Madhuri Dixit & Deepika Padukone Exclusive Chat | Sinhala Article

Madhuri Dixit & Deepika Padukone Exclusive Chat by Mmp Ranaweera

එදා සහ අද සිනමාවේ රසබර කතාව…

මාධුරි සහ දීපිකාගේ රසබර හමුව..??️

❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎
indiatoday සගරාව මගින් දියත් කළ The Unforgettables වැඩ සටහනේදී පැවති මාධුරි ඩික්සිත් සහ දීපිකාගේ සුහද කතා බහේ සිංහල අනුවාදය..
❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎❥︎

?මධුරි ඩික්සිත්:

අපි ඒ දවස්වල චිත්‍රපටි වල රගපාන්න යන්නේ කරන්න තියෙනදේ වාහනේ යනගමන් කතා කර කර. කියන්න යන දෙබස් . චරිතේ ලක්ෂණ කිසිම දෙයක් නොදැන පවා ගිය අවස්තා තිබුනා. කලින් ලියූ තිරපිටපතක් තිබුනත් අපේ කාල සටහනට අනුව එය ඔහුට කියා වෙනස් කර ගන්න,පුළුවන් දෙබස් පවා බොහෝ විට එවෙලේ ලියන ඒවා සහ අපි විසින් කියූ ඒවා .

“මොනවද දෙබස් …
විනාඩි 5ක් දෙන්න ලියලා දෙන්නම්” ඔහොම තබා දෙබස් ලැබුනේ..
මම හිතන්නේ අද කාලේ කර්මාන්තය එදාට වඩා විධිමත් කියලා..

? දීපිකා පදුකෝන්:

දිනකට එක් චිත්‍රපටයක් පමණක් නොවේ. ඔබ එක් දිනකදී එක් රූගත කිරීමක සිට තවත් රූගත කිරීමකට ගියපු අවස්ථා තිබුණා නේද..

?මධුරි:

ඒ කාලේ ඒක සාමාන්‍ය දෙයක්. මට මතකයි අවුරුද්දක් ඇතුළත මම චිත්‍රපට 12 ක් කළා. අද මට ඒක සිතාගත නොහැකි තරම් දෙයක්.

?️දීපිකා:

දෙවියනේ … මම එකවර හතරක් කළා, මම හිතුවේ ඒක වික්‍රමයක් කියලා.?

?මාධුරි:

බේටා (1992) වල “Dhak dhak karne laga” රූගත කරන්නට පයන් ගත්තේ සවස 7 ට එය පසුදින අළුයම 2 දක්වා ම සිදු කළා.

?️දීපිකා: ඔබට නින්ද ගියේ නැද්ද ?

?මධුරි: නිදිමත නොතිබුනා නෙවෙයි නමුත් කැමරාව දිහා හොඳින් බැලීමට අපට සිදු වුනා. මම ආපසු හැරී බැලුවාම, අපි මේවා කළමනාකරණය කළේ කොහොමද කියා සිතා ගන්න බෑ. ඇත්තෙන්ම කරන දෙයින් ආත්මය තෘප්තිය ලැබෙනවනම් සහ රැකියාවට ආදරෙයිනම් එය ප්‍රශ්නයක් නෙවෙයි.

?️දීපිකා: මට චිත්‍රපටි 4ක් කරන්න ගොඩක් අමාරු උනා මට විතරක් නෙවෙයි මගේ පරම්පරාවේ අනික් නිලියන්ටත් එහෙමයි. අනික ඔබ දෙබස් මතක තබා ගනිමින් එකවර චිත්‍රපට 12 ක් කරා.. දෙවිටනේ මට සිතා ගැනීමට පවා නොහැකිය.

?මධුරි: ඒ ඒ චිත්‍රපටියේ චිත්‍රපටය සඳහා ඔබට ලැබෙන චරිතය මතක තාබා ගැනීම වටිනවා.

?️දීපිකා: යම් අවස්ථාවක ඔබට ඔබ කවුදැයි කියා අමතක වී නැද්ද?

? මධුරි: ? අවංකවම කිව්වොත් , මට මම ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. මට මාව කවුද කියා සිතන වෙලාවෙත් මම කලේ මගේ චරිත ගැන හිතපු එක වෙන්න ඇති. අපිට ඒ කාලේ ඒ තරමටම වැඩ. මම ගෙදර ගිහින් ඇදේ නිදාගෙන මට අහිමි වූ දේ ගැන හිතලා තියෙනවා. විවේකීව මම ගැන සිතිය යුතු බව සිතනවා. නමුත් ආයි ඉතින් අනික් දවසේ ඉදලා ලාර්‍යබහුලයි. පස්සේ මම මම කරන චරිතය අවධානයෙන් කිරීමට උත්සා කරා ඒ නිසා ගොඩක් චිත්‍රපටි භාර නොගෙන සිටියා. මම හම් ආප්කේ හයින් කෝන් (1994) චිත්‍රපටය තමා මුළින්ම හොද අවධානයක් ඇතිව කළ චිත්‍රපටය.

?️දීපිකා: ඔබ සම්පූර්ණයෙන්ම එහි සිටියා.. එය සත්‍යක් … ?️?️

?මධුරි: මම තීරණය කළා මම චිත්‍රපට අඩු ප්‍රමාණයක් කරන බවත් ඒකත් එකවර එක චිත්‍රපටයක් පමණක් කරන බවත්.

?️දීපිකා: ඔබට සිතුනද ඔබ බොහෝ වැඩ භාරගත් නිසා ඔබේ ගුණාත්මක භාවය පිරිහුණා කියලා…

?මධුරි: මම රූගත කිරීම් කළ සෑම මොහොතකම මගේ වගකීම ගැන හොද අවධානයකින් හිටියා. කිසිම මොහොතක මම අලස උනේ නෑ. හදිසියේ හරි මම එය අකමැත්තෙන් කළානම් මට ඒඑක ලොකු හිසරදයක්..

?️දීපිකා: හරියට ඔබ ලේ රස බැලුවා වගේ, ඔබට පුලුවන් කාලේ ඔබේ උපරිමය කළා ඔබට ආයිත් ඒ කාලයට යා නොහැකි බව ඔබ දැන සිටියා වගේ…

?මධුරි: ඔයාට එය දැනෙන්නේ කොහොමද දීපිකා? ඔබ 2013 වසරේ දී චිත්‍රපට හතරක් කරන විට, ‘අනේ දෙයියනේ, මොනවද මේ වෙන්නේ?’ කියලා හිතුවද…

?️දීපිකා: එක මට දැනුනේ මගේ සෞඛ්‍යයට සහ මගේ පවුල සමඟ මගේ සම්බන්ධතාවයට හානියක් වූ බවක්.. අනික් කාරනය මගේ ජීවිතයේ එම කාලය ගැන මම මතක් කරන කැමති නෑ. මට අවශ්‍ය උනා ප්‍රශ්න අමතක කරලා කාර්‍යබහුල වෙන එක. අනික ඒ කාලේ වගේ දැන් අපේ පරම්පරාවට ගොඩක් චිත්‍රපටි ලැබෙන්නේ නෑ. මට දැන් අවශ්‍ය ලැබෙන හොද චරිතයකින් ස්තාවර වීම පමනයි. අපි දැන් එයට අරගල කළ යුතුයි. තරගකාරීත්වය වැඩි නිසාවෙන්ම.

?මධුරි: අනිවාර්යයෙන් ඔබ වැඩ කල යුතේ ඔබ වෙනුවෙන්මයි.?️

?️දීපිකා: ඇත්තටම පසුගිය අවුරුදු හතර පහ තුළ මට ඒක දැනුනා.. . ‘දින වකවානු ලබා නොදුනහොත් අපට ඔබව චිත්‍රපටයෙන් ඉවත් කිරීමට සිදුවෙනවා’ යන තර්ජනයෙන් ඔවුන් අපිට ලබා දෙනවා. ?, අද මම සිටින්නේ ඒ පීඩනයත් ඇතිව. ‘එහෙනම් හරි’ කියන තත්වයට මම පත් වෙනකම්.අපි ස්තාවරව ඉන්න ඕනේ.. ඔබේ පරම්පරාවට එම අත්දැකීම නොලැබුනා විය හැකියි.

?මධුරි: මම කැමතියි ඒකට… අද ඔබ සමඟ කණ්ඩායමක් වැඩ කරනවා. පිටපත් සහ පෙනුම සැලසුම් කරන පිරිසක් ඔබගේ යටතේ ඉන්නවා. අපි කලින් දෙනදෙයක් කරා විතරයි. සමහර විට ඔබ අපේ චිත්‍රපටි වලද දකිනවා ඇති. ලොකු ශ්‍රම දායකත්වයක් අපේ චිත්‍රපටි තුල දකින්නට තිබුනේ නෑ.

?️ දීපිකා: ඇත්තටම දැන් හැම දේ ගැනම වගකීමක් ලබා දී තිබෙනවා. කණ්ඩායම් නියෝජිතයා, කළමනාකරු, කොණ්ඩය සහ වේශ නිරූපණ පුද්ගලයා, මෝස්තර ශිල්පියා, පුහුණුකරු නොමැතිව නළුවන් අද ඔබට දකින්නට ලැබෙන්නේ නෑ . ඒ සැම දෙයකම එකතුවක් තමා නලුවා හෝ නිලිය ලෙස අද අපි දකින්නේ. මැනේජර් කෙනෙකු සිටි මුල්ම නිළියන් ගොන්නේ ඉන්නේ ඔබ.

?මධුරි: නමුත් වර්තමානයේ පෙනුම කෙරෙහි දැඩි පීඩනයක් එල්ල වී තිබේනවා. සැග වී සිට ඡ්‍යාරූප ගැනීම නිසා හැම මොහොතකම අපි අපේ පෙනුම ගැන අවධානයෙන් සිටිය යුතුයි..ඒ කාලයේදී අපට ඒ පීඩන ඇත්තට තිබුනේ නෑ..?️

?️ දීපිකා: දැන් කාලයේ මිනිසුන්ට ලං විය හැකි එකම දෙය එය වී හමාරයි..

?මධුරි: ජංගම දුරකථන… !!! අපි එයිනුත් බේරිය යුතුයි.

?️දීපිකා: ඔව්. පසුගිය දවසක මම බැංගලෝර් සිට මුම්බායි බලා යන ගුවන් යානයක නිදා ගත්තා. අඩමානෙට නිදාගෙන ඉන්නැද්දි
ගුවන් සේවිකාවට මා සමඟ පින්තූරයක් ගැනීමට අවශ්‍ය කිව්වා.. බෑ කියන්න බෑ.. ඒත් මගේ ඇසුත් ඉදිමිලා.. මොනවා කරන්නද පස්සේ ගත්තා

?මධුරි: එහෙම අහලා ඡ්‍යාරූප ගන්න එක ලොකුදෙයක්.. වරක් මම ගුවන් යානයක නිදා සිටියදී කෙනෙක් මගේ ඡායාරූපය ගැනීමට උත්සාහ කරලා. මම හොදරම නිදි අතරතුරේ. මගේ කළමනාකරු එය දැකලා ඔහු එය නවත්වලා.

?️දීපිකා: ඇත්තම කතාව, අපිට තවදුරටත් පෞද්ගලික දෙයක් නැත. ?

?මධුරි: දීපිකා, ඔබ ඔබේම තත්වයකට ආවේ කෙසේදැයි මට කියන්න? ඔබ විශිෂ්ට චිත්‍රපටියකින්ම සිනමාවට පැමිනියා..ඒ දැනෙන දේ මට කියන්න..

?️ දීපිකා: ඕම් ශාන්ති ඕම් (2007) මගේ ජීවිතේ සිහිනයක් වගේ. මගේ රංගනයේ සෑම අංශයක්ම ගැනම සැලකිලිමත් වූ නිර්මානයක් ඒක. මම දෙයක් බලාපොරොත්තු නොවී කළ එකම නිර්මානය එයයි. එයින් පසුවකළ හැම නිර්මාණයකම මට බලාපොරොත්තුවක් තිබුනා.

?මධුරි: මට හිතෙන්නේ ඔබේ හොදම රංගනය කොක්ටේල් (2012) කියලා. ඔබේ ගමන පටන්ගත්තේ මට අනුවනම් එතන සිටයි.

?️දීපිකා: වීරවරියන් හා වීරයින් කෙබඳු විය යුතුද යන්න පිළිබඳ මෙම හැඟීම ක් මුලින් තිබුනේ නෑ. මම ක්‍රීඩා පවුලකින් පැවත එන නිසා සිනමාව ගැන ලොකු අවබෝධයක් මට තිබුනේ නෑ. නමුත් කෝක්ටෙල් මාව කවුරුන් විය යුතුද කියන දේ කියා දුන්න චිත්‍රපටියක්. අවසානයේ මම මමම විය යුතු බව මට වැටහුණා. මාධුරි ජී… ඔබ සිනමාවට පිවිසීමට ගත් තීරණයට දෙමව්පියන්ගේ සහයෝගය ලැබුණාද?

?මධුරි: ඔව්, ඔවුන් සිටියා මා සමග. මට චිත්‍රපටි වල නියැලීමට අවශ්‍ය බව මම තීරණය කළ විට, අපේ ගෙදරදී ලොකු රැස්වීමක් තිබුණා ?️?, ආගමානුකූලව ජීවත් වූ මගේ මවගේ පවුලෙන් එය හොඳදැයි ඇසීමට සිදුවූවා. ඉතිං මගේ අම්මා මගේ ආච්චිගෙන් ඇහුවා, ‘ඇයි නැත්තේ? ඇයට දක්‍ෂතාවක් තිබේ නම් ඇය එය කරාවි. ‘ කියලා පිළිතුරු දුන් පසුවයි මගේ මව මෙයට කැමති වූවේ. ඔබේ දෙමාපියන් ඔබේ පැත්තේ සිටීම සතුටක් . එය අනිවාර්‍යයි. දීපිකා ඔබ මගෙන් කලින් ඇසුවා මම නිතරම වැඩ කරමින් සිටි කාලය ගෙවී ගියේ කෙසේද? කියලා.. එය මගේ පවුල නිසා සතුටින් ගෙවුනා. ඔවුන්ට මාව ගෙදර දුව පමනක් වූවා. මම එළියේ තරුවක් විය හැකි නමුත් මට තවමත් මගේ කාමරය පිරිසිදු කළ යුතු බව මට මතක් කර දෙමින් මාව තරු මානසිකත්වයෙන් එළියට ගත්තා. දීපිකා. ඔබේ දෙමාපියන් ගැන කුමක් කිව හැකිද?

?️ දීපිකා: මගේ ආශාවේදී ඔවුන් මට මුළු හදවතින්ම සහයෝගය දුන්නා. මට මතකයි, මට මගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට සිදු වූ විට, මම මගේ මවගෙන් රුපියල් 10,000 ක් ණයට ගත් අතර, එය ආපසු දෙන බවට මම ඇයට පොරොන්දු උනා. මම නැවත ඇයට එය දුන්නා. කර්මාන්තය ගැන ඔවුන්ට ප්‍රමාණවත් දැනුමක් නොතිබූ නිසා මම ජනප්‍රිය වෙනකොට ඔවුන්ට මට අවශ්‍ය මැනේජර් කෙනෙකු හොයලා දෙන්න ගොඩක් මහන්සිඋනා මගේ පියාට (ප්‍රකාශ් පදුකෝන්) පවා වෘත්තීයමය ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කලේ නෑ. මම ඔහුගෙන් ඉගෙන ගෙන ඇත්තේ ඔබ යම් දෙයක් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නේ නම් ඔබට කළ යුතු දේ කිරීමට සහ ඔබට සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීමට මාර්ගයක් සොයා ගත හැකි බව පමනයි. මාධුරි ජී ඇත්තෙන්ම මගේ පියා ඔබ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ රසිකයෙක් ?️??

?මධුරි: (සිනාසෙයි)

?️දීපිකා: ඔබ විවාහ වූ බව මාධ්‍ය නිවේදනය කළ දිනයේ ඔහු නාන කාමරයට ගොස් නැවත පැමිනියේ නෑ.. නානකාමරයෙන් එළියට එනකොට ඔහුගේ ඇස් ඉදිමිලා තිබිලා ..?? ඒ කතාව අදටත් පවුලේ අය රැස් වන විට අපි කියා සිනා සෙනවා . ඔහු ඔබේ ලොකුම රසිකයෙක්..

MMP රණවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *