M.S. Dhoni: The Untold Story (2016)

M.S. Dhoni: The Untold Story (2016)


ත්තෙන්ම ඉන්දියාව කිව්වහම ඒක රටකට වැඩිය මට මතක් වෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවයි. මොකද ඉන්දියාවෙ ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩාවක් නෙමෙයි, ඒක ඔවුන්ගේ ජීවිතය බඳුයි. මිනිහෙක්ගේ ශ්‍රෙෂ්ඨත්වය කාලය මොනාකාරව ලියනවද කියන්න මම දන්නෙ නැහැ. නමුත් සචින් තෙන්ඩුල්කාර්ට පසුව ඉන්දියාව දැකපු දැවැන්තම ක්‍රීඩක පෞර්ෂත්වය විය යුත්තේ ඔහු යන්න වග නම් මට එකහෙළාම කියන්න පුලුවන්. දෝනි පළමු ජාත්‍යන්තර තරඟය විදිහට 2004 වසරේ දෙසැම්බර්හිදී බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කරද්දී මම මොට්ටසෝරියේ. ඒ කාලේ වැඩිය ටීවී වුනත් අපේ ගමේගොඩේ තිබුනෙත් නැහැ. ඉතින් තිබුනත් ඒ රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කටඇරගෙන බලාගෙන ඉන්නවට වැඩිය කරන්න දෙයක් ඒ කාලේ මට තේරුනෙත් නැහැ. වයසින් ටිකෙන් ටික පරිණත වෙද්දි මගේ තාත්තා අර රූප පෙට්ටිය ඉස්සරහ ඉඳගෙන හුරේ ගගා බලන්නෙ මොනවද කියන එක ඒ කාලේ මට මැජික්. ඉතින් ඇත්තටම මොකක්ද ඕකෙ තියෙන රහේ කියල දැනගන්නත් එක්කම තාත්තගේ ඔඩොක්කුවෙ ඉඳගෙන ක්‍රිකට් මැච් බලන්නත් පටන්ගත්තා. එදා මං හීනෙකින්වත් හිතුවෙ නැහැ ක්‍රිකට් කියන්නෙ ඒ තරම්ම ඇබ්බැහිවීමක් කියල. එක පැත්තකින් රිකී පොන්ටිනුත් අනෙක් පැත්තෙන් මහේන්ද්‍ර සිං දෝනිත් තියල, මගෙන් ඇහුවොත් ඔබ දුටු ශ්‍රෙෂ්ඨතම නායකත්වය තෝරන්න කියල මොන තරම් අසීරුතාවලින් පෙළුනා හෝ මං ඇඟිල්ල දික් කරන්නෙ ඔහු දෙසටයි. නායකත්වය කිව්වහම ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩකයෙකු දක්වන දස්කම් පමණක්ම නෙවෙයි මං දකින්නෙ. එයිට මනුෂ්‍යත්වයේ මිම්මද ඇතුළත්. එදා, එනම් 2011 වසරේ අප්‍රේල් 02 වෙනිදා උදේ මුලින්ම තාත්තයි මායි කරේ එකතුවෙලා අපේ පත ටීවී එක ඉස්සරහට ගෙනාපු එක. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි, ඉන්දියාවයි අපියි ලෝකකුසලාන තරඟයේ සුදුසුකම් ලබපු අවසන් මහා තරඟය නරඹන්නයි. ඒ කාලේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ ලංකාවෙ ක්‍රිකට් තිබුනු තැන ගැන. ඉන්දියාවයි ලංකාවයි ලෝක කුසලාන නෙමෙයි සාමාන්‍ය තරඟාවලියකදී දකින්න ලැබුනත් ලෝකෙ ඕනි කොනක ඉන්න පොඩි එකෙක් වුනත් දන්නව ඒ තරඟය මොන වගේ කරටකර යනවද කියල. පළමු ඕවරය මාලි දාද්දී දෙවෙනි පන්දුව විදිහට සෙවාග් LBW එකකට දැවිල යද්දී, ඒ කාලේ අවුරුදු සීසන් එකේ නිසා ගෙනාපු රතිඤ්ඤා පෙට්ටියෙන් කරල් තුනහතරක් අරගෙන දාලා හූ කියල සතුට සමරපු ඈයෝ තමයි අපි. මං විතරක් නෙමෙයි එදා මුලු ලංකාවෙම හිටපු ක්‍රිකට් පිස්සෝ ඔහොමයි හැසිරුනෙ. මං මෑතකදී දැකපු දෙයක් තමයි විරේන්ද්‍ර සෙවාග් පළකරපු ට්විටර් පණිවුඩ ටිකක් අල්ලගෙන බොහෝමයක් පුද්ගලයින් ඔහුව විහිලුවකට අරන් තිබුනා. ඒ අශ්වින්,ටේලර්,ගිල්ක්‍රිස්ට් සහ ඇලන් බෝඩර් වගේ ක්‍රීඩකයන්ට ඔහු සුභපැතීම් පණිවුඩ පළකෙරූ ආකාරය මීට හේතු වුනා. ඇත්තෙන්ම 2015 වගේ ඉඳල ක්‍රිකට් බලපු කෙනෙක්ට සෙවාග් කියන ක්‍රීඩකයව ජෝකර් කෙනෙක් විදිහට පේන එක එයාගෙ පැත්තෙන් බලද්දී සාධාරණයි වගේ පේන්න පුලුවන්. නමුත් ඊට පෙරදී ක්‍රිකට් මැච් බලපු එකෙක්ට සෙවාග් කියන්නෙ කවුද කියන එකට අටුවාටීකා උපහැරණ අවැසි නොවේවී. යාර 30 සීමාව තුළ ක්‍රීඩාවෙ සම්පූර්ණ අනසක තමන් යටතට ගත්තු සෙවාග් කවුද කියන එක දන්න අය දන්නවා. ඒත් 2015 න් පස්සෙ කෙනෙක්ට නම් සෙවාග් මතක් කරද්දී බකස් ගාලා හිනායන්නත් පුලුවන්.

ඉතින් කතාවෙන් කතාවෙන් දෝනි ගැන කතාවත් පිට ගියා. ඉතින් මෙ කූල් ඩවුන් කැපාගේ ජීවිත කතාව අලලා 2016 වසරේදී M.S. Dhoni: The Untold Story චිත්‍රපටය නිර්මාණය වෙනවා. මතක් කළ යුතුම අනෙක් කාරණය නම් චරිතාපදානයන් කිව්වහම ෆ්‍රෙඩි මර්කරිගේ චරිතාපදානයක් විදිහට නිමවුනු 91 වන ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් සතුකරගතු බෝහීමියන් රැප්සෝඩි වගේ චිත්‍රපටයක තියෙන ලෙවල් එකක් බලාපොරොත්තු වෙනව නම් නොබල හිටියට කමක් නැහැ. බොලිවුඩයෙ අනන්‍යතාවය තුළින් ගොඩනැගුනත් අර මල්ගස් වටේ කැරකි කැරකි යන බොළඳ දර්ශනයන් නොමැති බවත් විශේෂයෙන් සළකන්න පුලුවන්. ඒ කොහොමවුනත් හොඳ හැඟීම්බර කතා වස්තුවක් තුළින් ඔබව සංවේදී කළහැකි චිත්‍රපටයක් බවට නම් මෙය වනවා නොඅනුමානයි!

මේ චිත්‍රපටය ගැන සඳහනක් කරනව නම්,

ඇටෙන් පොත්තෙන් එළියට එන කාලේ සචින් තෙන්ඩුල්කාර්ගේ පෝස්ටරයක් බිත්තියේ ගහගෙන, දවසක මාත් ඒ වගේ චරිතයක් වෙනවා කියල හීන මවන ගැටවරයෙක්. තවත් කාලයකදි කෝච්චි නළාවන් හඬන සද්දය සහ කෝච්චි එහාමෙහා යන දසුන් පමණක් දකින එහි සේවය කරන සාමාන්‍ය පුද්ගලයෙක්. වරෙක තම ආදරවන්තිය හදිසි අනතුරකින් මිය යද්දී, ඒ වේදනාවන් සියල්ල දරාගෙන ක්‍රීඩාවට අවධානය යොමුකරන්න උත්සාහ කරන එකෙක්. ඒ ශෝකාන්තයෙහි ඇලීගැලී ඉඳිද්දී ඔහු ක්‍රීඩාව තුළින් අන්තෙටම වැටෙද්දී, ඇයගේ බලාපොරොත්තුව, තමන් රටට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් හොඳ නාමයක් රැගෙන ඒ යැයි ඈ දැකපු සිහිනය සැබෑවක් කරන්න කැපවෙන සැබෑම ආදරවන්තයෙක් !

අනෙකාගේ පරාජයේදී, ජයග්‍රහණය සතුකරගත්තන් පමණ ඉක්මවා ප්‍රීති ඝෝෂා නගා අනෙකන්ව අපහසුතාවයට පත්කරන කාලීන මහත්මයින්ගේ ක්‍රීඩාවක, පොඩ්ඩක් සතුට සමරල, ප්‍රේක්ෂකයින්ට ස්තූති කරල ආපහු ක්‍රීඩාගාරය වෙත පියමනින මොහු නම් සැබෑම මනුෂ්‍යත්වයෙන් පිරිපුන් නායකත්වයක් සඳහා පිදුම් ලැබිය යුතුම චරිතයක්. කාලීනව ගත්තත් බහුලව පාහේ ඇහෙන දැකෙන ප්‍රශස්ති සහ අතිශොක්තියයන් අතුරින් සචින් තෙන්ඩුල්කාර්ට පසුව ඉන්දියාව දුටු ශ්‍රෙෂ්ඨතමයා කවුද යන්න මගෙන් ඇහුවොත්, මට මතක් වