‘Mascarades – Masquerades’ (2008) Arabic | Sinhala Article

‘Mascarades – Masquerades’ (2008) Arabic

87% liked this film Google users

අරාබි බසින් සමන්විත අපූරු ඇල්ජීරියානු චිත්‍රපටයක්. කතන්දරය ඇල්ජීරියාවට අදාළ වුණාට ඉතින් කොහෙත් එහෙමම තමයි. හැමෝම කැමතියි තත්ත්වයෙන් උසස් වෙන්න. එහෙමත් නැත්නම් තමන්ට උසස් තත්ත්වයක් ඇති බව මවා පෙන්වන්නට. මුනීර් ජීවත් වෙන්නෙත් එහෙම ගමක නිසා එයාගෙ හැටිත් එහෙමම තමයි. හැබැයි ගම්මු අතරේ මුනීර්ව සමච්චලයට ලක් වන කාරණාවක් තිබෙනවා. ඒ තමයි මුනීර් ගෙ නංගි රිම්. රැයක් දවාලක්, තැනක් නොතැනක් නැතිව, වැටෙන වැටෙන තැන තදින්ම නින්දට වැටෙන එක මුනීර් ගෙ නංගි රිම් ට තියෙන අසනීපයක්. “මේ කෙල්ලව කවුරු කසාද බඳීවිද ?” කියන සමච්චලය නිසා දවසක මුනීර් ගෙ සීමාව ඉක්මවා යනවා. “උඹලා කාටත් වඩා උසස් තැනකටයි මම මගේ නංගිව බන්ඳලා දෙන්නේ. දන්නවද? දැනටමත් ධනවත් උසස් නියම මහත්තයෙක් නංගිව බඳින්න යෝජනාවක් ඉදිරිපත් කරලයි තියෙන්නේ. උඹල ඔය සමච්චල් කරන නංගි ගෙ අසනීපේ ඒ මනුස්සයට වැඩක් නෑ. උඹලා බලන් හිටපල්ලකෝ. අහල ගම් හතකවත් දැකපු නැති විදිහේ මඟුලක් මගේ නංගි වෙනුවෙන් මම ගන්නවා ” මුනීර් මුලු ගමටම ඇහෙන්න කෑගහලා කියනවා.

ඊට පස්සෙ තමයි ඉතින් කතාව පටන් ගන්නේ. ‘මැන්ඩෙලා’ දමිළ චිත්‍රපටයේදී ගමේ ඡන්ද අපේක්ෂකයින්ගෙන් මැන්ඩෙලාට ලැබෙන පුද සත්කාර, ගරු බුහුමන් ඔන්න දැන් මුනීර් ටත් ලැබෙන්න ගන්නවා. ගම්මු අතරේ මුනීර් ට වඩා උසස් අයෙක් තවත් නෑ. මේකම තමා මුනීර් හැමදාමත් බලාපොරොත්තු වුණෙත්. ඒත් ඉතින් මුනීර් ගෙ නංගිට පෙම් කරන, ඇගේ අතගන්න අවුරුදු හතරක් තිස්සෙම මඟබලන් ඉන්න මුනීර් ගෙ හොඳම මිත්‍රයා කලීෆා ට මොකද වෙන්නේ? ඇයි ඉතින් නංගිත් මහ ඉහළින්ම මේ ධනවත් මනමාලයට කැමතියි කියල ප්‍රසිද්ධියේම කියනවනේ. නරඹන්නට වටින අපූරු කතාවක්. කතාව ඇතුළෙ අපූරු උපහාසයක්. උපහාසයකටත් වඩා වටිනා සමාජ පණිවිඩයක්.

*****************************************************

Lyes Salem

Directed by : Lyes Salem
Screenplay by  Lyes Salem, Nathalie Saugeon
Produced by Dharamsala
Starring
Lyes Salem
Sarah Reguieg
Mohamed Bouchaïb
Rym Takoucht
Cinematography: Pierre Cottereau
Music by : Mathias Duplessy
Language : Arabic
Countries : Algeria, France

 

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *