බොලිවුඩයේ වීනස් දෙව්දුව වූ ජනප්‍රිය නිළි මධුබාලාගේ ජීවිත කතාව නිර්මාණය කිරීමට බොහෝ දෙනා උත්සාහ කරතත් ඇයගේ නැගනිය ඇතුළු පවුලේ කිසිවෙකු එයට ඉඩදී තිබුනේ නෑ. ඒඅනුව ඇගේ බාල සොහොයුරිය Madhur Brij Bhushan විසින් 2018 වසරේ දි පවුලේ අය විසින් එය නිෂ්පාදනය කර නිර්මාණය කරන බවත් ඒ හේතුවෙන් ඇගේ සහෝදරියගේ චරිතාපදානය කිසිවෙකු කිරීමට උත්සාහ නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා තිබෙනවා..
ඒ අනුව Shaktimaan නිෂ්පාදකයින්සහ Brewing Thoughts PLtd සමාගමත්, [හිටපු චිත්‍රපට මාධ්‍යවේදියෙකු වන Prashant Singh, සහ Madhurya Vinapic මේ සදහා දැන් නිෂ්පාදන පිරිවැය ලබාදිමට ඉදිරිපත් වී තිබෙනවා. තවම මෙහි අධ්‍යක්ෂකවරයා කවුරුන්ද වග ඔවුන් ප්‍රසිද්ධ කර නොමැති අතර, පවුලේ අයගේ පූර්ණ කැමැත්තෙන් මාධුබාලාගේ චිත්‍රපටිය වෙනුවෙන් මාධුරි ඩික්සිත් රඟපෑමට නියමිත වූවත් වයස අවුරුදු 36 කදී අකාලයේ මියගිය මාධුබාලාගේ චරිතය අවුරුදු 56ක් වූ මාධුරිට ජීවමාන කිරීමට නොහැකි නිසාවෙන් ඔවුන් මේ වන විට ආදේශ නිළියන් දෙදෙනෙක් තෝරගෙන තිබෙනවා. ඒ ජාන්වී කපූර් සහ ටාප්සී පන්නු..
කෙසෙ නමුත් ජාන්වී හෝ ටාප්සී චිත්‍රපටියේ මාධුබාලාගේ මුල් කාලීන දිවිය රඟපෑවත් මාධුබාලාගේ පවුලේ අයගේ දැඩි ඉල්ලීම මත මාධුරි මාධුබාලාගේ ජීවිතයේ අවසන් කාලයේ කොටස් රඟපෑමට නියමිතයි..

ජාන්වීගෙන් සහ ටාප්සීගෙන් කවුරුන් මාධුබාලා වේවිද කියා තවම සදහනක් නොමැති වූවත් බොහෝ විට වාසියේ ඉත්තා කැරකෙන්නේ නම් ජාන්වීට බවයි පැවසෙන්නේ… ලබන වසරේ ජනවාරියේදී මෙහි රූගත කිරීම් ඇරඹීමට සූදානම් බවත් සදහන්… ඒ වගේම මධුබාලාගේ චරිතාපදානයෙහි කිෂෝර් කුමාර් හෝ දිලිප් කුමාර් සමඟ ඇගේ තිබුන සම්බන්ධතා චිත්‍රපටියට නොගන්නා අතර, එය ඔවුන්ට කරන ගරු කිරීමක් ලෙස චිත්‍රපටියට නොයොදන ලෙස මධුබාලාගේ පවුලේ අය ඉල්ලීමක් කර තිබෙනවා..