Mimi (2021) Hindi by Tharuka Niroshan
විශ්වයේ උතුම් මවු පදවියේ සොදුරු ආදරය සොයා
ජිව්තයේ ඔයා බිංදුටම වැටිලා තනි උන දවසට, මේ ලෝකේ ඔයා පණ වගේ ආදරය කරපු දෙවල් ඔයාට නැති වෙලා ඔයා අඩන දවසට, එකම එක සුන්දර හදවතක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා.
ඒ තමයි ආදරණීය ” අම්මා”
ජිවිතයේ සමහර දෙවල් අපිට හම්බෙනකොට තවත් දෙවල් අපෙන් ගොඩාක් දුරට යනවා. ජිවිතේ එහෙමයි. අපි හිතන පතන දෙවල් කවමදාවත් අපිට ඒ විදියටම ලැබෙන්නේ නැ
තමන් ආස කරන දෙයක් ජිවිතේ නොලබෙනකොට අපි හිත හදා ගන්න කියනවා එක අපේ කරුමෙනේ කියලා. මොනා කරන්න ද ? මිනිස්සු නොලබිම් ළඟ හරිම අසරණයි. ජිව්තයේ දවසක ඔයාට හිතුනොත් මේ ලෝකේ මට තමයි හැමදෙම නොලබෙන්නේ කියලා අන්න එදාට ටිකක් හිතලා බලන්න අපිට වඩා ගොඩක් දෙවල් නොලබුන අය මේ ලෝකේ ඉන්නවා නේද කියලා.
මිනිසුන් අදහස් වලින් ආකල්ප වලින් අනිත් හැමොටම වඩා ඉදිරියෙන් අපි මොහොතකට අපේ අදහස් ආකල්ප අයින් කරලා ඇයි අපි ඉපදුනේ කියලා කල්පනා කරොත් ඇත්තටම අපි ඉපදුනේ අපි වගේම තවත් පරම් පරාවක් ලෝකෙට දායද කරන්න නේද කියලා හිතෙයි. මේ ලෝකේ කොච්චර දියුණු උනත් කොච්චර ඉදිරියට ගියත් අද වෙනකන් අම්මා කෙනෙක්ගේ රුධිරය කිරට හැරෙන්නේ කොහොමද කියලා හොයා ගන්න බැරි වෙලා තියෙනවා.
අසීමාන්තික දරු සෙනෙහසක් ඉදිරියේ අම්මා කෙනෙක්ගේ කැප කිරිම මෙතකයි කියලා අපිට කියලා නිම කරන්න බැ. දරා දසමාසයක් කුස තුල තියාගෙන හරියට කුසට ආහාරයක් නැතිව ඇය අප්‍රාමාණ දුකක් විදිනවා ආදරණීය ඔබ මා බිහි කරන්න. එත් ඒ දුක කවදාවත් අම්මා කෙනෙක් බරක් විදියට හිතන්නේ නැ දරුවෙක්ගේ මුනේ එක හිනා පොදක් දැක්ක ගමන් ඒ අම්මාගේ දුක නැති වෙලා යනවා.
මේ ලෝකේ හැම දියණියකගෙම හිතේ තියෙන හීනයක් තමයි කවමදාක හරී තමන් ආදරණීය අම්මා කෙනෙක් වෙන එක. එත් ජිව්තයේ ඒ අවස්තාව හැමොටම හම්බෙන්නේ නැ. පුංචි දියණියක් ළමා කාලය පහු කරලා වැඩිවියට පත් වෙනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ ඒ දියණියගේ අම්මා. මේවා හරිම අපුරු මානුෂික බැදිම් කියලා මට හිතෙනවා.
ජිවිතේ එකම එක දවසක් අපිට පුළුවන් නම් දරුවෙක් නැති අම්මා කෙනෙක් එක්ක මොහොතක් කතා කරන්න, ඒ අහිංසක හිනාව ඇතුලේ තියෙන දුක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. තමන්ගේ කුසින් දරුවෙක් හදන්න බැරි ගොඩක් අම්මලා ළමා නිවාස වලින් ගෙනත් දරුවො තමන්ගේ පණ වගේ බලා ගන්නවා. ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් බිහි කරන්න ඕනෙම නැ කියලා ඔයාලට මේ පුංචි කාරනෙන් හොදට තෙරුම් ගන්න පුළුවන් වේවි..
” ඕනාම කාන්තාවක් , දියණියක් , සහොදරියක් , මිතුරියක් කවදාත් අම්මා කෙනෙක් “
මටනම් හිතෙන්නේ එහෙමයි. මේ චිත්‍රපටය හදවතට කතා කරන නිර්මාණයක් විදියට හදුන්වලා දෙන්න මම කැමති.මේ ලෝකේ හැමදෙම මුදලට විකිනෙන මේ කාලයේ මවු පදවිය කිසිම දවසක මුදලට ගන්න බැ කියලා ඔයාලට මේ නිර්මාණය අවසානයෙදි හොදින් පැහැදිලි වෙනවානම් නොවානුමානයි.
මේ ලෝකේ හැම ගැහැණියකටම තමන්ට කියලා හීනයක් තියෙනවා. සමහර වෙලාවට ඒ හීන සියල්ලම තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප කරන ආදරණීය අම්මලා මේ ලෝකේ ඉන්නවා. අපි කතාවට අහනවා හැදුමවද වටින්නේ වැදු මවද කියලා. එත් අපි තෙරුම් ගන්න ඕන දෙයනම් දරු සෙනෙහස ඉදිරියේ කිසිම දවසක එහෙම වටිනාකම වෙනස් කරන්න නොහැකි බවයි.
අපි කටකතාවටත් කියනවා පිරිමි තමයි ගොඩකම් වල් කියලා. එත් ඔය මොන පිරිමියත් අම්මා කෙනෙක් දරුවෙක්ට කිරි දෙනකොට පියයුරු දිහා බලාගෙන ඉන්නේ නැ , ඒ තරම් හික්මිමක් පිරිමි අපි තුල තියෙනවා. කෙනෙක්ට හිතෙයි මෙතනට එහෙම දෙයක් සම්බන්ධ කරේ ඇයි කියලා. මේ නිර්මාණයයේ ප්‍රධාන කතාව යන්නේ ආදරණීය කාන්තාවක් වටා උනත් එතනින් එහාට ගියාම එක් පිරිමියෙක්ගේ වටිනා කැප කිරිමක් බලා ගන්න පුළුවන් වෙනවා. කවදාවත් දැකලා නැති අහම්බෙන් හම්බුන මිනිසුන් හරි අපුරුවට අපේ ජිවිත වලට හයියක් වෙනවා නේද කියලා ඒ කොටස් බලනකොට ඔයාට හොදින් තෙරුම් ගන්න පුළුවන් වෙවි..
සිනමා නිර්මාණයක් රස වින්දාහම අපිට කාලයක් යනකන් හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඉතින් මේ නිර්මාණය අවසානයෙත් එහෙම හිතන්න දෙයක් ඉතුරු උනා කිවොත් මම නිවරදි. දරා දසමාසයක් කුස තුල තියාගෙන ඉදලත් මවු නමට නිගා දිලා දරුවො දාලා යන අම්මලා ඉන්නවා. ඉතින් එහෙම අනාත ළමයින්ටත් ආදරණීය අම්මෙක් තාත්තෙක් හම්බුනොත් එයාලටත් තවත් ලස්සන ජිවිතයක් ඉතිරි වෙයි නේද ?
කෙනෙක්ගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න පුළුවන්. ජිව්තයේ කවමදාක හරී ඔයාට හම්බුනොත් දරුවෙක් නැති අම්මා කෙනෙක් එයා එක්ක කවදාවත් දරු සුරතල් ගැන කතා කරන්න යන්න එපා. එයා ඒ වෙලාවේ හිනා වෙලා ඔයා එක්ක කතා කරයි. එත් ඔයා එතනින් ගියාපු ගමන් ඒ සුන්දරත්වය අහිමි උන එකේ දුකට අඩයි.
සමහර තුවාල තියෙනවා එවා සනීප කරන්න බෙත් නැ එත් අපිට පුළුවන් ඒ තුවාල පාරන්නේ නැති ව සනීප වෙන්න දෙන්න. දරුවෙක් කියන්නේ සම්පතක් එකේ වටිනාකම දන්නේ දරු සුරතල් නොබලපු ආදරණීය කාන්තාවන්මයි…
