Main Hoon Na (2001) Hindi | Sinhala Article

Main Hoon Na (2001) Hindi

7/10IMDb
81%Rotten Tomatoes
79% liked this film Google users

මෙි දවස්වල කොරෝනා එක්ක නො⁣මිලේම හමිබවෙන ⁣ස්ට්‍රෙිස් එක නැති කරගන්න හැපි මුඩි එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි “Main Hoo na” කියන්නේ. “Main Hoo na” කියන්නේ බොලිවුඩි ජනප්‍රිය දහරාවෙි සිනමාව ඇතුලේ නිර්මාණය වුනු අයිකනික් ෆිල්ම් එකක්. “Main Hoo na” අදටත් බලන්න පුලුවන් Fully Entertainment Film එකක්. ඉන්දියානු චිත්‍රපට වෙනුවෙන් ඇඳුමි නිර්මාණ ශිල්පිනියක් වුනු ෆාරා ඛාන් තමයි “Main Hoo na” අධ්‍යක්ෂණය කරන්නේ. කාන්තාවක් විසින් බොලිවුඩි සිනමාව ඇතුළේ මෙි වගේ චිත්‍රපටයක් හැදුවා කියන්නේ හිතාගන්න බැරි වැඩක්. චිත්‍රපටය බලනකොට මුළු චිත්‍රපටය පුරාවටම කැපී පේන්නේ ෂාරැක් නෙමෙයි, ෆාරාගේ ෆැෂනබල් ඩිසයිනින්ග්. ඒ Choreographed designed එහෙම ෆාරා ඛාන්ගේ පරිකල්පනයත් ඒකක නිර්මාණය වුනු දේවල්. ඒවා ගොඩක් ආකර්ෂණීයයි. ඇහේ කටෙි දාගෙන බලන්න උනන්දු කරවන Choreographes. නානප්‍රකාර විච්චුරණ යුරෝපීය පන්නයේ ඇඳුමිවලින් මුළු චිත්‍රපටයෙන් අඩක්ම වගේ වැහිලා තියෙන්නේ. ඉන්දියානු සංස්කෘතියෙන් වියුක්ත වෙලා බටහිර සංස්කෘතියක් ආරෝපණය කරන්න, ඉන්දියානු සමිප්‍රදායික අදහස් වෙනස් කරන්න “Main Hoo na” චිත්‍රපටය ගොඩක් බලපෑම් කලා කියලා සිනමා විචාරකයෝ කියනවා.

චිත්‍රපටයේ එන රාම්, ලකී (ලක්ෂ්මන් ) සහ රාඝවන් යන චරිත 3 නම් කරලා තියෙන්නේ රාමායණය කතාවේ එන රාම්, ලක්ෂ්මන් සහ රාවන් යන චරිත 3 නම් උපයෝගී කරගෙන. ඒ කියන්නේ ඉන්දියානු සිනමාව මුලිකවම බිහි වෙන්නේ හින්දු ආගමෙි වීර කාව්‍යයක් ⁣වුනු රාමායණය ඇසුරින්. ඉන්දියානු සිනමාවෙි පලවෙනි චිත්‍රපටය වුනු රාජා හරිස්චන්ද්‍ර චිත්‍රපටය සිට මෙි දක්වාම ඉන්දියානු සිනමාව ඇතුළේ හැදෙන බොහෝ චිත්‍රපටවල මෙි රාමායණයේ බලපෑම තියෙනවා. හොලිවුඩ් සිනමාවෙි මිෂන් ඉමිපොසිබල්, මෙට්‍රික්ස් වගේ ඇක්ෂන් චිත්‍රපටවල තියෙන ලක්ෂණත් “Main Hoo na” ඇතුළේ තියෙනවා. ඒක බැලු බැල්මට දකින්න පුලුවන් දෙයක්. ඉන්දියානු – පාකිස්තාන ගැටුමත් මෙි මසාලා චිත්‍රපටය ඇතුළේ පොදු දෘෂ්ටිවාදයක් (Ideology) විදියට ලස්සනට නඩත්තු කරන බවක් දක්නට ලැබෙනවා. “Main Hoo na” චිත්‍රපටය ඇත්තටම ජනප්‍රිය වෙන්නේ ගීතවලින්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු අනු මලික්ට පනස්වෙනි ෆිල්මිෆෙයාර් සමිමාන උළෙල, සී සිනේ වගේ සමිමාන උළෙලවල්වලදි හොඳම පසුබිමි සංගීතයට හිමි සමිමානයන්ට පාත්‍ර වෙනවා.

Release dateApril 30, 2004 (India)
Box office₹840 million

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *