Master (2021) Tamil
තිරගත වෙනකන් ලොකු උනන්දුවකින් මඟ බලන් හිටපු එකක්. සිනමා ශාලාවක නරඹන්නට නොලැබේදෝයි සැකයකින් රසිකයින්ට කල් මරමින් ඉන්නට සිදු වූවක්. අන්තිමේදි අද දවසෙදි ලංකාවෙත් තිරගත කිරීම් ආරම්භ කල නිසාම නරඹන්නට ලැබුණා. නරඹන්නට ලොකුම උනන්දුවක් ඇතිවෙන්නෙ නම් “විජේ Vs විජේ” සාධකයම තමයි. එනම් දමිළ සිනමාවේ “තලපති” විජේ සහ “මක්කල් සෙල්වන්” විජේ සේතුපතී ගේ ෆේස් ඕෆ් එකයි. ඒ අනුව දෙදෙනාම ඉන්නෙ අන්ත දෙකක. මුහුණට මුහුණ ගැටුම මොන විදිහේ එකක් වෙයිද කියන එක සම්බන්ධයෙන් දමිළ සිනමා රසිකයින් බලාපොරොත්තුවෙන් සිටියා.
සමස්තයක් විදිහට මට නම් සාමාන්‍යයි. අපේක්ෂා කල මට්ටමට වඩා අඩුයි. මෑත කාලීනව විජේ ගෙ චිත්‍රපට බොහෝමයක්ම සෝෂල් ඉසූස් සම්බන්ධයෙන් ගොඩනැගූ කතිකාවන් බවට පත්වෙලා තිබුණා. මෙතනදිත් ඒ සාධකය එහෙමමයි. පරිවාස භාරයේ ඉන්නා ළමුන් ගෙන් අයථා ප්‍රයෝජන ගන්නා අපරාධ කල්ලියකට එරෙහිවයි මෙවර ඔහුගේ සටන. කල්ලි නායකයා වෙනුවෙන් විජේ සේතුපති ව තෝරගැනීම එක අතකින් විජේගෙ චිත්‍රපටයක් නරඹන්නට බලාපොරොත්තු ඉන්නා රසික ප්‍රජාවට අමතරව තවත් බොහෝ පිරිසක් සිනමා ශාලා වෙත ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන හේතුවක්. නමුත් විජේ සේතුපති ගෙනුත් අළුත් දෙයක් දකින්නට ලැබෙන්නෙ නෑ. කාලාන්තරයක් තිස්සේම දකින්නට ලැබෙන ඒකාකාරී රංගන වින්‍යාසය මෙහිදීත් එයාකාරයෙන්ම අඩංගුයි. මීට වඩා නම් ලොකු දෙයක් බලාපොරොත්තු වුණා.
විජේ ගෙ රංගනය තුළ කොහොමත් අළුත් දේවල් නැති නමුත් මෙවර “විජේ චිත්‍රපට රසිකයින්” වෙනුවෙන්ම එකතු කරනු ලැබූ සුවිශේෂී දේවල් දකින්නට පුළුවන්. ඒ කියන්නෙ ගැලරියෙන් කොහොමත් ඇහෙන විසිල් හඬ තව තවත් වැඩි කරවන සුළු දේවල් එකතු කර තිබෙනවා. මටත් පෞද්ගලිකව ඒ නොස්ටැල්ජියාවත් එක්ක හොඳ වින්දනයක් ලබන්නට හැකිවුණා. නමුත් සමස්තයක් විදිහට මෑත කාලීන විජේ චිත්‍රපට හා එක පෙළට තැබුවොත් මාස්ටර් තියෙන්නේ ගොඩක් පහළින් බව නම් දැනුණා.
චිත්‍රපටය සිනමා ශාලාවකම නැරඹීමෙන් ලබපු ලොකුම වින්දනය වුණේ නම් අනිරුද් ගෙ සංගීතයම තමයි. උවමනාවටත් වඩා දීර්ඝ වීමේ අලස බව මඟහැරුණෙම සෑම දර්ශනයක්ම උපරිම ජවයකින් පුරවාලන සංගීතය නිසාමයි. කොටින්ම මේක දුවන්නෙ අනිරුද් ගෙ සංගීතය නිසාමයි කිව්වොත් වඩාත් නිවැරදියි. දෙපාරකට බලන්න නම් කොහොමත්ම දෙයක් නෑ.