Maru Malarchi (1998)
88% liked this film Google users
Initial release: January 14, 1998 (India)
අපේ Peter අයියා එක්ක මම්මුතිගෙ දෙමළ ෆිල්ම්ස් ගැන කතා කරද්දි පීටර් අයියා මරුමලර්චි කියලා ෆිල්ම් එකක් ගැන කිව්වා. පොඩ්ඩක් හොයලා බලද්දි වැඩේ හරි, ඒකත් මම්මූක්කාගෙ දෙමළ ෆිල්ම්ස් වලින් හොයාගන්න බැරිකමක් නිසා මම අතෑරලා දාපු ෆිල්ම් එකක්. සුපිරිම ෆිල්ම් එකක් කියලා recommend එකකුත් ඇවිල්ලා තියෙද්දිත් නොබලා ඉන්න හිත හදාගන්න බැරි කමට යූටියුබ් එකේ බලද්දි ෆිල්ම් එක තිබිලා අරගත්තා.

ෆිල්ම් එකට කලින් ෆිල්ම් එකේ අධ්යක්ෂකවරයා ගැන වචනයක් කියන්න ඕන. මරු මලර්චි අධ්යක්ෂණය කරන්නේ K. භාරතී විසින්. ඔහුගේ පළවෙනි චිත්රපටිය වන මෙම චිත්රපටියෙන් පස්සේ K.භාරතී ‘මරු මලර්චි භාරතී’ බවට පත් වුනා. ග්රාමීය ප්රදේශ පසුබිම් කරගෙන ගම් වල තියන ප්රශ්න ගැන ෆිල්ම්ස් හදන අධ්යක්ෂකවරයෙක් විදියට තමයි මරු මලර්චි භාරතී ප්රසිද්ධ වුනේ. 2020 වසරේ තියටර් රිලීස් කරගන්න පුලුවන් වුන අතලොස්සක් චිත්රපටි අතරින් අතිශයම ලාභදායි චිත්රපටි විදියට සැලකෙන ‘ද්රව්පති’ චිත්රපටිය අධ්යක්ෂණය කලෙත් මේ මරු මලර්චි භාරතී තමයි.
මරු මලර්චි කියන්නේ 1998 වසරේ තිරගත වුනු ඉහළම බොක්ස්ඔෆිස් ආදායමක් ලබපු චිත්රපටි හයෙන් එකක්. ඒ වගේම මේ චිත්රපටිය තෙලිඟු, කණ්නඩ සහ හින්දි භාෂා වලින් ප්රතිනිර්මාණය වෙලා තියනවා. හින්දි චිත්රපටියේ රඟපාලා තියෙන්නේ මිතුන් චක්රබෝර්ති.
හරි ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. රාසු පඩයාචි කියන්නේ ගුණවාසල් ගමේ ප්රධානයා. ඔහු බොහොම කාරුණික ඒ වගේම තමන්ගේ ගමේ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා ඉන්න පුද්ගලයෙක් නිසා ගමේ මිනිස්සු රාසුට කරන ගෞරවයක් විදියට ඔහුගේ ප්රතිමාවක් පවා හදලා තියනවා ගමේ. අසල්වැසි මුස්ලිම් ගමක මිනිස්සුන්ට පල්ලියක් හදාගන්න තමන්ගේ ඉඩමක් පවා ඔහු නොමසුරුව පරිත්යාග කරනවා.
එක දවසක් රාසු අහල පහළ ගමක හාල් මෝලක් විවෘත කරන්න යනවා. ගිහිල්ලා එන ගමන් ඒ එන පාරේ තිබුන සුන්දරපුරම් ගමේ පොළට යනවා. මොකද තමන්ගේ ගමේ පොළට ගියාම මිනිස්සු මෙයාගෙන් සල්ලි ගන්නෑ. එතනදි වෙන පොඩි ප්රස්නයක් නිසා රාසු පඩයාචි සහ සුන්දරපුරම් ගමේ ප්රධානියා වන මනිමාරන් අතර ගැටුමක් ඇති වෙනවා. ඒ පොඩි ප්රශ්නෙ මොකද්ද, එතනින් පස්සේ මොනවද වුනේ කියලා දැනගන්න කැමති අය ඉන්නවා නම් යූටියුබ් එකෙන් මරුමලර්ච්චි අරගෙන බලන්න 

රාසු පඩයාචි චරිතය සඳහා මුලින්ම කැප්ටන් විජයකාන්ත්ට තමයි කතා කරලා තිබුණේ. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා ඔහු වෙනුවට මම්මූක්කා ප්රධාන නළුවා විදියට සම්බන්ධ කරගෙන තියනවා.
රුපියල් ලක්ෂ විසිපහක බජට් එකක් ගිහිල්ලා තියනවා චිත්රපටියේ පෙන්වන ගමේ පසුතල නිර්මාණය කරන්න. මේක රූගත කරලා තියෙන්නේ තියෙන්නේ තිරුවානමලෛයි ප්රදේශයේ. ඒ වගේම මෙහි climax සීන් එකට අවශ්ය දැවැන්ත ප්රමාණයේ මුස්ලිම් පල්ලියක සෙට් එකකුත් හදලා තියනවා. ෆිල්ම් එකේ බජට් එක ගැන හොයාගන්න නැතත් මේ ගණන් හිලව් එක්ක බලද්දි බජට් එක ලක්ෂ පනහක් හෝ ඒ ආසන්න මුදලක් කියලා නිගමනය කරන්න පුලුවන්.
සමස්තයක් විදියට චිත්රපටියේ සියලුම නළු නිළියන්ගේ රංගනය ඉතාම හොඳ මට්ටමකින් තිබුනා. සටන ජවනිකා එහෙමත් අවුලක් නෑ. උඩින් පාවෙලා යන්නෙ නෑ ගහගනිද්දි. ඒ වගේම සංගීතයත් සෑහෙන්න හොඳයි. ලස්සන ගීත කිහිපයක්ම තියනවා. ඒ වගේම පසුගිය දිනක අභාවප්රාප්ත වුනු පද්ම ශ්රී විවේක් සර්ගෙ මුල් කාලීන චිත්රපටියක්. ඇත්තටම හිනා යන නියම කොමඩි සිදුවීම් දෙක තුනකුත් තියනවා. මරු මලර්චි කියන්නේ අංග සම්පූර්ණ චිත්රපටියක් කියලා කියන්න පුලුවන්.

[දැනට විතරක් නෙවෙයි 1991 ඉඳලා තියෙන්නේ මම්මූක්කා විතරයි; ඒකනෙ තලපති එකට මනිරත්නම් මහත්තයා මේ දෙන්නවම අරගත්තෙ]
කැමති අය බලන්න. සාමාන්යයෙන් පරණ දෙමළ චිත්රපටි බලන අය මගහැර ගත යුතු චිත්රපටියක් නෙවෙයි මරු මලර්චි කියන්නේ.