Mile 22 (2018) English by Peter Barthelot
සැතපුම් 22
2018 ‧ Crime/Thriller ‧ 1h 40m
6.1/10 IMDb
?ජේම්ස් සිල්වා (Mark Wahlberg) කෝඩ් නේම් Child 1, කුඩාකාලයේ සිටම වේගයෙන් සිතීමේ හා ක්ෂණිකව නිවැරැදි තීරණ ගැණිමේ හැකියාවෙන් පිරුණු පසු කාලයේදී ඇමරිකානු මැරයින් යුධ ප්‍රවීණයෙක් වු මොහු American Black Operation Agent කෙනෙක් විදියට සේවය කරයි. මොකක්ද මේ American Black Operation කියන්නේ. මොවුන්ගේ ක්රියාන්විතයන්වලට වගකීම මොවුන්ට පැවරෙන්නේ නෑ. අත් අඩංගුවට ගැනීම් නෑ. ඇල්ලුවා මැරුවා. මොවුන් රටේ නීතිය අනුව කටයුතු කිරීමක් නෑ. එනම් ගේම දුන්නා මාරු වුනා තියරිය. මෙය ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන එකක්.
?ලී නූර් (Iko Uwais) lko Uwais දන්නවනේ මෙයාව Tha Raid දෙකේම හිටියේ ඉන්දුනීසියානු සටන් නලුවෙක් වගේම සටන් අධ්‍යක්ෂකවරයෙක්. ලී නූර් – මෙයත් සිල්වට නොදෙවෙනි, මනස කියවන මැසිමටවත් සිල්වටවත් මෙයා හිතන දේ දැනගන්න බැරිවෙන්න ට්‍රිබල් ගේම් කාරයෙක්. ඒ බව දැනගන්න කොට ඔක්කෝම වෙලා හමාරයි. ඉන්දුනීසියානු පොලිස් නිලධාරියෙක් වගේම මේ Black Agent ලට ඔත්තු සපයන කෙනෙක්.
?ජේම්ස් බිෂොප් (John Malkovich) කෝඩ් නේම් “Mother”, මෙයා තමයි මේ Black Operation එක ලීඩ් කරන්නේ. අතී නවීන තාක්ෂණයයෙන් පිරිපුන් මේ team එකේ නායකයා නොහොත් අණදෙන්නා.
?ඇලිස් කීර් ( Lauren Cohan ) කෝඩ් නේම් child 2
මෙයාව නම් ගොඩාක් අය දන්නවා නේ. Supernatural , The Vampire Diaries සීරීස් වල හිටපු එක්කෙනා. ඇලිස් – එඩිතර ගැහෑණියක් වගේම දික්කසාද නිසා තම දරුවාගැන සිතමින් දුක්වෙන අම්මා කෙනෙක්. මෙයාගේ ප්‍රධාණ ඔත්තුකරුවෙක් තමයි මේ නූර්.
මේ වසරේ බිහිවු වෙනස් තේමාවක් යටතේ නිෂ්පාදනය වූ තවත් සාර්ථක ඇක්සන් ෆිලුමක් මේක. Peter Berg ගේ අධ්‍යක්ෂණයෙන් Mark Wahlberg, John Malkovich, Lauren Cohan, Iko Uwais, and Ronda Rousey ගේ රංගනයෙන්.
ඕවර්වොච් කියන කේත නාමයයටතේ caesium කියන රසායනිකය කුඩුවර්ගයක් මුදවා ගැනීම සදහා ඇමරිකාවතුල රුසියානු FSB safe house එකකට මේ Black Operation team එක පහර දෙන්න යනවා. මෙහිදී මේ නිවස අවටම රුසියානු කොලු ගැටයෙක්වත් මරලදානවා මේ team එක විසින්. කොහෝම වුනත් මේ රසායනික ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වෙනවා. මාස 18 කට පසුව ඉන්දුනීසියානු පොලිස් නිලධාරියෙක් වන නුර් මේ රසායනිකය ඇති ස්තානයන් ගැන තොරතුරු සමග ඇමරිකානු තානාපති කාර්යාලයට භාරවෙනවා. ඔහුගේ ඉල්ලීම ඇමරිකානු රැකවරණය ලබාදෙනවානම් මේ තොරතුරු ලබා දෙන බවයි. ඒ සදහා පැය 6 ක කාලයක් ලැබෙනවා. ඇමරිකාව මේ සදහා එකගවෙන අතරම ඉන්දුනීසියානු රජය විසින් මොහු මරාදැමීමට සැරසෙනවා. තානාපති කාර්යාලයේ සිට ගුවන් යානයට විනාඩි දහයක්තුල සැතපුම් 22 ක් මොහු රැගෙන යා යුතුයි. වගකිම සිල්වා හා මේ team එක විසින් භාරගන්නවා. කවුරුත් බලාපොරොත්තු නොවන අයුරින් හිතාගන්න බැරි අවසානයක් කරා ඇදිගිය මේ ෆිලුම අපට දෙවන කොටසකටත් අතවනා තිරය වසා දමණු ලබනවා??