Memories (2013) Malayalam | Sinhala Article

Memories (2013) Malayalam

94% liked this film Google users

අමානුෂික පළිගැනීම් කළ දාම ඝාතකයා..

“මෙයා මිය ගිහින් පැය 15 විතර වෙනවා.
ලේ ගිහින් වෙලා තියෙන්නේ.
සිරුරේ බිදිම් සහ තැලීම් මොනවත් නැ
තියෙන්නේ පපුවේ තියෙන තුවාල විතරයි “

මේ ලෝකේ අපි හැමොවම ජිවත් කරවන්නේ මතකයන් සමහර මතකයන් සුන්දර වෙනකොට තවත් මතකන් අපේ හිතට වේදනාවන් එකතු කරනවා. මේ ලෝකේ අපිට සුන්දර මතකන් ගොඩක් එකතු වෙලා තිබුනොත් අපිට පුළුවන් එවා මතක් කර කර සතුටු වෙන්න. එත් අපේ ජිවිතයට දුක පිරුණු මතකයන් එකතු වෙලා තිබුනොත් කවමදාවත් එහෙම සතුටින් ඉන්න ලැබෙන්නේ නැ

මේ ලෝකේ අපි හැමොම කැමති සතුටින් ඉන්න සමහර විට අපි හොයන සතුට තියෙන්නේ අපි ලගමයි. ඒ සතුටට එක හේතුවක් තමයි අපේ පවුල. බිරිද දරුවෝ,අම්මා එක්ක සතුටින් ඉන්න පවුල කෙතරම් ලස්සනයි ද , සාමය සතුට නිතරම ඒ පවුල තුල තියෙනකොට අපිව අපිටත් නොදනීම ජිවත් කරවනවා. එත් මේ කිසිම දෙයක් තාවකාලික නැ , අපි ආදරය කරන අය කවදා හරී දවසක යන්න යනවා. අන්න එදාට අපි මේ ලෝකේ තනි වෙනවා.

අපිට කවදා හරී ඒ දෙට මුහුන දෙන්න සිද්ද වෙනවා. එත් එහෙම අපි ආදර කරන අය අපේ ඉදිරිපිට කෙනෙක් මරලා දැමොමොත් අපි ඒ මොහොතේ සිට ජිවත් වෙන්නේ මැරුණ මිනිහෙක් වගේ කියලයි මටනම් හිතෙන්නේ.මේ වගේ අසුන්දර මතකයන් වලින් තමයි අද අපි කතා කරන්න යන සිනමා නිර්මාණය ආරම්භ වෙන්නේ, මූලිකම දර්ශන නිසා හිතට වේදනවාක් ඇති වෙනවා නොවානුමානයි.

අපි මේ ලෝකේ හැමදාම කෙනෙක්ව විශ්වාස කරනවා. සමහරු ඒ විශ්වාසය හැමදාම රකිනවා. තවත් අය ඒ විශ්වාස එක මොහොතකටවත් රකින්නේ නැ , මිනිසුන් විදියට එයාලා එකිනෙකාට වෙනස් වෙන නිසා මේ වගේ වෙනවා කියලා තමයි මටනම් හිතෙන්නේ. අපිට එයට වරදක් කියන්න බැ , මොකද මේ ලෝකේ හැමොම අපි වගේ නොවෙන නිසා.

ජිවිතයේ අපි කරන එකම එක බොරුවකට පුළුවන් තවත් අහිංසක ජිවිත ගොඩක් විනාශ කරන්න. මේ නිර්මාණය අවසාන වෙනකොට ඒ බව ඔයාලට හොදින් තෙරුම් ගන්න පුළුවන් වේවි. ගුරුවරු වගේම වැඩිහිටි අයත් අපිට අවවාද දෙන්නේ අපි යහමගට ගන්න. නමුත් අපි ඒ අවවාද කරපු අයගෙන් පළිගන්න ගියොත් අපිටම වෙන්නේ පසුකාලීනව දුක් විදින්න.

මේ ලෝකේ හැම මිනිසාටම හැගීම් දැනීම් තියෙනවා.ආදරය උනත් කෙනාගෙන් කෙනාට දැනෙන විදිය වෙනස්, අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට, එත් අපි අකමැති කෙනෙක් අපෙන් ආදරය ඉල්ලුවොත් බොරුවට ආදරය කරලා එයාව රවට්ටනවාට වඩා එයාට ඇත්ත කියලා තෙරුම් කරන එක යහපත් කියලා මටනම් හිතෙනවා.

මේ ලෝකේ මිනිසෙක්ට දෙන්න පුළුවන් ලොකුම දඩුවම තමයි එයා ජිවත් වෙලා ඉන්නකොටම එයාගේ හැගීම් මරණ එක, හැගීම් මිය ගිය කෙනෙක් කිසිම දවසක සමාජයට ආදරය කරන්නෙවත් , සමාජයට ගරු කරන්නෙවත් නැ කියලා මේ නිර්මාණය අවසානයේ හරිම අපුරිවට කියලා දෙනවා.

මේ ලෝකෙට අපි ඉපදෙන්නේ තනියම , අපි දවසක මේ ලෝකෙන් යන්න යන්නේ තනියම, ඒ කාලය ඇතුලත අපි ගොඩක් බැදිම් ඇති කර ගන්නවා. ඒවා නැති උනාම අපි දුක් වෙවී අකලට පරවුන මල් වගේ ජිවත් වෙනවා. එත් අපිට හැමදාම එහෙම ඉන්න බැ , මොකද අපි කැමති උනත් අකමැති උනත් මේ ගමන අපි ඉස්සරහට යන්නම ඕන නිසා.

චිත්‍රපටය කුතුහලය එකතු වෙන ආකාරයෙන් නිර්මාණය කරලා තිබුනා. ඒ වගේම නිර්මාණය අලංකාර මළයාලම් ගීත වලින් නිර්මාණය වෙලා තිබුනා. බලපු නැති අයට ආරාධනා කරනවා නිර්මාණය නරඹන්න කියලා.

Jeethu Joseph
Initial releaseAugust 9, 2013 (India)
Box office₹1.95 billion
Budget₹34 million

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *