් knowledge එකකුත් තියෙනවා Shibu ට ? හැබැයි ගමේ අය Shibu තමයි Fake Minnal Murali කියලා දැනගෙන Shibu ගේ ගෙදර්ට එනකොට ? ගමේ අය ළග ගිණි පොලු තියෙනවා කියලා දැනගෙනත් එයාගේ Power එක Use කරලා ගමේ අයව තව බය කරවලා වලිය තවත් අවුස්සලා ගන්නවා ? ඉතින් එයාට වැදෙන්න ඕන ගිණි පොල්ලක් ගිහින් ගෙදර්ට වැටෙනවා ගේ සම්පූර්ණයෙන්ම Blast වෙනකොට ඇතුලේ හිටිය Usha ත් මැරිලා යනවා ? ඒ හරියෙදිත් වුනේ Shibu ගේ Character ගොඩක් කළබල වුනා ➡️ Usha කියන්නේ එයා පොඩි කාලේ ඉදන් කැමති ගැහැණු ළමයෙක් හැබැයි වයසක් එනකොට Usha වෙන කෙනෙක්ව ආදරය කරලා එයත් එක්ක යනවා ඉටපස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ මිනිහා දාලා ගියා කියලා ආයේ ගමට එනවා දරුවෙක් එක්ක ? නමුත් Shibu ට ලොකු සතුටක් දැනෙනවා Usha ආයේ ගමට ආවා කියලා දැන ගත්තම හේතුව Shibu Usha ට ගොඩක් ආදරේ කරනවා ? Usha ගේ අයියා මැරුණට පස්සෙත් Shibu , Usha ට කියනවා දරුවා එක්ක එන්න අපි එකට ජීවත් වෙමු කියලා ? ඒක ඉතින් Shibu ගේ Background එකත් එක්ක Usha කෙරෙහි තියෙන අවංක ආදරයක් ඒම තියෙද්දි Usha ම ඇවිත් අන්තිමට මම ඔයාට ආදරෙයි අපි එකට ජීවත් වෙමු කියලා කිව්වම ? අන්න එතනදි Shibu සතුට වැඩි කමට කළබල වෙනවා ඒ අතර ගමේ අය එයාව මරන්න එනවා කියලා දැන ගත්ත නිසා බයට කළබල වෙනවා ? ඉතින් ඒ මොහොතේ Shibu ට ඒයාගේ Character Balance එක Break වෙනවා…
ඒ අතර Usha නැති වුන නිසා සම්පූර්ණයෙන්ම Villain කෙනෙක් විදිහට මාරු වෙනවා ? එහෙම නැත්නම් එයා තමයි Fake Minnal Murali කියලා ගමේ අය දැන ගත්තට පස්සෙත් එයා Anti Hero Stage එකේ තමයි ඉන්නේ ? එයාගේ Power එක Use කරලා එයාට පිස්සු කියලා කියන ගමේ අයව මරන්න හිතුවෙත් නෑ බය කරන්න හිතුවෙත් නෑ ? Jaison එක්ක කතා කරගෙන ඉන්නකොට තමයි ගමේ අය Shibu තමා Fake Minnal Murali කියලා වට කර ගන්නේ එතකොටත් Shibu Gentleman කෙනෙක් විදිහට Jaison ට කියනවා [මාව හොයාගෙන තමයි ගමේ අය ඇවිත් ඉන්නේ ඔයා මෙතනින් යන්න] කියලා ❤
● ඒ වගේම Film එකේ ආරම්භයේදී Jaison ගේ තාත්තා Jaison ව බලා ගන්න කියලා තව පොඩි කොල්ලෙක්ට බාර දීලා යනවා ? ඒ කොල්ලා වෙන කවුරුවත් නෙමේ Shibu ? [ඒ වගේ තමයි පේන්නේ]
● ඒ වගේම දෙන්නම Jaison & Shibu දෙන්නම තමන්ගේ Powers සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ Government එක සම්බන්ධ කරගෙන ➡️ ඒ කියන්නේ Shibu Bank Locker එකක් කඩනවා / Jaison පොලිසියට ගහනවා ? ඔය සිද්ධී දෙකම වෙන්නේ එකම රෑක…
● Shibu & Jaison ළග පූස් පැටව් දෙන්නෙක් ඉන්නවා වගෙත් පෙන්නුම් කරලා තියෙනවා ➡️ Jaison ළග ඉන්නේ සුදු පූස් පැටියෙක් / Shibu ළග ඉන්නේ කලු පූස් පැටියෙක් ? Positive & Negative Vibration එකක Reference එකක් විදිහට ගන්නත් පුළුවන් ඒක…
● Positive & Negative එකට දුන්න ලොකුම Reference එකක් විදිහට බලන්න පුළුවන් Characters දෙකේ නම් වල මුල් අකුර ➡️ Jaison = [J]esus / Shibu = [S]ATAN…
● Jaison & Shibu ට අකුණු වැදෙනකොට තවත් තැන් වලට අකුණු වැදෙනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ඒ වගේම වයසක සීයා කෙනෙක්ටත් අකුණු එළිය වැදෙනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා සමහරක් විට Jaison Shibu ට වගේම තවත් අයටත් අකුණු වැදෙන්න ඇති Powers එන්න ඇති ? ගොඩක් දුරට Trilogy එකකට දෙන Click Start එකක් වෙන්න පුළුවන් ❤ ඉදිරියේදී Minnal Murali 2 ආවොත් තවත් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්…
● Jaison & Shibu ට Powers ලැබිලා දවසක් විතර ගියාට පස්සේ දෙන්නම ගෙදර තියෙන ජනේලය තමයි ඉස්සෙල්ලම කඩන්නේ ? දෙන්නම පුහුණු වීම් කරලා මට්ටමකට එනකොට ගෙදර තියෙන ජනේල් දෙක සිමෙන්ති ගහලා Fix කරලා ? ඒක ලස්සන Continuity එකක්…
● ආරම්භයේදී පොලිස් නිලධාරින් එක්ක හොරෙක් ඉන්නවා ඒ හොරාම Specific Scene එකකදි එලුවෙක්ව ළග තියාගෙන ඉන්නවා ? ඉටපස්සේ තවත් එක Specific Scene එකකදි ඒ හොරාව පොලිසියෙන් අල්ලලා බනිනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ඒ අතර ඒ එලුවව පොලිසිය ඉස්සරහ ගැට ගහලා තියෙනවා වගේ පෙන්නුම් කරලා තියෙනවා ? Continuity…
● ඒ වගේම Film එකේ Starting Scene එකයි Ending Scene එකයි එකම විදිහට තමයි පෙන්නලා තියෙන්නේ ➡️ Starting එකේදිත් Background එකේ ගිණි ගන්නවා / Ending එකේදිත් Background එකේ ගිණි ගන්නවා ? Starting එකේ Jaison ගේ තාත්තා Spear Weapon එකක් තියාගෙන කෙනෙක්ව මරණවා වගේ Stage Drama එකක් තුළින් පෙන්නුම් කරලා තියෙනවා / Ending එකේදි Jaison ඒ වගේම Spear එකකින් තමයි Shibu ව මරන්නේ…
● ඒ වගේම ඒ දේ සිදුවෙන්න කලින් Shibu ගලක් උඩ ඉදගෙන ඉන්නවා වගේ පෙන්නුම් කරන්නේ අන්න ඒ හරියේ ලොකු පිළිමයක් තියෙනවා ➡️ කෙනෙක් අශ්වයෙක් උඩ ඉදගෙන Spear එකකින් Dragon කෙනෙක්ව මරනවා වගේ…
● ආරම්භයේදී Jaison Character එක පුළුවන් තරම් ගමෙන් ගමේ අයගෙන් දුරස් වෙලා ඉන්න තමයි බලන්නේ ? ඇදුම් වුනත් ගොඩක් Stylish මිනිහගේ හැබැයි ඒකම අවසානයේදී සම්පූර්ණයෙන්ම එයාගේ Style එක වෙනස් වෙලා එයත් ගමේම කෙනෙක් විදිහට මාරු වෙනවා ඇදුමෙන් පවා…
● ඒ වගේම තවත් පොඩි පොඩි අකුණු වැදෙනවා වගේ පෙන්නුම් කරනකොට අහසේ එක පැත්තක් නිල් පාටටයි තව පැත්තක් රතු පාටටයි පෙන්නුම් කරලා තියෙනවා සමහරක් විට Positive & Negative Reference එකක් වෙන්න ඇති ? නිල් පාට වලින් Super Heros එන්න පුලුවන් රතු පාටින් Super Villains එන්න පුලුවන් ඇයි කිව්වොත් Film එකේම Scene එකක් තියෙනවා School එකක Teacher කෙනෙක් අකුණු සම්බන්ධ පාඩමක් ගන්නවා ? එතකොට ඒ Teacher කියනවා [අකුණු වල Positive & Negative කියලා දෙකක් තියෙනවා] කියලා ? Part 2 ආවොත් බලා ගන්න පුළුවන්…
ඉතින් ආයේ කියනවා Minnal Murali කියන්නේ DC Marvel තරම් නෑ ඇයි කිව්වොත් Super Hero Films වලට Visuals Effects High Level එකකින් ඕන කරනවා Audience වුනත් ඒ දේට තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ ? ඒ වගේම Story එකකින් කොහොමද අපි Experience එකක් ලබා ගන්නේ ඒ තරමටම ප්‍රේක්ෂකයන්ට Visuals Experience ත් ගොඩක් වටිනවා ? Fast And Furious කිව්වම ගොඩක් දෙනෙක් Negative පැත්ත විතරයි බලන්නේ ➡️ [කතාව හරි නෑ කිසිම Logic එකක් නෑ] කියලා හැබැයි ඒ Films වල තියෙන ලොකුම Positive එක Visuals ? Logic නැති වුනත් කරන්න බැරි වුනත් ඒ දේ ඇත්තටම වෙනවා වගේ පෙන්නුම් කරන ඒ Visuals ? අපිට තාම හරි විදිහට Theatre’s නැති නිසා IMAX වගේ Screen වලින් Visuals Experience එකක් ලබා ගන්න අමාරුයි හැබැයි අනාගතයේදී ඒකටත් අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරමු ❤ ඒ වගේම Visuals විතරමයි කියලත් නෑ ? Minnal Murali වගේ Story එක පැත්තටත් අවධානයක් යොමු කරන්න ඕනේ ❤ පැහැදිලිව කිව්වොත් ➡️ Balance එක තියෙන්න ඕනේ ? ඒකත් ඕනේ මේකත් ඕනේ දෙකම Balance එකේ තියෙන්න ඕනේ ? නැත්නම් අවුල් යනවා සිනමාවට විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයන් අපිටත් ? Shibu ට කොහොමද Balance නැති සම්පූර්ණයෙන්ම Life එක Change වුනේ අන්න ඒ වගේම තමයි සිනමාවට ඔය කියන Balance එක නැති වුනොත් Game Over…
ඒ වගේම Minnal Murali කියන්නේ ➡️ මට කිසිම බයක් සැකක් නැතුව කියන්න පුළුවන් දැනට Indian Cinema වෙන් නිර්මාණය වුන Best Super Hero Film එකක් ❤ ?