Madhuram (2021) Malayalam | Sinhala Article

Madhuram (2021) Malayalam Malintha Imalka Vithanage

“ප්‍රේමයේ ඇති මධුරතරබව කියන මලයාලමි අරුමැසිය – “මධුරන්”

දකුණු ඉන්දියාවෙි කේරළයේ හැදෙන මලයාලමි ෆිල්ම්වල නමි තියෙන්නේ පුදුමාකාර සිනමැටික් රහක්. මෙි හින්දම කාලාන්තරයක් තිස්සේ ලංකාවෙි Movie Audience එක Indian Film Industry එකෙන් බිහිවෙන හින්දි ෆිල්ම්ස්, ටැමිල් ෆිල්ම්ස්වලට නැති අලුත් ෆෑන් බෙිස් එකක් දැන් දැන් මලයාලමි සිනමාව වටා හැදෙන්න පටන් අරන්. 2021 Released වුන මෙි මලයාලමි ෆිල්ම් එකේ නම “මධුරමි (Madhuram) “. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මධුරතර චිත්‍රපටයක් වගේම සිනමාත්මක වන්දනාවක ගෙනියන මධුර චාරිකාවක් තමයි “මධුරමි” කියන්නේ. ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නමි රෝහලක එහෙම නැත්නමි ඉස්පිරිතාලෙක තමයි මුළු කතාවම ගෙතිලා තියෙන්නේ. රෝහල කියන්නේ අපේ ජීවිතයේ ගහට පොත්ත වගේ බැඳුණ නිතරම යන එන සුපුරුදු තාවකාලික නවාතැනක්නේ. ඉතින් මෙි නිසාම ඉස්පිරිතාලය ඇතුළේ එකිනෙකාව හඳුනගන්න ලැබෙන අපුරු අවකාශයක් බවටත් පත්වෙනවා.

ප්‍රේමය කියන්නේ හරිම Interesting කාරණාවක් නිසාම “මධුරමි” ෆිල්ම් එකේ තේමාව බවට පත්වෙන්නේ ප්‍රේමය කියන හරි අපුරු මාතෘකාව. ඉස්පිරිතාලෙක නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බලාගන්න (Hospital Watcher) පැමිණෙන පවුලේ අය වෙනුවෙන් රෝහල් ගොඩනැගිල්ලේම වෙන් කරලා තියෙන පොදු නවාතැනකට එක් රොක් වූ පිරිසක් ඇසුරෙනුයි කතන්දරය නිර්මාණය වෙන්නේ. මධුරමි ෆිල්ම් එකේ කතාව හා බැඳෙන්නේ විවාහය සහ ආදරය කියන දෙක බැඳුණු මැදිවියේ අාදරවන්තයෝ දෙන්නෙක් ගැන. මෙයින් එක ආදරවන්තයෙක් තමයි “සාබු (Joju George)”. සාබුගේ ආදරණීය බිරිඳ, “චිත්‍රා” දරැණු අසනීප තත්ත්වයකින් පීඩා විඳින නිසා තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඉස්පිරිතාලෙක කාලය දිය කර හරින්න ඔහුට සිද්ධ වෙනවා. සාබු කියන්නේ ප්‍රේමණීය මැදිවියේ පසුවෙන චරිතයක්. එයා චිත්‍රාට ගොඩක් ආදරෙයි. සාබුට මෙි ඉස්පිරිතාලෙ ඉන්නකොට තමයි තරුණ වියේ පසුවන “කෙවින්” කියන තරුණයාව මුණගැහෙන්නේ. කෙවින් මෙි ඉස්පිරිතාලෙට අැවිත් ඉන්නේ තමන්ගේ අමිමට කරන්න තියෙන සැත්කමක් වෙනුවෙන්. කෙවින් පවුල් ප්‍රශ්න නිසා තමන්ගේ විවාහය දික්කසාදයකින් කෙළවර කරගන්නට උත්සාහ කරන අමුතු චරිතයක්. සාබු සහ ඔහුගේ බිරිඳ චිත්‍රා අතර බැඳීම ප්‍රේමයේ මිහිරියාව නමැති එක් අන්තයකත්, කෙවින් සහ ඔහුගේ බිරිඳ චෙරී අතර බැඳීම තවත් අන්තයකත් පවතිනවා. හැබැයි කෙවින් ගන්න හදන මෙි “දික්කසාදය” කියන මෝඩ තීරණය පස්සට ඇදලා දාන්නේ සාබු. සාබු තමන්ගේ ජීවිතයටත් වඩා අාදරය කරන බිරිඳගෙයි, සාබුගෙයි පැරණි පෙමි කතාව කෙවින්ට කියන්න පටන් ගන්නවා. ඉතින් මෙි ෆිල්ම් එකේ පැය දෙකක් පුරාවට දිවෙන සාබුගේ පෙමි කතාව ඔස්සේ මධුරමි සිනමා කතන්දරයේ මධුර චාරිකාවක් බවට දිගහැරෙනවා.

