???????, ??????, ???????? and ????? ?????
අන්ත දුගී දුප්පත් ආසියාකරයේ ගම්මානයක් වෙසෙන කරණවෑමියෙකු තමන්ගේ අනන්‍යතාව උදෙසා කරන්නා වූ සටනේ සිට මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ෆැසිස්ට් විධායකය Vendetta ගේ නැගී සිටීමෙන් බිඳ හෙලීම දක්වා වූ සටන තුල,ඒ මහා විපරීත දේශපාලන බීජය ලොව පුරා විහිද මුලු මහත් මානව සංහතිය තුලම ලේ පිපාසිතව අනුකම්පා විරහිතව බලය පතුරවමින් සිටී.
කුලවාදය,වර්ගවාදය අසලම අපහාසයන්ට හා නිගරු කිරීම් මධ්‍යයේ ඉන්දියාවේ කුඩා ගම්මානයක තමාගෙ අනන්‍යතාව වෙනුවෙන් සටන් කරන,තමන්ට තමා උපන් රට තුලවත් බිම් කඩක් හෝ නාමයක් නොමැති වීම කෙතරම් ශෝකජනක ද…?
“Mandela,මගේ නම Nelson Mandela මගේ නම,මගේ නම මෝඩයා නෙවෙයි”
..අවුරුදු ගණනක් සිට ඔහුට සිදුවන අපහාසහයන් හා නිමක් නැති තාඩන පීඩන හමුවේ ඔහු හඬ අවධි කලේය..ඔහුගේ අනන්‍යතාව හමුවේ ඔහුගේ ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් කුලය හෝ රැකියාව පසෙක ලා සිටින බල ලෝභී වර්තමාන දේශපාලන භූමිකාව දැඩි හාස්‍යට හා අපහාසයට ලක් වීමක්…
“Remember Remember,5 th of November”…
“ඇයි මහජනතාව රජයට බය වෙන්න ඕන??,රජයයි මහජනතාවට බය වෙන්න ඕන”…
තමාගේ මිතුරා සමඟ මුග්ධ දේශපාලන පක්ශයක් උදෙසා රණ්ඩු කරගැනීම වෙනුවට මිනිසුන් උගත යුතුයි,පොත පොත මෙන්ම ලෝකය දැකිය යුතුයි.ඉහල සාක්ශරතාවය හමුවේ කිසිඳු දිනයක නූගත් දේශපාලකයන් උගත් මිනිසුන්ව පාලනය කිරීමේ ඓතිහාසික සාපයක මූලාරම්භයක් නොවිය යුතුයි.දේශපාලනය සුද්ද කිරීමට පෙර ඔවුන්ගේ නොපනත්කම් වැරදි විවේචනය කිරීමට උගත යුතුයි…
බ්‍රිතාන්‍ය ෆැසිස්ට් පාලනය තුල නිදහස් සටන්කාමියෙකු වූ Vendetta ගේ නැගී සිටීමත් බ්‍රිතාන්‍ය ඒකාධිපතිවාදය පුපුරවා හැරීමත් අමරණීය සිනමාත්මක හැරවුමක්…
එතකොට කවුද මේ Lobby Teams කියන්නෙ….?
ලොබි කණ්ඩායම් නැතහොත් බලපෑම් කණ්ඩායම්(Pressure Groups) යුරෝපා හා ඇමරිකානු දේශපාලන විද්‍යාවේ විශේශයෙන්ම සාකච්ඡාවට බඳුන් වූ දේශපාලන කණ්ඩායම් වර්ගයකි..
මෙම ලොබි කණ්ඩායම් යනු නීතිය,රාජ්‍ය ප්‍රතිපත්‍ති හා රජ්‍ය තීරණ ආදියට බලපෑම් කිරීමට මහජන නියෝජිතයින්,දේශපාලකයින්,නිළදාරීන් හමු වෙමින් ඔවුන්ගේ තීර්ණ වලට තමන්ගේ අභිලාශය පරිධි බලපෑම් සිදුකරන,නැතහොත් වෙනත් සමාජ කණ්ඩායමක් හෝ ආණ්ඩුවක් හෝ වෙනුවෙන් මුදලට එම කාර්‍ය් සිදු කරන සංවිධිත කණ්ඩායම් ය.ලොබි කණ්ඩායම් පුරවැසි කණ්ඩායම් විය හැකි අතර එසේ නොවීමටද පුලුවන.
මේවා සංවිධාන වන අතර බටහිර රටවල මෙන් ලංකාවේද තිබෙන්නෙ සමිති සමාගම් ලෙසය.එහි සාමාජිකයින් හා නිළධාරී මණ්ඩල තුල ව්‍යවස්තා,කාර්‍යාල සහ වැටුප් ලබන කාර්‍ය් මණ්ඩල සහිතය..
මෙම බලපෑම් කණ්ඩායම් තුල විපක්ශීය තර්ක ලෙස ක්‍රියාකාරී වන්නවුන් උගත්,ධනවත් සහ වරප්‍රසාද ලත් පුරවැසියන් වන අතර,එම සංවිධාන වල ප්‍රභූත්වය(Elite)ගති ලක්ශණ තිබෙන අතර එහි ප්‍රතිලාභද බෙදී යන්නෙ ප්‍රභූ ස්ථර අතරය.එය වනාහි ජනතාව වෙතින් ලබන බලයක් නොවේ.එබැවින් එහි සුජාතභාවක් නොමැති අතර ප්‍රජාතන්ත්‍රභාවය ක්‍රියාවලිය විවෘත වුවත්,මෙම සංවිධාන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා තීරණ ආවෘත වූවක් බවට පත් කිරීමකි..
මෙන්න මේ කරුණ මත ආණ්ඩුවකට වේතන සහිතව පරපෝශීතව සම්බන්ධ වෙමින් හුදෙක් කලාකරුවන් හෝ වෙනත් පාර්ශව පාලන පක්ශයේ(ආණ්ඩුව)පවතින දුර්වලතා සහ නොහැකියාවන් නොපනත්කම් වසන් කරනු පිණිස කලින් කල විවිධ රූකඩ හා සිදුවීම්(සිහින කුමාරවරු/ශවුඩී/ඔටුනු අහිමි වීම්) ගෙනහැර පාමින් මහජනතාව නොමග යැවීම ඔවුන්ගේ වේතනලත් ක්‍රියාවලියකි.
මහජනයාගේ පීඩනය තුල කුණු රස වපුරා දෙමින් ඔවුන්ගේ සමාජීය ප්‍රශ්ණ එකතරා වීඩියෝවකින් වෙනත් මානයකට හැසිරවීම මෙන්න මේ කියන ලොබි ටීම් වල ක්‍රියාවලියකි..
බහුවිධ දේශපාලන නැගී සිටීම හා බිඳ වැටීම් තුල තාඩනයට පීඩනයට ලක් වන සුලු ජනතාවගේ ප්‍රශ්ණ ගැටලු හුදෙක් පුස්සක් වනු ඇත.ස්වාභාවික ආපධාවකදී වුවද ආසියානු දේශපාලන බලාධිකාරිය හමුවේ පාලන පක්ශය හට ඉදිරියට මුහුණ දීමට තරම් සැලසුම් නැති බව වර්ථමානයේ තහවුරු වෙමින් පවතී.මහා මං මවත් ,අහස් කුස පරයන ගොඩනැඟිලි මෙන්ම ආපදාවකදී රාජ්‍ය සේවා,ආහාර වෙනත් සේවා බෙදා හැරීම්,ගොවීන් අපහසුතාවයට පත් වේ නම් අපට ඇති සැලසුම හෝ අපගේ දියුණුව කුමක් ද??
උන් අපේ කැලේ උදුරාගනීවි,උන් අපේ වතුර ටික බලෙන් ගනීවි,උන් අපේ ඉඩම් වරින් වර පැහැරගනීවි.එත් උන්ට බෑ උඹේ උගත්කම බලෙන් පැහැරගන්න..හොඳට ඉගෙන ගෙන රටේ වෙනසක් කරන්න බලපෑමක් කරන්න පුලුවන් තැනකට ඉගෙනගනින් මගේ පුතේ.උන්ට ඒව උදුරන්න බෑ පුතේ කවදාවත්ම.
අසුරන් සිනමාපටයේ නූගත් පියා සිවසාමිගේ අමරණීය පණිවිඩය අප අතර සදා අමරණීය වනු ඇත
#නිහඬවිප්ලවය #lasithweerasinghe