Malaika නමෙහි තේරුම දේව දූතිය යන්නයි. ඉතින් මේ දේව දූතිය අපි නමින් හැදින්නට බොහෝ දෙනා ඇගේ අතීත කතාව එතරම් දන්නේ නැතිව ඇති.. ආන්දෝලනාත්මක පුවත් මවන්නට උපන්හපන් මලයිකා උපදින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ වල. ඇය කුඩා කාලයේදීම ඇගේ පියා ඔවුන් අතහැර යනවා.. මලයිකාත් ඇගේ මවත් නැගනි අම්රිතාත් ඉන් පසුව තනිව තමා ජීවත් වී තිබෙන්නේ..
ඇගේ මව, ජොයිස් පොලිකාප්, මලයාලම් භාෂාව කතා කරන ක්‍රිස්තියානි ජාතිකයෙක් වන අතර, ඇගේ පියා, අනිල් අරෝරා, ඉන්දියානු වෙළඳ නාවික හමුදාවේ සේවය කළ, ඉන්දියානු දේශසීමා නගරයක් වන ෆාසිල්කා හි පන්ජාබි ජාතිකයෙකි. කොහොම හරි මලයිකාගේ මව් භාෂාව ලෙස කතා කර තිබෙන්නේ මලයාලම් භාෂාවයි.
ඇය පාසලේ දක්ෂ සිසුවියක් උනාට ඇය අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට පෙර මෝස්තර නිරූපිකාවක් බවට පත්වනවා. ඒ අනුව ඇය වයස අවුරුදු 17 දී නිරූපණ ශිල්පිනියක් ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කරන අතර ඇය MTV නාලිකාවේ නිවේදිකාවක් ලෙස වගේම නාලිකාව විසින් නිෂ්පාදිත ගීත වල නිරූපිකාවක් ලෙසද කටයුතු සිදු කර තිබෙනවා.
1998 වසරේ කෝපි වෙළඳ දැන්වීම් රූගත කිරීමකදී හමුවූ බොලිවුඩ් නළු-අධ්‍යක්ෂක-නිෂ්පාදක අර්බාස් ඛාන් සමඟ මලයිකා විවාහ වන අතරම, එම වසරේදීම තිරගත වූ මනිරත්නම්ගේ “දිල් සේ” චිත්‍රපටියේ ෂාරුක් සමග “චයියා.. චයියා” ගීතයේ නර්තනයේ යෙදෙන්නට ඇය භාග්‍යවන්ත වූවා.
සැහැල්ලුවෙන් නිදහස්ව ජීවත් වූ මලයිකාගේ ජීවිතය විවාහයෙන් පසුව තරමක් ඒකාකාරී වී තිබෙනවා.. සල්මාන් ඛාන් වැනි ප්‍රබල නළුවෙකුගේ පවුල් පසුබිමක සිටින පවුලක ඇය සිටියත් ඇය ආතතියක් පෙළෙමිනුයි සිට තිබෙන්නේ.. මේ අතරතුර ඛාන් පවුලේ බාල දියණිය අර්පිතා ඛාන්ගේ පෙම්වතා වූ අර්ජුන් කපූර් නිතර නිතර මෙම නිවසට පැමින තිබෙනවා.. මේ පැමිනි අවස්තාවන් හිදී ඇතිවන හැදුනුම් කම මත 41 හැවිරිදි මලයිකා 29හැවිරිදි අර්ජුන් සමග අනියම් ඇසුරක් පවත්වන අතර පසුව මෙය පවුලේ අයට හෙලිවීමෙන් පසුව සහ බොහෝ නොගැලපීම් මත මලයිකා සහ අර්බාස් 2016 වසරේ දී දික්කසාද වන අතර ඒ වබ විටත් ඔවුන්ට එක් පිරිමි දරුවෙක් සිටිනවා..
මලයිකාගේ ජීවිතය තරමක් ආන්දෝලනාත්මක ජීවිතයක්.. ඇගේ මවගේ පවුලටත් එකල බොහෝ චෝදනාව නැගුන බව දන්නෙ ඉතා අතලොස්සක් පමනයි..ඇගේ පවුලේ ව්‍යාපාරයක් ලෙස එකල දුප්පත් ගම්මාන වල වැන්දඹු ගැහැනුන් නගරයට ගෙන්වාගෙන ගණිකා සේවයේ යෙදෙව්වා යැයි චෝදනාව ලැබ නිතියෙන් වරද කරුවන් වී තිබෙනවා.. මේ නිසාම ඇය එයට සම්බන්ධ නැතත් කුඩා කාලයේ පාසැල් රැසක් මාරු කිරීමට ඇයට සිදුවූ බව සදහන්..
ඒ වගේම 2019 වසරේදී ඇය instagram වලට එක් කල ඇගේ සහ ඇගේ පුතාගේ ඡායාරූපය එකල බොහෝ දෙනාගේ ගැරහුමට ලක් වූවා මේ නිසාම අර්බාස් විසින් දරුවාගේ අයිතිය ඔහුට ලබා ගැනීමට නැවත උත්සාහ කළ බවත් සදහන්.. ඒ වගේම ඇය ලබන ආදායමට සරිලන බදු සහ ආදායම් වාර්තා ඉදිරිපත් නොකරන ජනප්‍රිය පුද්ගලයින්ගේ ලයිස්තුවේ ඇයත් සිටිනවා
මලයිකාගේ හිටි ගමන් මතුවන අමුතු ගමන් ලතාව නිසාත් ඇය බොහෝ විට මිනිසුන්ගේ සිනහවට ලක් වනවා .. කෙසේ නමුත් මලයිකා කියන්නේ බොහෝ දක්ෂතා ඇති කාන්තාවක්. ඇය සතුව මුම්බායි හි The Diva Yoga නමින් යෝග මධ්‍යස්ථානයක් ඇති අතර. ඇය රිතික් රෝෂන්ගේ හිටපු බිරිද සුසෑන් ඛාන් සහ ජනප්‍රිය නිලි බිපාෂා බාසු සමඟ ප්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් වන The Label Life හි සම හිමිකාරීත්වය දරණවා.. ඒ වගේම ඇය කරන් ජෝහර් සමගද ව්‍යාපාර කිහිපයක් හසුරුවනවා..
ඔන්න ඔහොමයි මලයිලාගේ අතීත කතාව ගෙතෙන්නේ…