ෆිල්ම් එකේ හැම විනාඩියක්ම උපරිම එන්ජෝයි කරපු මාරම heart touching ෆිල්ම් එකක් තමයි මධුරමි කියන්නේ. මේක එක එක අතට හරවගන්න පුළුවන්. උපහාසාත්මක විදිහට සහ ප්‍රහසනයක් විදිහට Entertainment අතින් දැවැන්ත ආස්වාදයක් සපයනවා. අඹු – සැමි කියන විවාහ සංස්ථාවෙි තියෙන ප්‍රේමණිය අරගලයක් විදිහටත්, ප්‍රේමය ගැන කියවුන සිනමැටික් Text එකක් විදිහටත් “මධුරමි” ෆිල්ම් එක ප්‍රේක්ෂකයාට යමක් හිතන්න පොළඹවනවා. ප්‍රේමය කියන්නේ කායික ස්පර්ශයම ගුරු කොටගත්ත එකක් නෙමෙයි කියන වග “මධුරමි” චිත්‍රපටය තුළින් ඉස්මතු වෙනවා. ආදරය ලබාගන්න හැටිත්, ආදරය පුද කරන අයුරැත් සහ අනෙකාගෙන් එල්ල වෙන ආදරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ගැන සාබු, කෙවින්, චෙරි, චිත්‍රා කියන චරිත හරහා පෙන්වනවා. මේ චරිත ගොඩනැගීමේදී සාබු විසින් ඉතාමත් සංවේදී සාකච්ඡාවක් සමාජය තුළ මතුකරනවා. එය පදනම් වී තිබුණේ ආදරය පිළිබඳ එකිනෙකට වෙනස් වූ ආකෘති පවතීය යන අදහස මත සහ මේවායින් විවාහය සඳහා පදනම සැපයිය යුත්තේ කුමන ආකෘතිය ද යන කරුණ මතය. මෙහිදී ආදරය පිළිබඳ ආකෘති, නැතිනම් ආදරයේ ආකාර වශයෙන් මතුවී ආවේ අ​නුරාගය (passion), ගැලපීම (compatiblity) සහ යුතුකම (duty) යන කාරණාය. ජීවිත අත්දැකීම් කියන ඒවා අපිට ලබාගන්න, ජීවිතය ගැන පාඩමි ඉගෙනගන්න වෙන්නේ ව්ශ්වවිද්‍යාලවලින්, ඉස්කෝලවලින් විතරක් නෙමෙයි මිනිස්සු එක්ක එදිනෙදා සමාජය ඇතුළේ කරන ගනුදෙනුත් එක්ක කියන බරපතළ පණිවිඩයත් මෙි සමඟම ලබා දෙනවා. විශේෂයෙන්ම ජීවිතේ දුක – සතුට කියන පොදු කාරණාවන් ගැනත් මධුරමි අපට කියලා දෙනවා. මලයාලම් සිනමාව සෑම විටකම වගේ මේ චමත්කාරයට වග කියනවා. ෆිල්ම් එකේ ප්‍රධාන චරිත ද්ව්ත්වය වන කෙවින් සහ සාබු අතර ඇති මිත්‍රත්වය, ඔවුන් එකිනෙකා පවසන කතා සහ ඔවුන් ජීවිතයේ මුහුණ දෙන ගැටලුවලින් ගොඩ එන්නට එකිනෙකාට ශක්තිය සහ සහයෝගය ලබා දෙන ආකාරයත් චිත්‍රපටයේ පූර්විකාව බවට පත්වෙනවා. අනෙක් අතට මලයාලමි ෆිල්ම්වල බහුලව දකින්න පුලුවන් අයිඩෙන්ටිටි එකක් වුනු බිරියානි කියන රස නහර පිනවන ආහාරය හැදෙන හැටි ගැනත් “මධුරමි” චිත්‍රපටය අපට කියනවා.

