×
X264 720P WEBHD ESUB HINDI 750MB
Meel Patthar (Milestone) (2020) Hindi
84% liked this film Google users
Spoiler Alert!.

ගාලිබ් යනු වසර ගණනක පටන් ලොරි රියැදුරෙකු ලෙස සේවයේ යෙදෙන මැදිවියේ පුද්ගලයෙක්. ඔහු භාණ්ඩ ප්රවාහනය කළ ඔහුගේ ලොරි රථයෙන්ම කිලෝමීටර් 500,000 ක් මේතාක් දාවනය කර ඇත. එම වෘතියේ නියැළුණු පුද්ගලයෙකුට එය විශාල කඩ ඉමක් ලෙස පිටින් දකින අපට සිතුනත්, ගාලිබ්ට ඉන් විශාල තෘප්තියක් හෝ අසතුටක් නැත. වසර ගණනක් නින්ද, මහන්සිය සහ පවුලද තම වෘතිය වෙනුවෙන් කැප කෙරූ ගාලිබ්ට එය අතිශය සාමාන්ය දෙයක්. නමුත් එතරම් කාල සීමාවක් තමන්ගේ ජීවිතයම කැප කළ වෘතිය, ඔහුට සැබවින්ම ලබා දුන්නේ කුමක්ද?.
චිත්රපටය ආරම්භ වන්නේ ගාලිබ්ගේ බිරිඳගේ අභාවයෙන් යම් කලකට පසුවයි. ගාලිබ් යම් පුද්ගලයින් සමග සිදු කරන සංවාදයන් තුලින් වටහා ගත හැක්කේ, ඔහුගේ විවාහය අර්බුදයක තිබුණු බවයි. එම බිඳ වැටීමට ප්රධාන හේතුවක් නිගමනය නොකරත්, ගාලිබ්ට තම බිරිඳව මග හැරුණු බව චිත්රපටය තුල ඉස්මතු කළ ප්රධාන කාරණයක්.
ගාලිබ් කෙමින් විශ්රාමික කාල සීමාව වෙත ළඟා වනවා.වයස් යෑමත් සමග ශාරීරිකව සිදුවන වෙනස් වීම් ඔහු අත් විඳිනවා. නමුත් ඔහුගේ රැකියාව ලෙහෙසියෙන් අත් හැරීමට අදහසක් නොමැත. තම බිරිඳ ඇතුළුව සමීපතයින් රැසක් ගාලිබ්ගේ ජීවිතයෙන් ඉවත් වූ විට, ඔහුට පන්නරයක් ලබා දෙන්නේ ලොරි රථයයි. තම සේවා ආයතනයද ආර්ථිකයත් සමග විවිද අර්බුදකාරී තත්වයන්ට මුහුණ පානවා. එම රැකියාවට පාශ් නම් තරුණයෙක් සම්බන්ද වීමත් සමග ගාලිබ් ඔහුගේ රැකියා ස්ථාවරත්වය පිලිබඳ අනපේක්ෂිත හැඟීමක් පෙන්නුම් කරනවා. මෙය ගාලිබ් මෙතුවක් කල් සේවයේ යෙදුණු රැකියාවේ අවසානය පෙන්නුම් කළ ඉඟියක්ද?. ඉදිරිය දැන ගැනීමට නම් ඔබට Meel Patthar නැරඹීමට යෝජනා කරනවා.
Meel Patthar තුලින් අධ්යක්ෂක Ivan Ayr ඉස්මතු කරන ප්රධාන තේමාවක් වන්නේ හුදෙකලාව. හුදෙකලාව යනු මනුෂ්යයින් වන අපට ජීවිතයේ කොතැනක හෝ අත්විඳීමට සිදුවන දෙයක්. මෙම චිත්රපටයේ අපට මුණගැසෙන ගාලිබ්ද එම හුදෙකලාවට දරුණු ලෙස මුහුණ පාන පුද්ගලයෙක්. තම බිරිඳගේ අභාවය සහ සමීපතයින්ගේ ඈත් වීම ඔහු බොහෝ සෙයින් දරා ගන්නේ තමාව නිවසින් පිට තබන රියදුරු වෘතියෙන්. චිත්රපටය තුල බොහෝ වෙලාවට ගාලිබ් තුල දක්නට ලැබුණු නිහඬතාවයෙන් සහ නිවිච්ච ස්වාභයෙන් සැබවින්ම පෙන්නුම් කළේ ඔහුගේ හුදෙකලාවයි. එපමණක් නොව අහිමිවීම හමුවේ තම ඇතුලාන්තයේ සඟවා ගත් වේදනාවක් ඔහුගේ නිහඬතාවය පෙන්නුම් කළා. Ivan Ayr තුල ධනවාදී සමාජ ක්රමය කෙරෙහිව ඇති විවේචනයක්ද, චිත්රපටය පසුබිමින් ඇතුලත් කර තිබෙනවා. මෙය පෙන්නුම් කිරීමට ඔහු ප්රධාන වශයෙන් යොදා ගන්නේ ගාලිබ්ගේ සේවා ස්ථානයේ හිමිකරුවන්. වසර ගණනක් සේවයේ නියැළුණු ඇතැම් පුද්ගලයින් ඔවුන් ඉවත් කරනු ලැබුවේ, එම පුද්ගලයින් දීර්ග කාලීනව සිදු කළ වෙහෙස මහන්සිය ගණනකට නොගෙන. අවසානයේ ධනය බලය ඇත්තන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ ගාලිබ්ලාට ඉතුරු වූයේ කුමක්ද?.
මෙම චිත්රපටයේ ගාලිබ්ට පණ දුන් සුවින්දර් විකී නම් රංගන ශිල්පියාගේ පෙර රංගනයන් පිලිබඳ අවබෝධයක් මා තුල නැත. නමුත් තම ප්රභල රංගන හැකියාව චිත්රපටය පුරාවටම පෙන්නුම් කිරීමට ඔහු සමත් වුනා. විශේෂයෙන්ම ගාලිබ්ගේ චරිතය තුල ඇති හුදෙකලාව සහ අහිමි වීමේ වේදනාව ඔහුගේ භාව ප්රකාශන තුලින් ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කළා. චිත්රපටයේ තවත් කැපී පෙනුණු අංගයක් වූයේ Angello Faccini ගේ අති විශිෂ්ට සිනමාකරණයයි. එම චිත්රපටයේ තේමාව සහ ප්රධාන චරිතය තුල චලනය වන සිතුවිලි ඉතා ප්රභල ලෙස මෙහි සිනමාකරණය හමුවේ ඉස්මතු වුනා.
Meel Patthar යනු බොහොම සෙමින් ගලා යන චිත්රපටයක්. එම නිසා ඇතැම් අවස්ථාවන් තුලදී කම්මැලි ස්වභාවයක් පෙන්නුම් කරයි. නමුත් මෙය ඔබ අත් විඳිය යුතු චාරිකාවක්.

Initial release: September 3, 2020
Milestone | Official Trailer
Download