Mahaan (2022) Tamil by Himashi Indrachapa
ගූගල් පරිශීලක දර්ශකය 95%
IMDB 8.6/10
චියාන් වික්‍රම්.කවුද ඉතින් වික්‍රම්ට ආදරේ නැත්තේ.ඇත්තටම වික්‍රම ඉන්න ෆිල්ම් එකක් කිව්වම ඒක කොහොමත් ටිකක් ස්පෙශල්.මොකද කවදාවත් වික්‍රම් ඉන්න ෆිල්ම් එකක් බලද්දි මේ ඉන්නේ වික්‍රම් කියන නළුවා කියල කොහොමටවත් දැනෙන් නෑ.තමන්ගේ චරිතේ හරහා අපිව හිතාගන්න බැරි විදියට ෆිල්ම් එකට ඇබ්බැහි කරවන්න තරම් වික්‍රම්ගේ රංගනය අති විශිෂ්ටයි. වික්‍රම් කොයිතරම් දක්ෂයෙක් ද කියන්න එක උදාහරණයක් තමයි “Pithamagan” ෆිල්ම් එක. තිරගත වෙලා අවුරුදු 20කට ආසන්න කාලයක් වුණත් තාමත් චිත්‍රන් ගැන මගේ හිතේ තියෙන්නේ නැවුම් හැඟිමක්.තව අවුරුදු 20ක් ගියත් ඒ හැඟිම ඒ විදියටම දැනෙයි කියලා මට සීයට සීයක් විශ්වාසයි. ඒ තරම් වික්‍රම්ගේ රංගනයන් කාලානුරූපියි. “Pithamagan” වික්‍රම්ගේ දක්ෂතාවයට එක් උදාහරණයක් විතරයි. සේතු, අයි, ඉරු මුගන්, සාමි ඇතුළු වික්‍රම්ගේ සෑම චිත්‍රපටයක් ම ඇත්තටම සුවිශේෂියි. මම පෙර කීවා වගේම මට නම් ඒ සෑම චිත්‍රපටයකම මතකයේ ඇත්තේ වික්‍රම් කියන නළුවා නොවේ ඔහු රඟ පෑ චරිතය පමණි.
කෙසේ නමුත් 2019වසරේ තිරගත වූ “Kadram Kondan” චිත්‍රපටයෙන් පසු වික්‍රම්ගේ චිත්‍රපටයක් අපට වසර 3කින් දැකබලා ගැනීමට ලැබුණේ නෑ. ඒ වගේම “Kadram Kondan” චිත්‍රපටය එතරම් සාර්ථක චිත්‍රපටයක් වුණේ නෑ. ඉතින් වසර තුනක සිට නැවතත් සාර්ථක සිනමා ආගමනයත් බලාපොරොත්තුවෙන් සිටින ඔහුගේ රසිකයන්ට මේ අවුරුද්දේ දී වික්‍රම් තවත් පුදුමකිරිමක් සමඟ විශේෂ තෑග්ගක් ලබා දෙනවා. ඒ තමයි කාර්තික් සුබ්‍රරාජ්ගේ “Mahaan” චිත්‍රපටය. ඉතින් මෙහි ඇති පුදුම කිරිම නම් ඒ ඔහුගේ එකම පුත් දෘව් වික්‍රම් මෙහි ඔහු සමඟ ප්‍රධාන ප්‍රතිවීර චරිතය නිරූපණය කිරිමයි.

ගාන්ධි මහාන් කියන්නෙ කුඩාකල සිටම ගාන්ධි පරම්පරාවෙන් පැවත එන දැඩි ප්‍රතිපත්තිගරුක පවුලක හැදී වැඩුණු කෙනෙක්. විශේෂම කරුණ නම් මේ පවුල දැඩි අමද්‍යපවාදි පවුලක්. ඉතින් තම පවුලේ මේ දැඩි ප්‍රතිපත්ති ගරුක බව නිසාම මොහු තමන්ගේ ජීවිතයේ යම් ඒකාකාරී බවක හිරවෙනවා. නමුත් ඔහුට අවුරුදු 40 වන විට දිනක ඔහු මේ නීතිරීති වලින් මදකට නිදහස් වී තමන්ගේ ජීවිතය තමන් ආශා කරන අයුරින් ගෙවනවා. ඒ කියන්නේ ගාන්ධි එදා මත්පැන් පානය කරමින් සූදු සෙල්ලම් කරමින් නටමින් ගයමින් තමන් කැමති ලෙස දවස ගෙවනවා. එදින ගාන්ධිට තමාගේ කුඩා කල හොඳම යාලුවා සත්‍යවන් හා ඔහුගේ පුතා රොකී මුණ ගැසෙනවා. සත්‍යවන් ඒ වනව විට බාර් හිමිකරුවෙක්. හිමිකරුවෙක් කීවට ඉතින් ඒකේ විකුණන්නේ හොර අරක්කු. ඉතින් මේ හමුවීම ගාන්ධිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඒ කොහොමද කීවොත් එදා ඔහු මත්පැන් පානය කෙරූ බව දැනගෙන ඔහුගේ බිරිඳ නාචි දරුවා සමඟ ඔහුව හැර යනවා.ඒ හැර යමත් සමග තනිවන ගාන්ධි සත්‍යවයන් සමග එකතු වී ඔහුගේ අරක්කු ව්‍යාපාරය සුරා කියන නමින් ඉතා දියුණුවට පත් කරනවා.

දාදාගේ චරිතය ගත් කළ කුඩා කාලයේදී සාමාන්‍ය ලෙස ගෙවී යන චරිතයකි.නමුත් ඩැඩාගේ නැවත පැමිණීමත් සමඟ එම චරිතය පිළිබඳ මටනම් කලින් කියු සේම ඇතිවුණේ අප්‍රසාදයකි. තම මවගේ හා පරම්පරාවේ ප්‍රතිපත්තිවලින් හිස පුරවාගෙන තමන් පමණක් නිවැරදි යැයි සිතා සිටින තරුණයෙක් පමණකි. පළිගැනිමේ වියරුවෙන් හා දැඩි පරම්පාරික ප්‍රතිපත්තිවලින් යට වී සිටිය නිසා ඔහුට පියාගේ ආදරය හා සෙනෙහස නොදැණුන බවයි මට හැගෙන්නේ. එමෙන්ම දාදාගේ මව වන ගාන්ධිගේ බිරිඳ නාචි ද තම සැමියාට වඩා තම පවුලේ ප්‍රතිපත්තිවලින් හිස උදුම්මාගත් කාන්තාවක් ලෙසයි මට දැනුණේ.එමෙන්ම සෑම විටම තමන් නිවැරැදි යැයි සිතා කටයුතු කරන ඇය මේ පිය පුතු ගැටුමට මූලික හේතූව බව පෙනි යයි. දාදා ගාන්ධිට කෙතරම් රිදවූවත් ගාන්ධි සෑම විටම ඔහු පිළිබඳ සෙනෙහසින් කටයුතු කරන බව හැඟේ. තම පුතා බේරාගැනීමට දුකට සැපට සිටි තම එකම මිතුරා මැරීමට පවා ගාන්ධි දෙවරක් සිතයි.දරුවන් කෙතරම් වැරදි කරත් දෙමව්පියන් දරුවන්ව අත් නොහරින බව මම ගාන්ධි තුළ සිටි සෙනෙහබර පියාගෙන් දුටුවෙමි. සැබවින්ම චිත්‍රපටියේ දෙවන භාගයේදි මම ගාන්ධි තුළින් දුටුවේ වීරයෙක්වත් දුෂ්ටයෙක්වත් නොවේ ආදරණීය පියෙකු පමණි.

අවසානයේ මෙම චිත්‍රපටය අපට පසක් කරන්නේ කෙනෙකුට තව කෙනෙක්ගේ ජීවිතය පිළිබඳ තීරණය කරන්නට කිසි අයිතියක් නැති බවයි. ගාන්ධිගේ පියාගේ චරිතයෙන් ද පසක් කරන්නේ දරුවන් සිටින්නේ දෙමව්පියන්ගේ අසම්පූර්ණ අරමුණු සම්පූර්ණ කිරිමට නොවන වගයි. එමෙන්ම යම් පුතිපත්තියක අන්තවාදින් වී අනෙක් මිනිස්සු ද ඒ විදියටම සිටිය යුතු යැයි සිතිම කෙතරම් වැරදිද යන්න චිත්‍රපටය අවසානයේදි ගාන්ධි මනාවට පැහැදිලි කර දෙයි. වික්‍රම් හා දෘව්ට අමතරව මෙහි නාචි ලෙස සිම්රන් ද සත්‍යවන් ලෙස බොබී සිම්හා ද රංගනයේ යෙදෙයි.ඇත්තටම මෙහි බොබී සිම්හා විශිෂ්ට රංගනයක නියැළෙයි. එය ඇත්තටම අගය කළ යුතුය.එමෙන්ම අනෙකුත් රංගන ශීල්පීන් ද තමන්ගේ දක්ෂතාවය උපරිමෙන්ම ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනී යයි.
අවසානයේ දී චිත්‍රපටිය නිමාවට පත්වෙන්නේ දෙවන කොටසක් ගැන අපට යම් ඉඟියක් ද ලබා දෙමිනි. සමස්තයක් ලෙස මට මෙම චිත්‍රපටය දැනුණේ ආදරණීය පියෙකුගෙත් පියාගේ ආදරය නැවත අයිති කරගැනීමට රණ්ඩු කරන හිතුවක්කාර පුතෙකුගෙත් එක් පිය පුතු ගැටමක් ලෙසයි.
Directed by | Karthik Subbaraj |
---|---|
Written by | Karthik Subbaraj |
Produced by | S. S. Lalit Kumar |
Starring | |
Cinematography | Shreyaas Krishna |
Edited by | Vivek Harshan |
Music by | Santhosh Narayanan |
Production
company |
Seven Screen Studio
|
Distributed by | Amazon Prime Video |
Release date
|
|