Mayor Grom The Plague Doctor (2021) English
86% liked this film Google users
යුක්තිය මොකද්ද මේ යුක්තිය කියන්නෙ.බීල බීල පිස්සු නටල වාහන පැදල පාරෙ ඉන්න මිනිස්සු යට කරගෙන ගිහිල්ල අන්තිමට උසාවියට ඉදිරිපත් කරාම අල්ලස් දීල බේරෙනවා..මේකද යුක්‍තිය ක්‍රියා.කරන්න පුලුවන් නසරානි වැඩ ටික ඔක්කොම කරල අන්තිමේදී දඬුවම් දෙන්න ගියාම මොණර කොළ පෙන්නල,තමන්ගෙ බල පුලුවම්කාරකම් පෙන්නල බේරෙනවා..ධනවතාට එක විදිහක් දුප්පතාට තව විදිහක්.නීතිය හැමෝටම සමාන වෙන්න ඕනෙ.හරියට නිකං අපේ ලංකාව වගේ හැමෝටම නීතිය එකවගේ.?අනිත් රටවල් එහෙමද හැමෝටම නීතිය එල වගේ නෑ වගේ කතාවක් කියන්න තිබුනා ඇත්තටම එහෙම උනා නම්.මං ඒගැන මෙතන කතාකරන්න යන්නෑ.අපි හැරෙමු ෆිල්ම් එක පැත්තට..
මේජර් ග්‍රම් කියන්නෙ,අපරාධ විසඳන්න යුක්තිය පසිඳලන්න අවනීතිය බහුලව පාවිච්චි කරපු කෙනෙක්..එක අතකට ඒ දේ සදාචාරයට පටහැනි උනත් ඒ දේ නිවැරදි වගේ හැඟීමක් දැනෙනවා.මොකද හරිම ක්‍රමේට නීතියක්‍රියාත්මක කරන්න ගියාම අපරාධකරුවො නීතියේ හිඩැස් වලින් පැනල යනවා. මේජර් ග්‍රම් ගැන් කතාකරොත් මේ මේජර් අල්ලපු එක අපරාධ කරුවෙක් උසාවියේ ජජ්ට අල්ලස් දීල එතනින් බේරිලා යනවා.
මේ ගැන බලන් ඉන්නව තවත් දෙන්නවා.ඒ තමයි සර්ජි රසුමොව්ස්කියි එයාගෙ යාලුවා ඔලෙග්.
ඉතින් මේ සර්ජ් ඇත්තටම පසුතැවෙනවා පොඩි ලමයෙක් මරල සල්ලි වල බලෙන් ඒ අපරාධ කරුවා නිදහස් උන එක ගැන.මේක සර්ජ් එයාගෙ යාලුවටත් කියනවා.ඒ වෙලාවෙ යාලුවා පොරොන්දු වෙනවා ආයිත් ඒ වගේ දේවල් වෙන්නෑ කියල.ඊට පහුවෙනිදා මේ සල්ලිකාර අපරාධකරුව අමුතු ඇඳුමක් ඇඳගත්ත තමා විසින්ම Plage Doctor කියල හඳුන්වාගත්ත මිනිහෙක් ගිණිතියල මරල දානවා..ඒවගේම මේ plague Doctor සමාජෙට පණිවිඩයක් දෙනව නීතියෙන් දඬුවමින් බේරිලා යන හැමඅපරාධකරුවෙක්ටම Plague Doctor ගෙ විනිෂ්චයට ලක්වෙන්න වෙනවා කියල..
ඇත්තටම මේ Plague Doctor කියන්නෙ කව්ද සර්ජ්ගෙ යාලුවා ඔලෙග් ද.නැත්නම් නීතිය හරි විදිහට ඉෂ්ට වෙනවට කැමති සමාජ ක්‍රියාකරුවෙක්ද ඒගැන දැනගන්න Mayor Grum කියන රුසියානු කොමික් කලාපය ඇසුරෙන් නිර්මාණය කරපු මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..තවත් කොටසක් හදන්න පුළුවන් විදිහට තමා ෆිල්ම් එක ඉවර වෙන්නෙ.හැමෝටම ආරාධනා කරනවා මේ සිනමාපටය රසවිඳින්න කියල…
අපි බැලූ චිත්‍රපට. (Great movies we watched.) Facebook වෙනුවෙන්