Mangala Karunaratne Sri Lankan Actress | Sinhala Article

Mangala Karunaratne Sri Lankan Actress by Thusha S Weerasinghe

90 දශකයේ පුංචි තිරයේ අවිහිංසකාවිය | මංගලා කරුණාරත්න

රූපවාහිනීය පැමිණි මුල් කාලයේ දක්ෂ ජනප්‍රිය නිළියන් රැසක්ම කලා ක්ෂෙත්‍රයට දායක විය..ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි මංගලා කරුණාරත්නටය…ඇයගේ රූමත් අවිහිංසක පෙනුමත් සමඟ සහජයෙන් උරුම වූ රඟපෑම් දක්ෂතාව නිසා පුංචි තිරයේ පෙම්වතියගේ චරිතයට නිතැතින්ම ඇයව තෝරා ගැනුණි .

මෙරට බිහි වූ විශිෂ්ටතම ටෙලිනාට්‍යය අතරට ගැනෙන ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ “ඇල්ල ළග වලව්ව” ටෙලි නාට්‍යයේ “මලී”ගෙ චරිතයෙන් ක්ෂේත්‍රයට පිවිසුණු මංගලා කෙටි කාලයක් තුළ “රුපියල් සත”, “දඩබිම”, “කඩුල්ල” “දත් කැකුළු පාලා” වගේ ටෙලි නාට්‍ය හරහා රසික ආකර්ෂණය ලබා ගත්තා. සාමාන්‍යයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයගෙ නිර්මාණයක රංගනයෙන් එක් වෙන්න බොහෝ නළුනිළියන් පුලපුලා බලා සිට යුගයක මංගලාට “ගිරය”ටෙලිනාට්‍යයේ රංගන​යට දායක වෙන්න ලැබුණු අවස්ථාව අකමැත්තෙන් වුණත් ප්‍රතික්ෂේප කරන්න වුණේ ඇය ඒ කාලය තුළ අසීමිතව කාර්යබහුල වී සිටීම නිසයි.

1994 සප්ත කන්‍යා චිත්‍රපටයෙන් සිනමා දිවිය ඇරඹූ ඇය ..බිතු සිතුවම්,විමුක්ති,දැහැන,අන්තිම රැය වැනි සිනමා නිර්මාණ කිහිපයට පමණක් රංගනයෙන් දායක විය..

නමුත් ඇය තමන්ගේ ජීවිතයේ ජනප්‍රියත්වයේ උපරිමයේ සිටිය කාලයේදී කලා ජීවිතයට සමුදීලා විවාහ වෙලා සැමියා එක්ක වේල්සයේ පදිංචියට යනවා.

තුෂාර එස්. වීරසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *