Manisha Koirala in Bombay by Mmp Ranaweera
රඟපාන්නට එපා කියද්දිම රඟපාපු මනීෂා…
Mani Ratnamගේ 1995 වසරේ තිරගත වූ ‘Bombay’ චිත්‍රපටය අදටත් සැලකෙන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ අග්‍රගන්‍ය සිනමා පටයක් ලෙසටයි. ඉතිහාස ගත වූ මේ චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව ලෙස Manisha Koiralaත් Arvind Swamyත් රංගනයෙන් දායක වූවා. නමුත් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කරන ලෙසට මනීෂා කොයිරාලට බලපෑම් ආ බව ඔබ දැන සිටියා ද?
“මට බොම්බේ චිත්‍රපටියට ආරාධනා කළ විට, මගේ පවුලේ අය සහ හිතවතුන් මට එය නොකරන්න යැයි බලකලා. එයට ප්‍රධාන හේතුව වූවේ ඒ වන විට මගේ වයසට මවකගේ චරිතයක් රඟපෑවොත්, ඉන් පසුව වසර 10 ක් වගේ කාලයක් යන කොට ආච්චිගේ චරිතේත් මට රඟපාන්න වේවි යැයි ඹවුන් බිය වූවා.
ඒත් මනිරත්නම්ගේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කිරීම මෝඩකමක් යැයි මට මගේ හිතවත් කිහිප දෙනෙක් පැවසූ නිසා මම අවසානයේ හිතුවක්කාර ලෙස එහි රඟපෑමට යන්න තීරණය කළා.. පස්සේ කාලකෙයි මට හැඟුනේ එදා මම එහි රඟනොපෑවනම් මොන තරම් අපරාදයක් ද කියාලා.. අදටත් මට ඒ චිත්‍රපටිය රඟපාන්න යැයි උපදෙස් දුන් සියථ දෙනාට මම ගරු කරන අතර හැමදාටම මම ඒ අයට ණය ගැති බවත් කියන්නම ඕන..” යනුවෙනුයි ඇය මේ පිළිබඳව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ.
1995 දී තිරගත වූ ‘බොම්බේ’ සහ අරවින්ද් ස්වාමි සමඟ මනීෂාගේ රංගනය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූවා සේම එය ඉතිහාස ගත වූ රංගනයක් ද වනවා.. මෙම චිත්‍රපටය 1992 දෙසැම්බර් සහ 1993 ජනවාරි මස බොම්බායේ ඇති වූ කෝලාහල පසුබිම් කරගෙන නිර්මාණය වූවක් වන අතර චිත්‍රපටය බොහෝ සම්මාන උලෙලවල් වලදී ඇඟයීමටත් ලක් වූවා.