Midnight Cowboy (1969) English by Upul Dissanayake
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් වැටුනා මතකයි..
නාගරීකරණය තුල..
………………………………………………………………….
අතිවිශිෂ්ට චිත්‍රපටයක් බව මම දැනං හිටිය..
ඕං දැනුයි බලන්න අවස්ථාව උදාකරගත්තෙ.
නිව්යෝර්ක් කියන්නෙ ගොඩක් අයගේ සිහින නගරයක් තමා,, කොටින්ම ඇමරිකාවෙ මිනිස්සුන්ට පවා.. ඇයි එහෙම හිතාන ඉන්නෙ..නිවියොර්ක් වල තියෙන සෝබනපිරි ජීවිත වල අසිරිය දකින නිසා..ඒ සැපවත් ජීවිත දකින කාටත් කෙලඋනනවා, අපටත් ඒ සමාජයට ඇතුලත් වෙන්න පුළුවන් නම් යැයි සිතා..නමුත් ඒ සිහින සැබෑ කරගන්නට හිතන තරම් ලේසි නැති බව සපත කරනවා මේ පිටපත.

මේ සිනමාකරුවා සමග සෝබන වැඩ කරන්න බෑ..සිනමාකරුවා යනු යතාර්ථය හෙලි කරන වාර්ථා කරුවෙක් ඒක කලාත්මකව ඉදිරිපත් කරන සොඳුරු නිර්මාණකරුවෙක් .. චිත්‍රපටයේ කතාකරන්නෙ..අධිපරිභෝජන වාදී, දැඩි තරඟකාරී රදල ආධිපත්‍යය නඩත්තු කරන්නට වෙර දරන සමාජයක.. ඒ සමාජයට ඇතුල් වීමට හීන දකින , ඒ සමාජයට පෑහෙන්නට විවිධ ක්‍රම අත්හදා බලන මිතුරන් දෙදෙනෙකුගේ කතාවක්. ඒ අසීරු/සංකීර්ණ සමාජය තුල දිවි ගෙවන්නට වෙර දරන මිනිසුන් ගැන කතාවක්.
මේ මිඩිනයිට් කවුබෝයි කියන පොත චිත්‍රපටයට නගන්නට කල්පනා කලේ – බ්‍රිතාන්‍ය New Wave හි වඩාත්ම බහුකාර්ය අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙකු වූ John Schlesinger-තුමා 1960 ගණන්වල අගභාගයේදී නිව්යෝර්ක් වෙත පැමිණියේ- මිඩ්නයිට් කව්බෝයි,නිපදවීමටයි..අර්බුදකාරී නගරයක යාථර්තවාදී සමාජ කියවීමක් සඳහා හොලිවුඩ් චිත්‍රපටවල නව යුගයක් ඇති කළ මිත්‍රත්වයේ චෞරාඛ්‍යාන කතාවකි. එකල එනම් 1969 කාලයේ විශම ලිංගික සහ සමලිංගික සබදතා පිළිබඳ විවෘත කතිකාවක යෙදීම එකල මහත් මතභේදයක් නිර්මාණය කිරීමට පාදක විය.. විවේචනාත්මකව සහ වාණිජමය සාර්ථකත්වයක්, ලබා ගත් Midnight Cowboy චිත්‍රපටය awards: Best Picture, Best Director and Best Adapted Screenplay. ඔස්කාර් සම්මාන ලැබූ අතර එය, පළමු X ශ්‍රේණිගත චිත්‍රපටයක් හොඳම චිත්‍රපටය ලෙස ජයලැබූ අවස්ථාව බවට පත් වූ අතර දශක ගණනාවකට පසුවත් තවම එහි බලපෑම ලෝක සිනමාවට ප්‍රතිරාවය කරයි.
නිවුයොර්ක් තුල ක්‍රියාත්මක වන බොහෝ ආකාරයේ සමාජ තත්වයන් පිළිඹිබු කරන්නට උත්සාහ දරා තිබෙනවා.. මේ චිත්‍රපටයේ ජොන්රා එක American buddy drama film… මොකක්ද මේ බඩී ෆිල්ම් කියන්නෙ..





මේ ශානරයේ චිත්‍රපට වල පුරෝගාමීන් වන්නෙ අප හැමෝම දන්නා, Laurel and Hardy කියන නිහඬ යුගයේ කොමඩි රජවරුන් දෙදෙනාගෙන්..
……………………………………………………
මේ චිත්‍රපටය මෙතරම් හොඳ නාමය ගන්නට වැදගත් වුන හේතු තමා, රියලිස්ටික් ස්ක්‍රිප්ට් එක..අධ්‍යක්ෂණය, වගේම අග්‍රගන්‍ය රඟපෑම්.. මාගේ සැමදාගෞරවාදරයට පත්වන ඒ මහා රංගනපෞර්ෂය.. Dustin Hoffman.. ඩස්ටින් හොෆ්මනයානන්.. සැමදා සැරදේ.. මගේ හොඳම නලුවන් ලැයිස්තු ගත කරන්නට මම කොයිම මොහොතෙවත් බිය වන්නේ නෑ.. එතනදී පලමු 12 ස් දෙනා අතර තැනක් මම හැම විට වෙන්කරනවා ඩස්ටින් හොෆ්මන් වෙනුවෙන්… එපමණ රංගන පරාසයක්/ පරිමාවක් තියෙන නලුවෙක්.. ඇත්තටම එහෙම නලුවො ඇමරිකාවෙ අඩුයි..(කොච්චර නලුවො හිටියත්)..හොෆ්මන් චරිතාංග නලුවෙක් වචනයේ පරිසමාප්තියෙන්ම ..
මෙහි ප්‍රධාන නලු.. ඇන්ජලීනා ජොලීගේ තාත්ත. ජෝන් වෙයිට්.. එයත් හොඳටම කරල තිබුන..
…………………………………………..
ධනවාදයේ භෞතික සලකුණ වන්නේ ප්‍රාග්ධනය සමුච්චය කිරීමයි. සෑම පූර්ව යුගයකම, ධනය සෙවීමේ අරමුණ වූයේ එය වියදම් කිරීමෙන් සතුටක් ලැබීමයි. ධනවාදය මිනිසා පිඩාවට පත්කරයි. එපමණක් නොව එම පිඩනයෙන් මිදිමට දුරාචාර මග පෙන්විම් කරයි. ඒ දුරාචාර නැවත ධනවාදයම පෝෂනය කරයි.. මෙයයි චිත්‍රපටය තුල ඇති දේශපාලනික යථාර්ථය බව මම වටහා ගතිමි..
……………………………………………………………….
The film placed 36th on the American Film Institute’s list of the 100 greatest American films of all time, and 43rd on its 2007 updated version. In 1994, Midnight Cowboy was deemed “culturally, historically or aesthetically significant” by the Library of Congress and selected for preservation in the United States National Film Registry.
Special thanks for remembering me to Lakshan Wickrema
Release date: May 25, 1969 (USA)
Director: John Schlesinger
Featured song: Everybody’s Talkin’
Adapted from: Midnight Cowboy
Distributed by: United Artists
Awards: Academy Award for Best Picture, MORE