Madonna – Frozen English Song

Madonna – Frozen English Song by Luckshman Aranwala

මැඩෝනා කියන්නෙ ඉතින් බටහිර පොප් සංගීතයේ රැජිනියනේ. මට නම් තාමත් මැඩෝනා කිව්වම කෙලින්ම ඔළුවට එන්නෙ ‘ල ඉස්ලා බොනීටා’ ම තමා. ඒත් මැඩෝනා ගෙ මම ආසම ගීතය මොකක්ද කියල ඇහුවොත් ඒක සදාකාලිකවම Frozen ම තමයි. ඇයි ෆ්රෝස්න් ට මෙච්චරම කැමති? හේතු කීපයක් තියෙනවා. මුලින්ම මම මේ වීඩියෝව දකින්නෙ VHS වලින් චිත්රපට බලන කාලෙදි. 1998 දි රිලීස් වෙච්ච Shadow Builder VHS එක බලනකොට ෆිල්ම් එක ඉවරවුණාට පස්සෙ චිත්රපටයට කිසිම විදිහකින් සම්බන්ධ නැති මේ ෆ්රෝස්න් සිංදුවේ මියුසික් වීඩියෝ එක තිබුණා. ගීතය නිකුත් වෙලා තියෙන්නත් 1998 මයි. චිත්රපටයත් හොරර් එකක් නිසාත් ගීතයේ තිබ්බෙත් හොරර් ස්වරූපයක් නිසාත් වඩාත් සිත්ගත්තා. වීඩියෝ එක නිසායි ඇත්තටම ගීතයට වශී වුණේ. MTV Video Music Award වෙනුවෙන් “Best Special Effects” ජයග්රහණය ලබාගන්නටත් සමත්වුණා.

හැබැයි මෙලඩි එක සංගීතය තුළ තමයි සැබෑ ආකර්ෂණීයත්වය මුළුමනින්ම අඩංගු වෙන්නේ. බටහිර ගීතයකින් පෙරදිග ආරක් ඇහෙනකොට ඒක ඇත්තටම වෙනමම ලෙවල් එකක මිහිරක් දනවන්නක්. මෙතනදී දැනෙන්නේ මැදපෙරදිග වයිබ් එකක්. විශේෂයෙන්ම මොරොක්කෝවේ සංගීත ශෛලිය තමා ඇහෙන්නේ. දැහැන්ගත වෙලා සැනසෙන්නත් පුළුවන්, රිද්මයට නතු වෙලා නැලවෙන්නත් පුළුවන්. ඊටම මුසුවෙන මැඩෝනා ගෙ හඬ ගීතය පුරාවටම අමුතු අඳුරක් පතුරනවා. පද වලින් කියවෙනවා තරමක අමුතු ආදරවන්තයෙක් ගැන. ටයිට්ල් එකට අනුව එයා Frozen, එහෙමත් නැතිනම් Cold අයෙක්. Emotionless අයෙක්. Not Open, ගුප්තකාරී කියන එක තමා එයාගෙ විදිහ.

මෙහෙමයි කියන්නේ:

You only see what your eyes want to see

How can life be what you want it to be

You’re frozen…

when your heart’s not open

You’re so consumed with how much you get

You waste your time with hate and regret

You’re broken…

when your heart’s not open

If I could melt your heart

We’d never be apart

Give yourself to me

You hold the key

මේ නිසාම සිංදුව පුරාම රජයන්නේ gloomy සොබහවයක්. පද පෙලට අනුකූල මෙලඩියත් සංගීතයත් අඳුරු වීඩියෝවත් මැඩෝනා ගෙ Witchlike ස්වරූපයත් එක්ක මේක 90 දශකයේ මාස්ටර්පීස් වැඩක් කියන්න පුළුවන්. රටවල් ගණනාවක මියුසික් චාට් වල අංක එකට ආවා වගේම සුප්රසිද්ධ US Billboard Hot 100 හි දෙවන ස්ථානයේ වැජඹෙන්නට ෆ්රෝස්න් ට හැකිවුණා. සිංදුව පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *