Meme Review by Theekshana Lankara

Meme Review by Theekshana Lankara

මොකද්ද දෙයියනේ මේ ???

Meme Review ( 2 )

අද මි.පු.ක Group එකේ share වුන meme එකක්…..

මේ meme එක පැහැදිලි කරන්න කලින් පො⁣⁣ඩි රස කතාවක් තියෙනවා…..

( නම් ගම් ඔක්කොම මම දාපු දේවල් )

මේ කතාව වෙන්නේ 2000 අවුරුද්දෙදි . ඔය meme එකේ කියන කෙල්ලගේ නම ” දිනිති ” කියලා අරගන්න. ඔය දිනිති කියන කෙල්ල පොඩිකාලේ ඉදන් හැදිලා තියෙන්නෙ එයාගේ තාත්තා ලග ( ඔ්කේ ඉන්න වයසක සියා ) . දිනිති කියන පුංචි ලමයා පස්සේ අවුරුදු 20 ක විතර තරුණියක් වෙනවා. දැන් ඔය කෙල්ල ඉන්නේ 2020 වර්ෂයේ… ඔය දිනිති කෙල්ලට 2030 වර්ෂයේ ඉදලා අනාගතෙන් එන කොල්ලෙක් සෙට් වෙනවා. ඒ කොල්ල එක්ක යාලු උනාට පස්සේ ඔය දිනිති කියන කෙල්ලට පුංචි ගැහැණු ලමයෙක් ලැබෙනවා. හැබැයි ඒ අනාගතෙන් ආපු කොල්ලා ඔය ලැබෙන පුංචි ගැහැනු දරුවා පැහැරගෙන ලමයත් එක්කම අතිතෙට ( 2000 අවුරුද්දට ) ගිහින් ජිවත් වෙනවා…

⭐ එතකොට අතිතෙට ( 2000 අවුරුද්දට ) යන කොල්ල තමයි පස්සේ කාලෙක ඔය කියන සීයා විදියට එන්නේ. ඒ කියන්නේ දිනිතිගේ තාත්තා…..

⭐ ඒ කොල්ලා අරගෙන යන ගැහැනු දරුවා තමයි දිනිති කියන කෙල්ල විදියට එන්නේ..

ඒ වගේම මේ දිනිති කියන කෙල්ල ද්විත්ව ලිංගිකයෙක්. එයාට ස්ත්‍රි සහ පුරුෂ යන කොටස් දෙකම තියෙනවා. ඉලගට අර දරුවා ලැබුන දිනිති කියන කෙල්ල operation එකකින් පස්සේ ස්ත්‍රි ලිංග කොටසට හානිවෙලා පුරුෂ ලිංගිකයෙක් වෙනවා. පස්සේ ඒ කෙල්ල කාලයත් එකක්ම කොල්ලෙක් වෙනවා. දැන් ඒ කොල්ලගේ නම දිනිත් කියලා ගන්න .

පස්සේ කාලෙක ඔය දිනිත් කියන කොල්ලට 2030 වර්ෂයේදි කාලයන්ත්‍රයක් හම්බෙනවා. ඒ කොල්ලා කාලයන්ත්‍රයෙන් එනවා 2025 අතිතයට . ඒ කාලෙදි හම්බෙනවා කෙල්ලෙක් . ඒ කෙල්ල එක්ක ආදරේ කරලා දෙන්නටම ලැබෙනවා පුංචි ගැහැණු දරුවෙක් . හැබැයි දිනිත් ඔය ලැබුනු ලමයා පැහැරගෙන කාලයන්ත්‍රයේ උදව්වෙන් යනවා 2000 කියන අතිත කාලයට….

⭐ එතකොට ඔය 2030 අනාගතෙන් එන දිනිත් කියන කොල්ලට 2025 කියන අතිතෙදි මුනගැහෙන්නේ 2025 දි කෙල්ලෙක් ( දිනිති ) වෙලා ඉන්න තමන්වමයි….

⭐ ඉලගට ඔය දිනිත් කියන කොල්ලා අර පුංචි ගැහැනු ලමයව පැහැරගෙන යනවා 2000 කියන වර්ෂයට. ඉට පස්සේ දිනිත් සහ ඒ පුංචි ලමයා ජිවත් වෙනවා 2000 කියන වර්ෂයේ ඉදලා ඉදිරියට . 2000 ට යන දිනිත්ව මෙතන ඉදලා සියා නැත්නම් වයසක දිනිත් කියලා හදුන්වනවා.

⭐ හරියට බැලුවොත් තරුණ දිනිත් , දිනිති , සියා ( වසයක දිනෙත් ) , පුංචි ලමයා කියන ඔක්කොම අය එක්කෙනෙක් ? …..

දවසක් දිනිත් කියන කොල්ලා අනාගතේ ඉදලා එනවා අතිතේ ඉන්න සීයා කියන තමන්ගෙම වයසක ⁣පුද්ගලයව හම්බෙන්න.

? සියා / වසයක දිනිත් අහනවා

” ඔය ලමයට කොහොමද අපේ දුවව ( දිනිතිව ) මුනගැහුණේ? “

? අනාගතෙන් ආව තරුණ දිනෙත් කියනවා

” ආහ් අපි හම්බවෙන්නේ අනාගතේදි “

( ඒ කියන්නේ 2025 වර්ෂයේදි තමයි දිනෙත් සහ දිනිති එකිනෙකා මුණගැහෙන්නේ )

? සියා අහනවා

” ඒ කියන්නේ “

? තරුණ දිනිත් කියනවා

” අන්කල්ගේ දුවට ( දිනිතිට ) දරුවෙක් ( පුංචි ගැහුනු ලමයා ) හම්බෙනවා. හැමදේම හොදින් වෙනවා. ඒ ලමයා එයාගේ තාත්තා කවුද කියලා දැනගන්නකම්

ඔය සියගේ දුව තමයි දිනිති. ඉස්සෙල්ලා කිව්වා වගේ දිනිතිට පුංචි ගැහැනු ලමයෙක් හම්බෙනවා. හැබැයි පස්සේ කාලෙක ඒ ගැහැනු ලමයා ලොකු වුනාට පස්සේ දැනගන්නවා එයාගේ තාත්තා සහ අම්මා කවුද කියලා. ඒ තමයි එයාම. ඒ ගැහැනු ලමයා ඉපදෙන්නේ අතිතේ ඉන්න තමන් සහ අනාගතේ ඉන්න තමන්ම එකතු වෙලා….

? තරුණ දිනෙත් දැන් කියනවා

” මම ආවේ ඒ වරද හරිගස්සවන්න “

දැන් ඔය අනාගතෙන් ඇවිත් කතාකරන තරුණ දිනිත් ඔක්කොම දේවල් දන්නවා. තරුණ දිනිත් ඕන මේ ඔක්කොම නතරකරන්න. මොකද මේ චක්‍රයක් වගේ ඉදිරියට යන නිසා. තරුණ දිනිත් කරන්නේ ඔහුගේ වයසක දිනිත්ව ( සියාව ) මරන එක.

? ඉතින් කතාව ඉවරද?

තරුණ දිනිත් හිතුවට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඔහුගෙම වයසක කෙනා නිසා කියලා ඇත්තටම ඔහු වැරදියි. ඔහු වයසක කෙනා මැරුවා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නෙ නැ. මොකද වයසක කෙනා දැනටමත් මේ ප්‍රශ්නෙන් / චක්‍රයෙන් ඇත් වෙලා ඉවරයි

? ඉතින් දිනිත් සිදුකරන්න ඕන මොකද්ද?

• අර පුංචි ගැහැණු ලමයා ඉවරයක් කරන එක.

( පුංචි ගැහැනු ලමයා මැරුනා කියන්නේ එයා ලොකු වෙලා දිනිති වෙන්නැ. දිනිති නැ කියන්නේ දිනිත් නැ . දිනිත් නැ කියන්නේ අර පුංචි ගැහැනු ලමයා මරන්න කෙනෙක් නැ )

• 2025 දි දිනිතිව ඉවරයක් කරන එක .

( දිනිති නැ කියන්නේ දිනෙත් නැ. ඒ දෙන්නම නැ කියන්නේ අර පුංචි ගැහැනු ලමයත් නැ. දිනෙත් නැ කියන්නේ දිනිතිව ඉවරකරන්න කෙනෙක් නැ කියන එක )

• 2025 – 2030 කාලයේ ඉන්න ඔහුගේම අනිත් අතිත කෙනා ඉවර කරන එක

( 2025 – 2030 කාලයේ දිනෙත් මැරුනා කියන්නේ තවදුරටත් අනාගතයේ දිනෙත් නැ. ඒ කියන්නේ අවසානයේ 2025 – 2030 කාලයේ දිනිත්ව මරන්න කවුරුත් නැ )

ඇත්තටම කිව්වොත් දිනිත්ට මේකෙන් ගැලවිමක් නැ. ඔහු එක කාල ප්‍රාන්තරයක් වෙනස් කලත් ඔහු එතනින් මැකිලා යනවා ඇරෙන්න මේකට විසදුමක් නැ… ඔහු ඔහුගේම චක්‍රයක හිරවෙලා…

මම දන්න විදියට නම් ඔය චක්‍රයේ අවසානය ” මම ” කියලා කෙනෙක් හෝ පුද්ගලයෙක් නැ කියන එකයි. දිනිත් අතිතය හෝ අනාගතය වෙනස් කලා කියලා ඔහුට මේ චක්‍රයෙන් එලියට එන්න නොහැකියි. ඔහු ” මම ” කියන පුද්ගලයා විනාශ කරන තුරු……

( මේක මම පැහැදිලි කලේ Predestination සහ Dark නරඹලා ඒ ඇසුරින් මගේ ඔලුවේ ඇදුන දෙයක් මත. අනිවාර්යයෙන් මේ meme එකට වෙනස් කතා ඇති . Meme එකේ අයිතිය මුල් අයිතිකරු සතුය. අනිවා meme එක හදපු කෙනාටත් ස්තුතියි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *