Mare of Easttown ( 2021) English by Malintha Imalka Vithanage
“ඊස්ටවුන් නගරය කැළඹූ නොවිසඳුණු ඝාතනයක අභිරහස? “
“මෙයර් ඔෆ් ඊස්ටවුන්(Mare of Easttown)'” කියන්නේ 2021 වසරේ සුප්‍රකට HBO නාලිකාව හරහා Telecast වුන විශිෂ්ට ගණයේ ටෙලිකතා මාලාවක්. “Game Of Thrones”, “True Detective”, “Chernobyl”, “Band of Brothers” වැනි ලොව පුරා සිටින ටෙලිකතා රසිකයන්ගේ අවධානය දිනාගත්, ජනප්‍රිය ගණයේ Quality කතාමාලාවන් රැසක් විකාශනය කළ HBO නාලිකාව විසින් නිර්මාණය කරන “මෙයර් ඔෆ් ඊස්ටවුන් ” ටෙලිකාස්ට් වන්නේ එපිසෝඩ් හතකින් යුතු මිනි සීරීස්(Mini series) එකක් විදියටයි. අපරාධ හෙවත් Crime – Drama ශානරයට(Genre) අයත් ‘Mare of Easttown’ ටි.වී සීරිස් එක බලද්දී, නිතැතින්ම මතකයට නැඟෙන අනික් ටී.වී සීරිස් එක තමයි HBO විසින් ම නිර්මාණය කළ “True Detective” TV series එක. “True Detective” නරඹන විට දැනුණු කුතුහලයේ රහ එයාකාරයෙන්ම “මෙයර් ඔෆ් ඊස්ටවුන්” ටී.වී සිරිස් එක ඇතුළෙත් තියෙනවා.
ක්‍රයිමි සීන්ස් සමිබන්ධ රහස් පරික්ෂක(Detective) ගණයේ කතාවක් විදියට නිර්මාණය වෙන “මෙයර් ඔෆ් ඊස්ටවුන්” Plot එකේ ප්‍රධාන චරිතය බවට පත් වන්නේ ඇමරිකාවේ පෙන්සිල්වෙිනියාවල කුඩා නගරයක් වන “ඊස්ටවුන්” හි ජීවත් වෙමින් රාජකාරිය කරන “මෙයර් ෂීහන්” කියන රෑමත් පොලිස් පරීක්ෂකවරියක්. මෙයර් ෂීහන් කියන්නේ තමන්ගේ විවාහ ජීවිතය අවුල් කරගෙන දික්කසාද වෙලා තමන්ගේ දරැවෝ, මුණුපුරන් එක්ක සහ තමන්ගේ අම්මා සමඟ ආතතිය(Stress) මැද ජීවත්වන චරිතයක්. මෙයර්ගේ එකම පුත්‍රයා වුනු කෙවින් සියදිවිනසා ගැනීමත් එක්ක එයාගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය දෙදරලා යනවා. ඒ දෙදරලා යෑමෙි ප්‍රතිඵලය වන්නේ අන්තිමට, කෙවින්ගේ විවාහයෙන් දායාද වුනු දරැවාව අන්තිමෙිදි මුණුපුරා ලෙස රැකබලා ගන්නත් ඇයට සිද්ධ වෙන එක. අවසානයට මෙයර්ගේ දික්කසාද වෙන සැමියා අලුතින් විවාහවෙලා පදිංචියට එන්නේ මෙයර්ගේ ගේ ඉදිරිපස නිවෙසටයි. මෙයර්ගේ ජීවිතයේ වෙන්න පුලුවන් නරකම දේවල් ටික දැන් වෙලා ඉවරයි. මෙි අටෝරාසියක් ප්‍රශ්න මැද තමයි මෙයර් තමන් ජීවත්වන ඊස්ටවුන් නගරයේ රාජකාරිය කරන්නේ.
ඉතින් දවසක් ඊස්ටවුන් නගරයේ ජීවත් වුනු “එරින් මැක්නමමි” කියන තරුණියක් අභිරහස් ලෙස කැළයක් මැද පිහිටි ඇළ පාරක නිරුවතින් ඝාතනය වෙලා තිබියදී සොයා ගන්නවා. මෙන්න මෙතනින් තමයි ටී.වී සිරිස් එකේ කුතුහලයේ(Thriller) ශ්‍රාවය වෑස්සෙන්නට පටන් ගන්න තැන. මෙයර් පොලිස් පරික්ෂකවරියක් හැටියට ඊස්ටවුන් නගරයේ ජීවත් වුනු “කේට් බෙලි” කියන තරැණියගේ අතුරැදහන් වීම සමිබන්ධ පරික්ෂණය විසඳගන්න බැරිව අවුරැද්දක් තිස්සේ පරික්ෂණ කරනවා. ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගන්නට බැරිව ලතැවෙවි ඉන්න මෙියර්ට ලැබෙන අලුත්ම අභියෝගය තමයි මෙි එරින් කියන තරැණියගේ ඝාතනය. ලොකු පීඩනයක් මැද්දේ රාජකාරිය කරන මෙයර්ට ඊස්ටවුන් නගරයෙන් ලැබෙන්නේ එචිචර හොඳ පිළිගැනීමක් නෙමෙයි. මොකද ඊස්ටවුන් නගරයේ මිනිස්සු මෙයර්ට එල්ල කරන චෝදනාව තමයි “කේට් බෙිලි” කියන අතුරැදහන් වුනු තරැණිය ඇයි තාමත් සොයාගන්න බැරිවෙලා තියෙන්නේ කියලා? ඉතින් මෙි පීඩනය මැද්දේ ඉන්න මෙයර්ට අභිරහස් ලෙස මරා දැමුණු එරින්ගේ මිනිමරැවා සොයාගන්න පුලුවන් වෙිවිද? එරින් කියන තරැණියගේ මිනිමරැවා සැබැවින්ම කවුරැන්ද? ඇයි එරින් මරා දැමුවෙි? මෙයර්ගේ රාජකාරි ජීවිතයට දැනටමත් කළු පැල්ලමක් වැටී තිබෙන අතුරැදහන් වුනු කේට් බෙලීව සොයාගන්නට හැකි වෙිවිද? කියන අටෝරාසියක් ප්‍රශ්නවලට ප්‍රේක්ෂකයා මැදි කරනවා.
මුළු කතා මාලාව ම ගමන් කරන්නේ “ඊස්ටවුන්” කියන කුඩා නගරය වටායි. නගරය කුඩා වීමත් එක්ක මෙයර්ට සහ ඇගේ පවුල සමඟ නගරයේ මිනිසුන් අතර සමිබන්ධය අති විශාලයි. මෙයර්ගේ යෙහෙළියෝ, අසල්වාසීයෝ, මෙයර්ගේ ළමයින්ගේ යහළු, යෙහෙළියෝ අතර තියෙන සමිබන්ධය නිසාම මෙයර්ගේ මෙි මිනිමැරැමි සමිබන්ධ සිදුවීමිවලට ලැබෙන බලපෑම්වල ස්වරෑපය අතිශය සංකීර්ණයි. කතාව නරඹගෙන යද්දි, ප්‍රේක්ෂකයාට අත් විඳින්න වෙන ලොකුම අභියෝගය තමයි, මේ කතාන්තරයේ ඉන්න චරිත(characters) අතර ඇති තියෙන පෞද්ගලික සම්බන්ධකම් සහ ඥාති සමිබන්ධයන් අඳුනගන්න එක. පළවෙනි එපිසෝඩ් දෙක පමණ යනතුරු මෙයර්ගෙ පවුලේ අයව අඳුරගන්න අපි හොඳ අවධානයකින් කතාව නැරඹිය යුතු වෙනවා. ඔවුන්ව ලේසියෙන් හඳුන්වා දීමක් කරන්න කතාවෙ නිර්මාණ කරුවන් උත්සුක නොවී, එය නරඹන ප්‍රේක්ෂකයාටම කතාව අවසානය වෙනකමි තබා ගැනීම සඳහා කරපු හොඳ ට්‍රික් එකක්.
කොටස් හතකින් සමන්විත ‘මෙයර් ඔෆ් ඊස්ටවුන්’ (Mare of Easttown) කතා මාලාව ක්‍රේග් සෙබල් (Craig Zobel) විසින් අධ්‍යක්ෂණය කල අතර ටොම් ඉන්ගල්ස්බි (Brad Ingelsby) විසින් තිර රචනය(Screenplay) සිදු කළ ඇති අතර කථා නායිකාවගේ චරිතය වූ “මෙයර් ෂිහන්ගේ” චරිතයට පණ පොවන්නේ ඇකඩමි හා එමී සම්මානලාභී, සුප්‍රකට “ටයිටැනික්” චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පොවන ලද “කේට් වින්ස්ලට් (Kate Winslet)” ය. අති දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වන කේට් වින්ස්ලට් මෙම චරිතයට 100% සාධාරණත්වයක් ඉටු කරයි. කේට් විසින් තමන් මෙතෙක් නිරෑපණය කරපු චිත්‍රපටවල සිටි හැම චරිතයකටම වඩා “මෙයර් ෂිහන්” නමැති පොලිස් පරික්ෂකවරියගේ චරිතය ඉතාමත්ම බැරැරුමිසහගත සහ අභියෝගාත්මක ගණයේ චරිතයක් වූ බව ඇය Interview එකකදි පවසා තිබුණා. ගයි පියර්ස් (Guy Pearce), එවන් පීටර්ස් (Even Peters), ඇනගොව්රි රයිස් (Angourie Rice) ඇතුළු තවත් විශිෂ්ඨ නළු නිලියන් රැසක් මෙම කතා මාලාවට රංගනයෙන් දායක වෙනවා. අනෙක් අතට IMDB ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මීටරය 8.5/10 දක්වා ඉහළ අගයකට කරකවපු මෙි කතා මාලාව කුණු තක්කාලි(Rotten Tomatos) විචාරකයන්ගේ 95% විචාරක ප්‍රතිචාරයක් හිමි කරගන්නට පුලුවන් වුනා කියන්නේ මෙි කතාමාලාව එසේ මෙසේ කතාමාලාවක් නමි නෙමෙයි කියන වග පැහැදිලි වෙනවා ඇතිනේ. “Mare of Easttown” කතා මාලාව විචාරකයින්ගේ පැසසුමට ලක් වූ අතර, එහි කතාව, චරිත, රංගනය සහ කාන්තා නියෝජනය පිළිබඳ බෙහෙවින් අගය කළා. 73වැනි ප්‍රයිමි ටයිමි එමී රෑපවාහිනි සමිමාන උළෙලේදී මෙම කතා මාලාව නාමයෝජනා 16ක් ලබා ගත් අතර කේට් වින්ස්ලට් විශිෂ්ටතම නිළිය, එවන් පීටර්ස් සඳහා සහ නිකල්සන් සඳහා කැපී පෙනෙන සහය නළුවා සහ නිළිය ඇතුළු සමිමාන හතරක් දිනා ගත්තා.
ඇමෙරිකාව නමැති සිහින රාජ්‍යයේ අප සිතන පතන අාකාරයේ සුරපුරයමය ජීවිතයකට වඩා හාත්පසින් වෙනස් ජිවිතයක් ඇමරිකානුවන්ට තියන බවට මෙම කතාව මඟින් ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා. අපේ ජීවිතය තුළ අපි දකින දේට වඩා වෙනස් දේවල් සිදු වන බවට මෙම කතා මාලාව කදිම නිදසුනක්. දරුවන් පිලිබඳ අප දක්වන අවධානය මදි නේද? කියල හිතෙනවා නම් මේ කතාව එයට කදිම නිදසුනක්. පැයක් පමණ වන episode 7 ක් ඇතුළත් ‘Mare of Easttown’ කතාව මෑතකදී නිකුත් වුනු ඉතා හොඳ මිනි සීරිස් එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. කතාවෙි අවසානය ඉතා හොඳින් සෑහීමකට පත් විය හැකි අවසානයකින් සමන්විතයි. විශේෂයෙන්ම අවසාන කොටස දක්වාම plot-twist හෙවත් ප්‍රේක්ෂකයා unexpected සහ unpredictable වෙන උස්සා පොළොවේ ගැසීම් කිහිපයක්ම දකින්න පුළුවන්. උද්වේගකර අවසානයක් මේ කතාව සතුයි. කතා මාලාව ඇතුළේ Theamatically Color Combination එක විදියට යොදාගෙන තිබුන ක්‍රීමි කලර් ටෝන් එක හරි අපුරැයි. ටෙක්නිකල් පැත්තෙන් Cinematography සහ Lightingවලින් Cinematic feeling එකක් ලබාදෙන්න ගත්ත උත්සාහය නිසාම ටී.වී සිරිස් එකක් කියන දේ දැනෙන්නේ නෑ කොහොමටවත්ම. ටෙලිකතා මාලාවක් වුනාට කතාංගයෙන් කතාංගයට(Episode by Episode) ලබාදෙන සිනමැටික් ෆීලින්ග් එක නමි උපරිමයි. කතාවෙි බහුතරයක් චරිත සුදු චරිත සහ කළු චරිත වශයෙන් දක්නට ලැබෙන්නේ නෑ. බොහෝමයක් චරිත කතා මාලාවෙි නිරෑපණය වෙන්නේ අළු චරිත වශයෙන්. ගිල්ටි ෆීලින්ග් එකක එක්ක තමන් කරපු වරදවල් රාශියකින් මෙි කතා මාලාවෙි ඉන්න චරිත හදවතින් පීඩා විඳිනවා. ඒ චරිතවලට දීලා තිබුන emotional wight එකත් එක්ක කතා මාලාව පුරාවටම චරිතවලට හොඳ character development එකක් දීලා තිබුනා. හැම චරිතයකට අදෘළව හොඳ Characteristics gravity එකක් තිබුනා. විශේෂයෙන් මෙයර්ගෙ මවගේ චරිතය වන “හෙලන්” තරමක් විහිළුකාර චරිතයක්(Funny character) ලෙස කතාවට යොදාගෙන තිබීම නිසා කොමඩි එන්ජෝයිමන්ට් එකක් ලැබෙනවා ප්‍රේක්ෂකයාට නිතැතින්ම. “මෙයර් ඔෆ් ඊස්ටවුන්” ටී.වී සිරිස් එක කියන්නේ Nonstop Thriller flavour එකක රහ විඳින්න කැමති අයට අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ඉහළ මට්ටමේ මිනි සීරිස් එකක් බව නම් කිව යුතුමයි.
(මෙම සටහන 2022 අප්‍රේල් 24ක් වු ඉරිදා දින ඉරිදා මවිබිම පුවත්පතේ පළවු ලිපියක් බව කරැණාවෙන් සළකන්න)