Malaika Arora Indian Actress | Gossip

Malaika Arora Indian Actress Gossip by  Mmp Ranaweera

බැනුම් අහන ඇන්ටි…

මලයිකා කියන්නේ බොලිවුවයේ ඉන්න බැනුම් වැඩියෙන්ම අහන චරිතය වෙන්න ඇති.  ඒ වගේම ඉන්දියානු පොලීසියට ඇගේ හැසිරීම සම්බන්දයෙන් පවසමින් දිනකට සැලකිය යුතු ගනනක් පැමිනිලි ලැබෙන බවද සදහන්.ඔන්ලයින් තාක්ෂණයෙන් ලැබෙන පැමිණිලි අතර මලයිකාට ලැබෙන පැමිණිළි ගනන් කිරීමටත් නොහැකි තරම් බවයි පැවසෙන්නේ.. ඉන්දියාවේ නම් මේවා සාමාන්‍යයි. හේතුව ජනගහනය වැඩි නිසා මලයිකාට කැමති පිරිසට සාපේක්ෂව අකමැති රසිකයිනුත් ලක්ෂගණින් ඇති..

මලයිකා ඇයි මේ තරම් ජනතා අප්‍රසාදයට ලක්වන්නේ කියලා හිතුවොත් ඇගේ සරාගී කම මීට හේතුව ලෙස සිතන්නට පුළුවන්. දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ව හොදින් හදාගන්බට මලයිකා නිසා නොහැකි බවත්, ප්‍රසිද්ධ චරිතයක් ලෙස ඇය මීට වඩා ආදර්ශමත් විදිහට හැසිරිය යුතු බවත් ඇයට නැගෙන චෝදනා අතර වනවා . ඒ වගේම ඇගේ තරුණ පෙම්වතා සමග,ඇගේ හැසිරීම වගේම . ඇයගේ ගමන් විලාසයත් ඇය සමාජ ජාල වලට ඡායාරූප එක් කිරීමේදී ඇයට බනින රසිකයින් තවත් ඇයට විවේචන එක් කරන හේතු කීහිපයක්.. ඒ වගේම බොහෝ දෙනා ඇයට ආනන්ත්‍රනය කරන්නේ “ඇන්ටී” යනුවෙනි.

ඇයට හොද කියන පිරිසට වඩා නරක කියන පිරිස වැඩි බව ඕනම කෙනෙක්‍ට පේන සත්‍යයක්. වයසට නොගැලපෙන හැසිරීම ගැන පවසමින්ම එක් මාද්‍යවේදියෙකු ඇගෙන් මේ ගැන අසනවා.. ඇය දුන් පිළිතුර ඉතා කෙටි එකක්.. ඇගේ පිලිතුර වූවේ..

“මම ඒවට සැලෙයිද? නෑ මම තවමත් හොදින් ඉන්නවා. අනික මම යෝගා ගුරුවරියක්.. මගේ ව්‍යාපාරය දියුණු කරගන්නනම්.මම ඇග පෙන්නන්න ඕන…” යනුවෙනි..

 

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *