Michael Jackson – Hold My Hand (Duet with Akon) by Theekshana Lankara
Hold• My• Hand
මයිකල් ජැක්සන් මියගියගොස් වසරකට පසු ඔහුගේ කටහඩින් එලිදැක්වු ගීතය…….
1958 අගෝස්තු 29 උපත ලද Michael ගේ 64 වෙනි ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. ඒකත් සමග තමයි මේ Article එක දැම්මේ. මෙම ගිතය මයිකල් ජැක්සන් සහ Akon විසින් ගායනා කරන ගිතයකි. මෙම ගීතය මුලින් පටිගත කරන ලද්දේ 2007 දී Akon සහ ජැක්සන් විසිනි. මෙම ගීතය රචනා කල ක්ලෝඩ් කෙලී පැවසුවේ “Hold My Hand ” මුලින් ලියා ඇත්තේ විට්නි හූස්ටන් මනසේ තබාගෙන බවයි.
ගීතය Michael ට ලැබුන ආකාරය ,
Akon සහ Kelly ලාස් වේගාස් වෙත ගියේ Michael Jakson ගේ මීළඟ ඇල්බමය කුමක් විය හැකිද යන්න පිළිබඳව දැන ගැනිමටය. එහි සිටියදී Jakson ගීතය අසා එයට ආදරය කළ අතර ඔහුට එයට දායක වීමට අවශ්‍ය බව තීරණය කළේය. Akon සහ Jakson යන දෙදෙනාගේම හිතට වැදුන මෙම ගීතය ගැන ඔබ සිතන්නේ කුමක්දැයි Kelley ගෙන් විමසූ විට, ඔහු පැවසුවේ එය මිත්‍රත්වය සහ එකමුතුකම යන ගීතයේ තේමාව බවයි.
“Hold My Hand” 2007 දී පටිගත කරන ලදී. නමුත් ගීතයේ සමහර කොටස් වල අඩුපාඩු තිබුනි. කෙසේ වෙතත් ගීතයේ නිම නොකළ තත්වය තුළ ගීතය 2008 දී එහි හඩපටයක් ලික්විම නිසා ප්‍රෙක්ෂකයන් තුල පැතිරගියේය. ජැක්සන්ගේ ජීවිත කාලය තුළ ලීක් වූ අවසාන නව ගීතය මෙය වනු ඇත. Leak වීම හේතුවෙන්, ගීතය පසුව Akon ගේ 2008 අතිජනප්‍රිය ඇල්බමය වන Freedom සඳහා ගීත ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී. Jakson ඊළඟ වසරේ ( 2009 ) මිය ගිය පසු එම තීරණය ගැන පසුතැවිලි වූ අතර ඔහුට ගෞරවයක් වශයෙන් ගීතය අවසන් කිරීමට Akon තීරණය කළේය.
Akon අදහස් දක්වමින් පැවසුවේ “ මීට වසර කිහිපයකට පෙර ගීතය Leak වු විට එය ඇසීමට ලෝකය සූදානම් නොවීය. අපි ඒ ගැන කම්පා වුණා. නමුත් දැන් එහි කාලය නිසැකවම පැමිණ තිබේ. දැන් එය ඇදහිය නොහැකි ලස්සන ගීයක් බවට පත් වී ඇත. මගේ සදාකාලික ගායක තරුවලින් එකක් වන මයිකල් සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ආඩම්බර වෙමි. ”
ගීතය නැවත නිර්මාණය ,
ගීතය නිල වශයෙන් නිකුත් කිරීමට පෙර, Akon Twitter හි ප්‍රකාශ කළේ අවසානයට සකස් කල ගීතයේ ජැක්සන්ගේ වැඩි ගායනයක් ඇති බවයි.මෙම ගීතය 2010 නොවැම්බර් 15 දින ගෝලීයව නිකුත් කරන ලදී. එය ජැක්සන්ගේ නිල වෙබ් අඩවියෙන් ප්‍රචාරණය කිරීමට හැකි විය. එම ගීතය වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර රටවල් කිහිපයක හොඳම ගීත 20 අතරට ඇතුළත් විය.
Akon 2010 නොවැම්බර් 22 දින ගීතයේ නිල වීඩියෝව සඳහා රූගත කිරීම් කැලිෆෝනියාවේ ටස්ටින් හි ආරම්භ විය . එය ප්‍රධාන රූගත කිරීම් ස්ථානයක් වුයේ මැරීන් කෝප්ස් හි ගුවන් යානා නැවතුම්පලයි. Jaksonගේ නිල වෙබ් අඩවියේ දැන්විමක් පළ කර තිබූ අතර එහි සදහන් වුයේ ” මෙම ගිතයේ නිල විඩියෝව සැකසිමේ සුවිශේෂී කර්තව්‍යයේ කොටස්කරුවෙකු වීමට කැමති සියලුම වයස්වල Michael Jaksonගේ රසිකයින් සොයමින් සිටින බවයි ”
පසුව සැකසු නිල විඩියෝව 2010 දෙසැම්බර් 4 වන දින තත්පර 30 ක ප්‍රචාරක පටයක් මයිකල් ජැක්සන්ගේ නිල යූ ටියුබ් නාලිකාවේ සහ නිල වෙබ් අඩවියේ නිකුත් කරන ලදී.
This life don’t last forever
මේ ජීවිතය සදහටම පවතින්නේ නැත
So tell me what we’re waiting for
ඉතින් මට කියන්න අපි බලා සිටින දේ
We’re Better Off Being Together
අපි එකට සිටීම වඩා හොඳය
Than being miserable alone
තනියම කාලය කා දමනවාට වඩා
Cause I’ve been there before
මොකද මම කලින් එහෙ ගිහින් තියෙනවා
And you’ve been there before
අනික ඔයා ඉස්සර ඉඳල තියෙනව
But together we can be alright.
නමුත් එකට අපිට හොඳින් ඉන්න පුළුවන්.
Cause when it gets dark and when it gets cold
මන්ද එය අඳුරු වන විට සහ සීතල වන විට
We hold each other until we see the sunlight
අපි හිරු එළිය දකින තුරු අපි එකිනෙකා අල්ලාගෙන සිටිමු
The nights are getting darker
රාත්‍රීන් අඳුරු වෙමින් පවතී
And there’s no peace inside
ඇතුළත සාමයක් නැත
So why make our lives harder
ඉතින් ඇයි අපේ ජීවිත අමාරු කරන්නේ
By fighting love, tonight.
අද රැ ආදරය සමඟ සටන් කිරීමෙන්,
I can tell you’re tired of being lonely
මට කියන්න පුළුවන් ඔයා තනිකමෙන් ඉදලා මහන්සියි කියලා
Take my hand don’t let go baby hold me
මගේ අත ගන්න යන්න දෙන්න එපා බබා මාව අල්ලගන්න
Come to me and let me be your one and only
මා වෙත පැමිණ මට ඔබේ එකම තැනැත්තා වීමට ඉඩ දෙන්න
So I can make it alright till the morning
ඒ නිසා මට උදේ වෙනකම් ඒක හරියන්න පුළුවන්
Hold my hand
මගේ අත අල්ලාගන්න
Baby I promise that I’ll do
බබා මම පොරොන්දු වෙනවා මම කරන්නම් කියලා
All I can
මට හැකි සියල්ල
Things will get better if you just hold my hand
ඔයා මගේ අතින් අල්ලගත්තොත් හැමදේම හොඳ වෙයි
Nothing can come between us if you just hold,
ඔබ අත අල්ලාගෙන සිටියහොත් කිසිවක් අප අතරට පැමිණිය නොහැක
Hold my, hold, hold my, hold, hold my hand.
මගේ අල්ලන්න, අල්ලගන්න, අල්ලගන්න, මගේ අත අල්ලගන්න
මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මේ සින්දුව ලිව්වේ ” Whitney Houston “ විසින් බව. Michael සහ Whitney ටික කලක් හෝ එකට කාලය ගතකල නිසා සමහරු එහෙම කියනවත් ඇති. සමහර විට එහෙම නොවෙනවත් ඇති. නමුත් අද වන විට Whitney හෝ Michael ජිවිතයෙන් සමුගෙන ඇත. Michael හිටියනම් අදට අවුරුදු 64 ක්. එහෙම වුනානම් සංගීත ලොකයේ කාටවත් හොල්ලන්නවත් බැරි වාර්තා බොහෝමයක් ඔහු සනිටුහන් කරාවි…….
Video – Mr.CJS
සටහන – Mr.CJS
Full Song