ෆිල්ම් එකේ ප්‍රේමයේ රසමුසු තැන් වගේ ම සංවේදී තැන් ද බොහෝමයි. ආදරය, බැඳීම් සහ සබඳතාවයන් ගැන කතා කරන හෘදයාංගම චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට හැකියි. මධුරමි අධ්‍යක්ෂණය කරන්නේ මලයාලමි සිනමාවෙන් බිහිවුණ ප්‍රේමණීය චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ‘June’ හි අධ්‍යක්ෂකවරයා වන අහමඩි කබීර්(Ahammed Khabeer) විසිනුයි. ඒ අනුව මේ ඔහුගේ දෙවන චිත්‍රපටයයි. ෆිල්ම් එකේ Major Location එක වන රෝහල වෙනුවෙන් රූගත කිරීම් අඩක්ම වගේ සිදු කරලා තියෙන්නේ කේරළයේ කොචින් නගරයේ තිබෙන රජයේ වෛද්‍ය විද්‍යාලයේ වීම විශේෂත්වයක්. ගොඩක් මලයාලමි ෆිල්ම්වල දකින ඇහැට හොඳට සුපුරුදු නළු නිළි කණ්ඩායමක් මධුරමි ෆිල්ම් එකේ ඉන්නේ. ප්‍රධාන චරිතය නිරූපණය කරන ජෝජු ජෝර්⁣ජ්ගෙන්( Porinju Mariam Jose – 2019, Nayattu – 2020) සුපුරුදු පරිදි හොඳ රංගනයක් දැකගන්න පුලුවන්. විශේෂයෙන් ජෝජුගේ රූපකාය එතරමි රොමැන්ටික් නොවුනත් සාබු කියන කැරැක්ටර් එක අැතුළේ දකින්න ලැබෙන්නේ රියලාස්ට්ක් රොමැන්ටික් කැරැක්ටර් එකක්. චිත්‍රාගේ චරිතය රඟදක්වන ශ්‍රැති රාමචන්ද්‍රන්ගේ රංගනයත්, රූපකායත් මේ සුන්දරකම තවත් වැඩි කරනව. කතන්දරයේ ප්‍රධානතම භූමිකාවක් විදිහට සරාගී චිත්‍රාට වැඩිපුරම ඇහැයන ගතියකුත් තියෙනවා.

කේරළේ අනන්‍ය රසකාරක දාල හදපු බිරියානි රහක් තියෙන මධුරමි ෆිල්ම් එක මලයාලම් සිනමා රහ දන්න කෙනෙක් මේකට අකැමති නොවෙන්නෙ නැහැ කොහොමටවත්. පවුල කියන ආයතනය ඇතුළේ තියෙන බැඳීම, ආදරය, සැහැල්ලු විනෝදාත්මක බව එක්ක ගොඩක් මලයාලම් චිත්‍රපටවල වස්තු විෂය වෙන කාරණාමයි මේ මධුරමි චිත්‍රපටය ඇතුළෙත් කතාබහට ලක්වෙන්නේ. මධුරමි බොහෝම සුන්දර චිත්‍රපටයක් විදියට නිර්මාණය කරන්න මෙි මලයාලමි script writersලා නමි ඇත්තටම මාරයි කියලා හිතෙනවා චිත්‍රපටය නරඹන ඔිනෑම අයෙකුට. ඒ මොකද කියනවා නමි ජීවිතයට අපේ ලංකාවෙි සිනමාවෙන් බලාපොරොත්තු වෙන්න බැරි සහ කිසිම ලෝකයේ කිසිම සිනමාවකින් අත්විඳින්න බැරි සරල, අලුත් කතන්දර එක්ක හැමදාමත් මලයාලමි ෆිල්ම්ස් අපිව විශ්මයට පත් කරනවා. ඉතින් මෙි “මධුරමි” ෆිල්ම් එකත් හරියට නිකං මලයාලමි වශී ගුරුකමක් වගේ. වශී වුනොත් වශී වුනාම තමයි. ආපහු හැරෙනවා බොරු.

Initial release: December 24, 2021
Director: Ahammed Khabeer
Music composed by: Hesham Abdul WahabGovind Vasantha

Download
Subtitle Download

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *