Mathalan (1955) Sinhala by Ravindu Sampath Wickramasekara
?අපේ රටේ එකක් ඉන්දියාවෙන් හදලා ?
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
අපි හුගක්ම දැකලා තියෙනවා නේ අපේ රටේ සිනමාකරුවන් බොහොමයක් වෙනත් රටවල් වල සිනමාපට අනුකරණය කරමින් හෝ Remake කරමින් චිත්‍රපට හදනවා…
(හැමෝම නෙවෙයි. අපේ රටෙත් විශිෂ්ඨ ස්වතන්ත්‍ර නිර්මාණ බිහි වෙනවා)
ඒත් අපි අහලා තියෙනවද අපේ රටේ සිනමාපටයක් වෙනත් රටක ප්‍රතිනිර්මාණය වෙනවා… ???
උත්තරය “ඔව්” ?
එහෙම අපේ රටේ චිත්‍රපටයක් ඉන්දියාවෙන් Remake කරලා තියෙනවා කියන කාරණය සැගවුණු සහ නිල නොලත් රහසක්.
අපේ සිනමාකරුවන් බහුලවම ප්‍රතිනිර්මාණය කරන්නේ ඉන්දියානු චිත්‍රපට බව ඔබ දන්නවනේ… මේ වන විට නම් වැඩිපුරම දකුණු ඉන්දීය සිනමාපට ලංකාවේ මෙන්ම Bollywood සිනමාව තුලද බහුලව ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා.
දැන් මේ අපේ රටේ Film එක ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා කියන්නෙත් ඉන්දියානු තෙළිඟු සිනමා ක්ෂේත්‍රය විසින් බව සදහන් වෙනවා.
චිත්‍රපටය තමයි 50 දශකය තුල අති සාර්ථකව තරගත වූ විශාල ජනාකර්ශනයක් හිමි කරගනු ලැබූ “MATHALAN” චිත්‍රපටය.
මේ ප්‍රතිනිර්මාණයේ කථාව මෙන්න මෙහෙමයි ? ? ?
1955 වසරේදී තිරගත වන “මාතලන්” චිත්‍රපටයේ තිර රචනය නිර්මාණය වන්නේ දෘවිඪ ජනකතාවක් ඇසුරු කරගෙන.
නමුත් මේ ජනකතාවම ඇසුරින් 1943 වසරේ “MANGAMMA SAPADHAM” නමින් දෙමල චිත්‍රපටයක් දකුණු ඉන්දියාවේ දී නිර්මාණය වී තිබුණා.
ඒත් චිත්‍රපටයක් ලෙස තාක්ෂණික වශයෙන් හා ගුණාත්මක බවින් “මාතලන්” චිත්‍රපටය සෑහෙන්න ඉදිරියෙන් පසු වූ බව සැලකෙනවා.
( කෙසේ වෙතත් “මාතලන්” චිත්‍රපටය තුල දකුණු ඉන්දීය සිනමා ලක්ෂණ බහුලව දකින්නට ලැබුණු බව සදහන් කල යුතුමයි. )
1965 වසරේ දී “MANGAMMA SAPADHAM” නමින්ම තෙලිගු චිත්‍රපටයක් තිරගත වෙනවා. මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ අපේ රටේ “මාතලන්” චිත්‍රපටය ඇසුරු කරගෙන.
1965 වසරේ “MANGAMMA SAPADHAM” චිත්‍රපටය සදහා පසුබිම් වෙන්නෙත් මා පෙර සදහන් කල දමිළ ජනකතාවමයි.
දැන් ඔබට ප්‍රශ්නයක් මතු වෙන්න ඇති
? එකම ජනකතාව පාදක කරගෙන තෙලිගු චිත්‍රපටය බිහවුන පලියට ඒක කොහොමද “මාතලන්” එකේ ප්‍රතිනිර්මාණය වෙන්නෙ ??? 1943 දි නිර්මාණය වුන දෙමල චිත්‍රපටය ඇසුරු කරගෙන මේ තෙලිගු චිත්‍රපටය නිර්මාණය වුනා වෙන්න බැරිද ???
ඔව් ඔබට එහෙම හිතෙන්න ඇති. ?
නමුත් මේ ප්‍රතිනිර්මාණය වීම සිද්ධ වෙන්නේ මෙහෙමයි , මේ චිත්‍රපට තුනටම එකම ජන කතාව පාදක වී තිබුණා වුනත් , 1965 වසරේ තිරගත වන “MANGAMMA SAPADHAM” චිත්‍රපටයේ තිර නාටකය නිර්මාණය කරගැනීමට සහ බොහෝ රූප රාමු නිර්මාණයේ දී අපේ “මාතලන්” චිත්‍රපටයේ තිර පිටපත සහ එහි රූප රාමු අනුගමනය කිරීමකටත් වඩා අනුකරණය කර තිබෙන බව පැහැදිලි වෙනවා.
නමුත් ඔබට අන්තර්ජාලය පිරික්සා බලන විට “MANGAMMA SAPADHAM” චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ 1943 වසරේ තිරගත වූ “MANGAMMA SAPADHAM” දෙමල චිත්‍රපටය ඇසුරින් බවට තමයි දැකගැනීමට ලැබෙන්නේ.
(අන්තර් ජංජාලයේ හැම දේම නිවැරදි නැති බවත් මතක තියාගමු ?)
❌නමුත් 1943 වසරේ දමිල චිත්‍රපටය හා 1965 වසරේ තෙලිගු චිත්‍රපටය සසදා බැලුවොත් එකම ජන කතාව පාධක වීම හැර වෙනත් සමානකමක් දැකගැනීමට ලැබෙන්නෙ නෑ…
✔ඒත් තෙලිගු චිත්‍රපටය සහ “මාතලන්” චිත්‍රපටය සසදා බලන විට එහි විශාල සමානකම් රැසක් දැකගැනීමට ලැබෙනවා…?
කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් කිසිම නිල ලත් පදනමක් නැති බව විශේෂයෙන් සදහන් කරන්න ඕන.
“මාතලන්” චිත්‍රපටය අපේ රටේ චිත්‍රපටයක් වුනත් , එහි අධ්‍යක්ෂකවරයා වූයේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක වරයෙකු වූ “A.S NAGARAJAN” බව සදහන් වෙනවා.
“මාතලන්” චිත්‍රපටය සදහා තිර රචනය සදහා “A.S NAGARAJAN” සමග “HUGO FERNANDO” සම්බන්ධ වී තිබුනා.
“SHESHA PALIHAKKARA” , “CLARICE DE SILVA” , “MARK SAMARANAYAKE” වැනි දේශීය නලු නිලියන් රාශියක් ඊට සම්බන්ධ වූවා…
චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා දකුණු ඉන්දියානු ජාතිකයෙක් වීම සහ එදවස අපේ සිනමාව නිතරම ඉන්දියානු සිනමාව සමග මුහුණට මුහුණලා සිටීම වැනි කරුණු එක්ක , තෙලිගු චිත්‍රපටය අපේ රටේ “මාතලන්” චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් බව පිලිගැනීමට සෑහෙන්න ප්‍රමාණවත් බව අමුතුවෙන් සදහන් කල යුතු නැති බවයි මගේ හැගීම… ?