Memento 2000 – මතකයක වියරුව
ඉස්සෙල්ලාම කියන්න ඕන මේක පරනයි කියලා අතඅරින්න එපා චිත්‍රපටි බලන අය . මොකද මේකත් වෙනස්ම චිත්‍රපටියක් නොලන් බොසාගේ. ඉදලා ඉදලා පොල්ලෙන් ඔලුවට දමලා ගැසිම්
, හිතුවෙවත් නැති වෙලාවට ” මොකක්ද ඒ වුනේ ” කියලා කියවෙන චිත්‍රපටියක් Memento කියන්නේ . සමහරු කියනවා මේක Gajini වගේ කියලා . Gajini කියන්නේ වෙනමම කතාවක්. Memento චිත්‍රපටිය සම්පුර්ණයෙන් වෙනස් ඒකට වඩා සහ සමහර ස්ථාන වලදි චිත්‍රපටිය හිතන් නැති විදියට උඩු යටි කුරු වෙනවා. ඒ වගෙම තමයි Gajini වගේ නෙමෙි memento චිත්‍රපටිය සංකිර්ණයි . Memento චිත්‍රපටිය මතුපිටින් නරඹලා තේරුම් ගන්න අමාරැයි.



කතාව පටන් ගැනෙන්නේ camera (අර Photo එකක් ගත්තහම ඒක print වෙලාම එන cameras ජාතියක් තියෙන්නේ, අන්න ඒකක්) එකකින් අරගත්තු ෆොටෝ එකක් දිහා බලන් ඉන්න Leonard Shelby (Lenny) හා ඔහු ඉදිරියේ මැරී වැටී සිටින Teddy නම් පුද්ගලයෙකු ගේ දර්ශනයකිනි. මෙහිදී, මුල සිටම කතාව ආපස්සට ගලා යන්නේ . ඒ කියන්නේ ෆිල්ම් එක පටන් ගන්නේ අග සිට මුලට වාගේය.


පුද්ගලයින් දෙදෙනෙක් නිවසට ඇතුළු වී කරන ලද පහර දීමකින් Lenny ගේ බිරිඳ මියයන අතර, ඇය බේරාගැනීමට යාමේදී එක් කොල්ලකරුවෙක් Lenny අතින් මිය යනවා. අනෙක් කොල්ලකරුවා එල්ල කරන ලද පහරකින් Lenny බරපතල තුවාල ලබයි.
මේ අනතුරින් පසුව Lenny ට ඔහුගේ කෙටි කාලීන මතක තබා ගැනීමේ හැකියාව සම්පුර්ණයෙන්ම නැතිවී යන අතර ඔහුට මතක ඇති එකම දෙය නම් ඔහුගේ බිරිඳ මියයන අවස්ථාව පමණි. ඇත්තටම කියනවා නම් Lenny ට මතක තබා ගත හැක්කේ විනාඩි 15ක පමණ කාලයක් තුල සිදුවූ දේවල් පමණි, විනාඩි 15කට පමණ පසු මුලින් සිදුවූ දේවල් ඔහුට අමතක වී යයි.


Lenny රක්ෂණ නිලධාරියෙක් ලෙස මුලදී සේවය කර ඇති අතර, අනතුරින් පසුව ඔහුගේ රැකියාවට කුමක් සිදුවුනේ දැයි සඳහන් නොවේ.


චිත්‍රපටියට අනුව Lenny ට හමුවන ඔහුගේ සමාගම හරහා රක්ෂණ ඔප්පුවක් ලබා ගත් Sammy Jankis නම් පරණ පාරිභෝගිකයෙක්ට ද මේ වගේම අසනිපයම තිබෙනවා. Sammy ද හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසුව Short-term memory loss වූ අයෙක්. Sammy ගේ බිරිඳ ඔහුගේ මේ අසනීපය නිසා දැඩි සිත් තැව්ලෙන් පසුවෙනවා. ඇයට Sammy ගේ මෙම අසනීපය සැබෑවක් දැයි සැකහැර දැන ගැනීමට අවශ්ය වෙනවා. මේ සඳහා ඇය යොදාගන්නේ ඇයගේ දියවැඩියාව සඳහා ලබා ගත යුතු Insulin මාත්රාව ලබා දීමට Sammy ව යොදා ගැනීමෙනි. අවසානයේ ඇයට තේරුම් යනවා Sammy ට සැබෑවටම Amnesia මානසික රෝගය ඇති බවත්, ඔහු එයින් සුවවීම සිදු නොවියහැකි දෙයක් බවත්. Insulin අධි මාත්රාවක් ශරීරගතවීමෙන් ඇය එතැනම මිය යනවා. Lenny නිතරම Sammy පිළිබඳව වූ මේ විස්තර තවත් අයෙකුට දුරකථනය හරහා පවසනවා පෙන්වනවා.


ඔබ හොඳින් නිරික්ෂණය කලහොත් මෙහි රුපරමු වර්ග 2ක් ඇති බව පෙනියාවි .
• කළු සුදු රුපරාමු – අතීත සිද්ධීන්ය, ඒවා එකිනෙක පිලිවෙලකට අනුව ගලා යයි.
• වර්ණ රුපරාමු – මේවා සියල්ල ගලා යන්නේ කාලයේ ආපස්සටය, අග සිට මුලටය. ඒවා අපිළිවෙලට ගලා යන අතර ගලායාමේ පිලිවෙලක් එකක් නැත.


චිත්‍රරපටයේ අවසාන භාගයට ටිකකට යමු, Lenny විසින් Jimmy නම් Drug Dealer ව ඝාතනය කල තැනට….
මෙතන හොඳින් බැලුවොත් ඔබට පෙනෙනවා ඇති ෆිල්ම් එකේ තියෙන Timelines දෙක cross වෙන අවස්ථාව. කළු සුදු රූපරාමු වල සිට වර්ණ රූපරාමු වලට කතාව මාරුවෙන අවස්ථාව. ඒ කියන්නේ දැන්, කතාවේ අතීත සිදුවීම් සිදුවී හමාරයි.
Teddy පවසන පරිදි, ඔහු Lenny ගේ බිරිඳව දුෂණයට ලක් කල අපරාධකාරය සෙවීමේ සිද්ධිය සම්බන්ධව භාරව සිටි, Officer Gammell නම් පොලිස් නිලධරියාය. මීට අවුරුද්දකට පමණ පෙර Lenny විසින් ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට උත්සහ කළ ඒ පුද්ගලයාව ඝාතනය කර තම ආශාව සංසිදුවා ගත් බවත්, එය Teddy ඡායාරූප ගත කරගත් බවටත් සාක්ෂි ලෙස Polaroid ඡායාරුපයක් ද පෙන්වයි. එහිදි ඔවුන් අතර බහින්බස් විමක් සිදුවෙයි .
Lenny ඉහත සඳහන් කල ආරවුලෙන් පසුව Teddy ව අවිශ්වාස කිරීමටත්, Tattoo Fact – 6 ලෙස, Teddy ගේ Car එකේ License Number එක පච්චා කොටා ගැනීමත් සිදුකරගන්නවා. එදා සිට ඔහුගේ Tattoo දත්තයන් අනුව ඔහු සිතන්නේ Tattoo Fact – 6 යනු John G ගේ car එකේ License Number එක බවයි. ඉන්පසු දිනක Natalie ට Tattoo Fact – 6 ලෙස දෙන්නේ ද, Teddy ගේ එම Car එකේ License Number එකය. ඉතින් Natalie ලබාදුන් තොරතුරු ඉබේම Teddy ගේ විස්තර එක්ක ගැලපෙනවා. අවාසනාවකට ඔහුගේ නම ද John Gammell (නැතිනම් John G) වීමය. Lenny සතු අනෙක් තොරතුරු ද Teddy ගේ සාමාන්ය දත්ත හා අහඹු ලෙස ගැලපිමය. ෆිල්ම් එකේ මුලදී, නැත්තම් මේ මුළු කතාවේම අවසානයේ දී Teddy, Lenny අතින් වෙඩි කා මිය යනවා. අපිට කතාවේ අන්තිම රුප රාමු තුල අපට පෙන්නනවා Car එක drive කරන් tattoo ෂොප් එකට යන අතරමගදී Lenny ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා. ඒ තුල ඔහු දකිනවා Lenny ඔහුගේ බිරිඳත් එක්ක සිටින දර්ශනයක්. එතැන හොඳින් නිරීක්ෂණය කරන්න.

ඔබ දැක්කද? ෆිල්ම් එකේ කිසිම තැනක Lenny ගේ ඇඟේ කලින් දැක්කේ නැති Tattoo එකක් ඔහුගේ වම් පපුවේ කොටා ඇති අයුරුත් (I’ve Done it), ඔහුගේ බිරිඳ එය අතගාමින් සිටින අයුරුත්. මෙය Lenny විසින්ම කොටා ගත් එකක් බව පැහැදිලිව පෙනෙනවා. tattoo shop එකට යාමට කලින් ඔහු කලින් සැකකරන කරන John G ව ඝාතනය කිරීමෙන් (ඔහු John G ලෙස විශ්වාස කර සිටින Jimmy ව ඊට ටික වෙලාවකට කලින් ඝාතනය කරන නිසා ඒ සිද්ධිය ඔහුගේ Short Term memory එකේ තාමත් ඇත) ඔහු සිය බිරිඳට, ඇගේ මරණයට සාධාරණයක් ඉටු කළා යන හැඟීම හා ඔහුගේ ආශාවන් සංසිඳුවා ගත්තා යන සිතුවිල්ල නිසා ඔහුගේ හිතේ මැවුණු හිතළුවක් පමණක් බවය. Memento ෆිල්ම් එක ළඟ තියෙන අය චිත්රපටයේ පැය 01 විනාඩි 30 තත්පර 02 වන දර්ශනය ඉතාම හොඳින් නරඹන්න… ඒක දැක්කද?…
ඔබට පෙනෙනවා ඇති මානසික රෝහලක පුටුවක වාඩිවී සිටින Sammy ව. පසුව ඒ පුටුවේ සිටින පුද්ගලයා අපේ කථානායක Lenny බව පෙන්වා රූප රාමුව එක් ක්ෂණයකින් මාරු වෙනවා. හොඳින් බලන්න. මේක පෙන්නන්නේ තත්පරයෙන් 1/5 ක් වගේ ඉතාම අඩු කාලෙකින්. ඕක ෆිල්ම් එක නිකන්ම බලන් ඉන්න අපිට නම් කීයටවත් පේන්නේ නෑ.
චිත්රපටයේ කිහිප තැනකම, Lenny තමා Amnesia ( සිහියක් නොමැති ) රෝගියෙකු නොවන බවත් තමාට ඇත්තේ කෙටි කාලින මතක නැතිවිමක් පමණක් බවත් කිහිප දෙනෙකුටම පවසයි. Lenny තමා මානසික රෝගියෙකු බව විශ්වාස කිරීමට අකමැතිය. එනිසා ඔහු ඔහුට අවශ්ය පරිදි ඔහුගේ fantasy ජීවිතය ගොඩනග ගන්නවා.


ෆැන්ටසියක් කියන්නේ අපි හිතෙන් හදාගන්න ලොකයක්. හරියට ” මනෝ පාරක් ” කියලා කියන්නේ අන්න ඒ වගේ කියලා හිතන්න.


Lenny ට තියෙන මානසික ආබාධය තමයි Anterograde amnesia කියලා කියන්නේ මේක මතකය සම්බන්ධ මානසික අබාධයක් . මානසික රොගය ඇතිවිමට තුඩු දුන් සිදුවීමට පෙර දිගුකාලීන මතකයන් නොවෙනස්ව පවතී. සමහර පුද්ගලයන්ට සිදුවීමට පෙර නිර්මාණය කරන ලද මතකයන් නැති වී යන අතර නව මතකයන් තවමත් නිර්මාණය කළ හැකිය. මෙම අවස්ථා දෙකම එකම රෝගියෙකු තුළ එකට ඇති විය හැක. ඇත්තටම Lenny යනු Anterograde Amnesia මානසික රෝගයෙන් පෙළෙන්නෙකි. ඔහුගේ ඇත්ත නම Sammy Jankis ය. (ඔව්, අර Lenny ටෙලිෆෝන් එකෙන් විස්තර කරන කතාවේ ඉන්න Sammy Jankis ය. ) Lenny ගේ වම් අතේ පච්චා කොටන් ඉන්න “Remember Sammy Jankis” යනු Lenny ගේ ඇත්තම නමය. නමුත් ඔහුට දැන් ඔහුගේ ඇත්ත නම Sammy Jankis බවට මතක නැත. නොඑසේ නම් තමාගේ fantasy එක විසින්ම ඔහුට ඒ නම අමතක කරවා ඇත.
මේ කියන විදිහට, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් Lenny ගේ නිවසට ඇතුළු වන්නේ වත්, Lenny විසින් වෙඩි තැබීමෙන් කිසිවෙක් මියයන්නේ වත් නැත. ඔහුගේ බිරිඳට කිසිදු කරදරයක් සිදුවන්නේ ද නැත. අනෙක් කොල්ලකරුවා එල්ල කරන ලද පහරකින් Lenny බරපතල තුවාල ලබන්නේ ද නැත. ඔහු කියන ආකාරයෙන් හිසට සිදුවන තුවාලයක් නිසා ඔහුට Short-term memory loss එකක් ඇතිවන්නේ ද නැත. මේ සම්පුර්ණ සිද්ධියම Lenny ගේ හිතළුවකි. Fantasy එකකි. මේ සියල්ලම Lenny තම fantasy එක තුල ගොඩ නගා ගත් හිතළුය.



උඩ ලිපියහි අන්තර්ගතය – ලිපියේ අයිතිය – චානක කොලඹගේ සොහොයුරාට

ඇත්තටම නොලන් බොසා අපිට පෙන්න්නේ මානසික රොගියෙකුගේ කතාවක්. තම බිරිද මැරුන දුක , තමාගේ දෛනික ජවිතය අහිමි විම වැනි කරුනු නිසාම ඒ ඒ මානසික ගැටලු වලින් මිදෙන්න ඔහු විසින්ම ගොඩගාගත් කතාවකුයි Lenny අපිට කියන්නේ. ලෙනි කවදාවත් මානසික රොහලෙන් එලියට නොයන්නට ඇති . මොකද ඔහු ගොඩනගා ගත් කතාව ඔහුගේ සිත තුල ක්‍රියාත්මක වන මනකල්පිත දෙයක් පමනයි. Lenny ට John G හෝ Teddy යන පුද්ගලයන් හමුනොවෙන්න ඇති.
නොලන් බොසාගේ සිනමාව පිස්සු වට්ටපු චිත්‍රපටියක් Memento කියන්නේ. අදටත් ආසයි . මොකද බොහෝ නිර්මාණය එලියට එන්නේ මානසික රොගියෙකු දෙස සමාජය බලන ආකාරය ගැන චිත්‍රපටයි. නමුත් නොලන් බොසාගේ Memento මානසික රොගියෙකු සමාජය දකින විදිය , ඔහුගේ හැසිරිම් පිලිබද එලියට එන නිර්මාණයක්. ඒකයි අපිට බලපු Memento පලවෙනි වතාවෙම කිසිදෙයක් තේරුම් ගන්න බැරිව ඉන්නේ. මොකද චිත්‍රපටිය පුරාම පෙන්වන්නේ මානසික රොගියා දකින රාමුවයි .