Midsommar (2019) English | Sinhala Article

Midsommar (2019) English by vishu Rajapakshe

❗️චිත්‍රපටයේ ඇතුලත් සංකේත හා වැඩිදුර කරුණු සදහන් වන බැවින් spolier අඩංගු විය හැක.❗️
▪️නරඹා ඇති නම් අනිවාර්යෙන් කියවන්න
☀️“Midsommar” – ස්වීඩනයේ
ගිම්හානය”2019?
IMDb – 7.1/10
Rotten Tomatoes – 83%
Google Users – 66%
Genre – Horror/ Drama
Duration – 2h 18m
Starring – Florence Pugh, Will Poulter, Jack Reynor, Vilhelm Blomgren…
Age Restricted – 18+
ස්වීඩනය පැත්තේ ගිම්හානයක ට්‍රිප් එකක් යන්ද?? මේක බලපු අයනම් අනිවාරෙන්ම යනවා කියලා මං දන්නවා ?. අද මං කතා කරන්න යන්නේ 2019 වසරේ තිරගත වුණු Midsommar කියන horror සහ drama යන ශානරයන්ට අයත් ලොකු ආන්දෝලනයක්‌ සිදු කරපු චිත්‍රපටයක්.Ari Aster තමා මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ….
මං කතාව ගැන කෙටියෙන් කියන්නම්..Dani කියන්නේ මනෝවිද්‍යාව හදාරන ශිෂ්‍යයාවක්‌.ඒත් ඇය මානසික කඩාවැටිමකට ලක්‌ වෙන්නේ ඇයගේ සහෝදරියත් දෙමාපියනුත් සිය දිවි හානි කරගැනීමත් සමගයි.ඇගේ සහෝදරිය ස්ව ජිවිතයෙන් සමුගන්නේ දෙමාපියන්ද ඒ සමගම රැගෙන යන අන්දමින් කාබන් මොනොක්‌සයිඩ් වායුව නිවසේ පුරා පතුරවා හරිමිනි යි. මේ සිදුවීම් නිසා මානසිකව විදවමින් සිටි Dani ත් ඇගේ හැගීම් වලින් දුරස්තව සිටි ආදරවන්තයා වූ ක්‍රිස්ටියන් හා තිබුණු බැදීමත් මදක් පලුදු වෙනවා.ක්‍රිස්ටියන් සංස්කෘතික මානව විද්‍යාව ගැන හදාරන ශිෂ්‍යයෙක්.දවසක් මෙයාලගේ ස්වීඩනයෙ ඉන්න පෙලේ කියන මිතුරා ක්‍රිස්ටියන්ට වගේම ක්‍රිස්ටියන්ගේ මිත්‍රයෙක් වුණු ඒ විෂයම හදාරන ජෝෂ්ටත්, මාර්ක්ටත් ආරාධනා කරනවා අවුරුදු 90කට වතාවක් ස්වීඩනයේ ග්‍රාමීය පළාතක පවත්වන ග්‍රීෂ්ම සැනකෙලියට(Mid-summer) සහභාගී වෙන ලෙස..ඒත් ක්‍රිස්ටියන්ට ඕන වෙලා හිටියේ Dani සමග තියෙන සම්බන්දය නවත්තන්න, ඒ වගේම ඊට පස්සේ මේ සවාරිය යන්න ඇය නැතිව.ඒත් Dani මේ ගමන ගැන දැනගන්න නිසා ඇයටත් ආරාධනා කරනවා.මේ කට්ටිය ස්වීඩනයට පිටත් වෙලා අතර මගදී සයිමන් සහ කොනී කියන ජෝඩුව මුණගැහෙනවා, එයාලා ලන්ඩන් ඉදලා එන කපල් එකක්.එයාලටත් ආරාධනා කරලා තියෙන පෙලේගේ සහෝදරයෙක්…
මේ ගම්මානය හරිම සුන්දර, සංස්කෘතිය ආරක්ෂා වුණු ස්ථානයක්‌, විවේක ගන්නත් කලින් පෙලේ මෙයාලට පොඩි සංග්‍රහයක් දෙනවා..හතු වර්ගයක් “Psychedelic Mushroom” මේක මත්ද්‍රව්‍යක්‌ වගේ නිසා Dani ට මිය ගිය සහෝදරිය ගැන චිත්තරූප (Hallucinate) මැවෙන්න පවා ගන්නවා.මෙයාලගේ නවාතැන්පලත් විවිධ සිතුවම් වලින් අලංකාර වුණු බිත්ති තිබෙන සියලු දෙනාටම ඇදවල් තිබෙන විශාල ශාලාවක්‌ වගේ..කොහොම හරි මේ චාරිකාව මොවුන්ව කම්පනයට පත් කරන්නේ උදෑසනක නැරබීමට ලැබුණු චාරිත්‍රය නිසා.මහළු පිරිමි පුද්ගලයෙක් හා මහළු කාන්තාවක් හට ඔවුන්ගේ දිවි බිලි දීමට වන්නේ උස ගලක්‌ මුදුනේ සිට බිමට පැනයි.ලොකුම කම්පනේ වෙන්නේ එහෙම වැටිලා පණ ගැහෙන මනුස්සයන්ව නිසොල්මන් වන තෙක් විශාල ගල් මිටියකින් ඔලුවට පහර දෙන සිද්දිය නැරබීමෙන් අනතුරුවයි…
ඔන්න චිත්‍රපටය ගැන හැදින්වීමක් දුන්නා, එහෙනම් තවමත් නොබලපු අය මේ post එක bookmark/save කරලා චිත්‍රපටය නරබලා එන්නකෝ….ගොඩක් බය හිතෙන සිදුවීම් නෑ මොකද මං බැලුවා කියන්නේ එඩිතර ඔයාලට බලන්න බැරි වෙන් නැ?
?Spolier Aletrs appears from The Below Descriptions❗️❗️❗️❗️❗️
මං මුළු චිත්‍රපටයම තේරුම් කරන්න උත්සහ කරන්නේ නැ මොකද Mother! එකේ වගේ අභ්‍යන්තර කතාවක් මේකේ නෑ.ඉතින් මං කරුණු වශයෙන් මෙහි දකින්න ලැබෙන සංකේතාත්මක සිද්දි ගැන කියන්නම්..
?මේ චිත්‍රපටයේ නම “Mid-Summer” කියන උත්සවයට සම්බන්ද නිසාත්, මෙහි ඇත්තේ බිහිසුණු පැතිකඩක් පමණක් නිසාත් මෙයට Summer යන්නේ U අක්ෂරය O ලෙස ස්ථානගත කරලා “Midsommar” කියලා යොදාගෙන තියෙනවා.
? Ari Aster මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ break up චිත්‍රපටයක් එනම් විරහව පිළිබද චිත්‍රපටයක් විදියට. ඒ වගේම කෙනෙක් මිය ගියාම ඔවුන්ගේ සිරුර මරණයට සමාන වෙහෙසක් දරන්න ඕනේ මළගිය සමාජය සමග ජීවත් වෙන්න, ඒක දෙපාරක් මැරෙනවා වගේ කියලා අදහසක් දක්වලා තියෙනවා..
?උදාහරණයක් විදියට ආදරය අහිමි වන බව දැනගෙන මිය ගිය කෙනෙක් වගේ මනසින් දුර්වලව ජීවත් වෙන Dani ට මේ අමුතු සංස්කෘතික සමාජේ එක්ක ජීවත් වෙන්න හැඩගැහෙන්න ඇයට දෙපාරක් මිය යනවා වගේ පහු කරන්න වුණු සිද්දිය ඉහත අදහසට සමාන කරන්න පුළුවන්.
?සංකේත නැවත නැවත භාවිතය..මේ කතාව පුරාවටම සංකේත විටෙන් විට දකින්න ලැබෙනවා…ඒකෙන් අපේ මනස වෙහෙසෙනවා ඒවායේ තේරුම හොයන්න..ඒක ඉදිරියට වෙන දේ ගැන කුතුහලය ඇති කරන්න වගේ තමා යොදාගෙන තියෙන්නේ.හරියට කන්නාඩියෙන් දකින්න ලැබෙන ප්‍රතිබිම්භය සහ 8 ඉලක්කම හෝ 9 ඉලක්කම වගේ සංකේත..ඒ වගේම මතකනේ මේ ස්වීඩන, සංස්කෘතික ගම්මානේ මනුස්ස ජිවිතේ සෘතු 4ක්‌ විදියට බෙදලා දක්වනවා.ඒ එක් එක්‌ සෘතුවට අදාල වර්ෂ ආදි සියල්ල 8 ගුනාකාරයක්..එතකොට මේ ගමේ කෙනෙක් මිය යන්න ඕන වයස අවුරුදු 72ක්‌ විදියට සලකනවා..ඒ 8×9 ගුණ කළාම එන පිළිතුරයි. ඒ වගේම මේ උත්සවයත් අවුරුදු 90කට ගමනක් තමා පැවැත්වෙන්නේ..
?ඒ වගේම මෙහි දර්ශන කිහිපයක දර්ශන තලය දකුණේ සිට වමට ගමන් කරන ආකාරයෙන් පෙන්නන විට සැගවුණු රූප කිහිපයක් දැක ගන්න පුළුවන් වෙනවා.එක කොටසක එහෙම පෙන්නද්දී මුළු කැලෑවම එක්ව ගත් විට පැහැදිලි මුහුණක් ලෙස පෙනෙනවාලූ ..(මටත් ඒකනම් මතක නෑ) ආයේ බලද්දී අවධානයෙන් බලන්න.
?තව මේ ගමේ උදවිය කතාකරන ස්වීඩන භාෂාව සහිත දෙබස් වලට ඉංග්‍රීසි උපසිරැසි දීලා නෑ. ඒකෙන් මේ ඉංග්‍රීසි ජාතිකයො ටික මෙතන තනි වෙලා තියෙන බව දැනෙන අයුරින් ප්‍රේක්ෂකයන්ට සිතුවිලි ඇති කිරීමේ අදිටනින්.
?තවත් අපේ ඇස ගැටුන තැනක් තමයි ක්‍රිස්ටියන්ට විතරක්‌ අනිත් අයගේ බීම එකට වඩා තද පැහැයක බීම එකක් තිබුණු තැන. කොහොමහරි ඔහුව මේ අදහන්නො ඔහුව සංවාසයට තෝරාගන්නවානේ මාජා එක්ක. ඉතිං ඒ කෑම එකෙනුත් රෝම කොටසක් අහු වෙද්දී ඒක මාජා වැඩිවිය පත් වී ඇති බව ඔහුට හැඟවීමේ සිරිතක් විදියට කරපු දෙයක්.
?තවත් සංකේතයක්‌ තමා මල් ඔටුන්න,Dani මේ වගේ ගමනක් එයිදවත් හිතන්නේ නැති ආරම්භයේම Dani ගේ මිය ගිය පවුලේ අය අසල මේ මල් ඔටුන්නක්‌ දකින්න ලැබුණු බව සමහර ප්‍රේක්ෂකයො කියලා තියෙනවා. ඒකෙන් හැගෙන්නේ මේ ස්වීඩන චාරිකාව Dani වෙනුවෙන් මුල ඉදන් සැලසුම් වුණු එකක් කියලා බොහෝ අය විශ්වාස කරනවා.
?ඊළගට කතා කරන්න ඕනේ, මෙහි කන්නාඩි භාවිතය ගැන. නිතරම කන්නාඩි වලින් එකිනෙකාගේ ප්‍රතිබිම්භයන් දිස්වෙන දර්ශන යොදාගෙන තියෙනවා, තනිකම, හදවත බිදුණු බව හා බිහිසුණු බව දක්වන්න.
1. Dani ගේ පවුලේ අයගේ මළසිරුරු කන්නාඩියක් ඔස්සේ රූපගත කිරීම.
2.සෙවනැලි දිස් වීම.
මේ වගේ ප්‍රතිබිම්භ හා කන්නාඩි භාවිතයෙන් කතාවේ චරිත පිළිබද නොව, ඔවුන්ගේ මනස තුළ ඇති බිය පෙන්වීම සිදු කරලා තියෙනවා.
?මෙහි ආරම්භක දර්ශනයෙ එන සිසිරය හා ගිම්හානය අතර ඇති අනෙත් සෘතු දෙකේ පින්තූරයෙන් කතාව ආරම්භ වීමටත් ප්‍රථමව එහි අන්තර්ගතය සැලසුම් කර ඇති ආකාරය පිළිබද හඟවනවා.
?ඒ වගේම පළවෙනි පාරට බලද්දී අවධානය වැඩියෙන් නොයන, මාර්ක්ට සිදු වූයේ කුමක්ද යන කරුණ, දෙවෙනි වතාවට හොදින් බැලුවොත් ජෝෂ් හොරෙන් මෙහි චායාරූප ගැනීම හා ඇතුල් වීම තහනම් කරපු ග්‍රන්ථය තියෙන ස්ථානයට යන විට ඔහු භයානක මුහුණක් පැළද එන අයෙක් දකිනවා.. ඒත් හොදට බැලුවොත් ඒ මුහුණ මාර්ක්ගේ සමෙන් සෑදු එකක් බව බලාගන්න පුළුවන්.
?අනිත් සංකේතවත් අංගය තමයි Blood Eagle, හෙවත් රුහිරු රාජාලියා. මේ ගැන ලිපියක් වෙන කෙනෙක් විස්තරාත්මකව පල කරලා තිබුනා මතකයි. මං කමෙන්ට් එකක Midsommar ගැන අහල තිබුනා එතන. ඔව් ඒක නිවැරදියි, ගොඩක් අයට අපැහැදිලි වුණා සයිමන්ගේ මරණය, මොකද ඔහුගේ පණ ගැහෙන සිරුර මේ blood eagle ක්‍රමයට පෙනහළු තටු ආකාරයට ඉවතට රැගෙන එල්ලා තබා, මන්දගාමි, වේදනාකාරී මරණයක් ලබා දි තිබෙනවා දකින්න ලැබෙනවා ක්‍රිස්ටියන්ට..සයිමන් මතකනේ අර අනිත් ජෝඩුවේ කෙල්ලව දාල ගෙදර ගියා කියලා පණිවිඩයක් එන්නේ..
? ඒ වගේම Ari Aster ඔහුගේ අනෙකුත් චිත්‍රපට වල මෙන් ඔහුගේ පෞද්ගලික බියවල් සහ හිසේ ඇති කම්පනයන් මේ චිත්‍රපටය තුලත් ඇතුලත් කරලා තියෙනවා. එකක්, කිනිතුල්ලන්ට ඇති බිය මාර්ක්ගේ චරිතය තුලින් අරගෙන තියෙනවා. අනෙත් එක හිසේ කම්පන තත්වය කන්දෙන් පනින චාරිත්‍රයෙ බිමට වැටි මිය නොයන විට හිසට පහර දෙන සිදුවීමෙන් නිරුපනය කරනවා.
?ඒ වගේම මේ චිත්‍රපටය ගැන අදහස එන විට Aster ත් Breakup එකකට මුහුණ පා, නැවත හිත හදාගන්න උත්සහ දරමින් සිටි බව පවසනවා.ඒකයි මේ චිත්‍රපටයට Dani සහ Christian ගේ වෙන් වීම ඇතුලත් කරන්නේ.
?ඒ වගේම මේ චිත්‍රපටය ආදරය කරන ජෝඩුවකට නරබන්න එච්චර සුදුසු නෑ, මොකද අන්තිමේ ආදරෙන් හිටපු අයත් ඔලුවේ අමුතු බියක් පුරෝගන්න නිසා.ඒ නිසා චිත්‍රපටය තිරගත වන්නට පෙර පොඩි තරගයක් පවත්වා ජයග්‍රහණය කරන යුවලට මාස තුනක ආදර සබදතා සදහා දෙන මාස තුනක නොමිලේ උපදේශන සේවාවක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා.ඉතිං මේක කපල් එකක් බලනවානම් ගැටුම් තියෙන කට්ටිය නොබලා ඉන්න, නැතත් මේක යුවල ක්‌ විදියට නොබලා ඉන්න එක හොදයි කියන එක තමයි මගේ මතය.
??????????????
?ඇත්තටම ස්වීඩනයෙ මේ වගේ චාරිත්‍රමය ගිම්හාන උත්සවයක්‌ තියෙනවද? මොකද මේ චිත්‍රපටය නරබන අය ඉස්සරහට ස්වීඩනයට යන්න තිබුණු ගමන් පවා අවලංගු කලාලු. ඉතින් ස්වීඩනයෙ සිරිත් විරිත් හා සංස්කෘතිය ගැන Po Tidholm කියන මාධ්‍යවේදි කතුවරයා ලියපු පොතක් ඇසුරෙන් විස්තර ටිකක් සොයාගන්න ලැබුනා.
☀️MIDSUMMER උත්සවයෙ සත්‍ය තොරතුරු.
චිත්‍රපටයට පාදක වෙන්නේ පැරණි Pagan ඉතිහාසය බවයි සදහන් වෙන්නේ. නමුත් ඇත්තටමත් Midsummer උත්සවයෙත් පැරණි Pagan සම්ප්‍රදාය තිබුණු බවට සාක්ෂි තිබිලා තියෙනවා. දැන් දියුණු රටක් වන ස්වීඩනය දැනටත් ගිම්හාන නිවාඩුව ගත කරන්න ආරම්භ කරන්නේ ගිම්හානයෙ මැද කාලයේදි. ඒකයි Midsummer නැත්නම් ගිම්හානයෙ මධ්‍ය කියන නම එන්නේ. ඉතිං summer house වල වගේ නැවතිලා මේ ජාතිකයන්, අවේනික අහාර පාන වලින් වගේම ගොඩක් රෑ වෙනකන් අවදියෙන් ඉදලා ගිම්හානය සතුටින් ගත කරනවා. අතීතයේ Midsummer කාලය,වගාවන් වල සරු කාලය ලෙස සලකමින් ගිම්හානය පිළිගන්නට සිදු කරන උත්සව පැවැත්වූ බව කියනවා. පිරිමින් කොළ පැහැයෙන් සැරසී උස මැයි ස්ථම්භ(Maypole) ගෙවතු වල ඔසවා, මල්, කොළ වලින් සරසලා, ඒ වටා එක්‌ වී නැටුම් ගැයූම් පවත්වා තිබෙනවා. ඒ 1500ගණන් වල..
නමුත් මේ උත්සව චාරිත්‍රයක් ලෙස චිත්‍රපටයේ මෙන් බිලි වීම්, දිවි නසා ගැනිම් සිද්ද කරා කියන්න කිසිම සාක්ෂියක් නෑ.ගවේෂකයෝ කියන්නේ චිත්‍රපටය සදහා අරගෙන තියෙන්නේ වෙනත් යුරෝපිය පුරාණ චාරිත්‍ර විදි කියලා.උදාහරණයක් විදියට පුරාණ ජර්මනියේ bonfire වලදී මිනිස් ජිවිත දෙවියන් හට බිලි දීලා තියෙන කතන්දර කියවෙනවා.
Midsommar චිත්‍රපටයේ අන්තිම දර්ශනයේ තියෙන bonfire එකත් ඒ වගේ පුරාණ යුරෝපිය ඇදහිලි විශ්වාස අරගෙන කරපු එකක් මිස ස්වීඩනයේ මෙවැනි සිරිත් විරිත් තිබු බවක් සදහන් වෙන් නෑ.
ඕන් එහෙනම් බය නැතුව මේක බලලා ස්වීඩනයට යන්න පුළුවන්, කොහොමත් බිහිසුණු බව පෙන්වන්න හදපු චිත්‍රපට වල 100% සත්‍ය පෙන්වන්නේ නෑනේ.හැබැයි බලපු චිත්‍රපටවලින් තවමත් අමතක නොවන චිත්‍රපටයක්, ගොඩක් අවධානය අරගත්ත, කල්පනා කරන්න ගොඩක් දේ ඉතුරු කරපු චිත්‍රපටයක් විදියට Midsommar චිත්‍රපටය නිර්දේශ කරන්න පුළුවන්.හැබැයි 18ට වැඩි කස්ටියට තමා බලන්න පුළුවන්.?
Ari Aster
Download
Subtitle Download

විසූ රාජපක්ෂ (Cemré Clementine)

Writer

One comment

  1. Dimuthu Praboda

    thams 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *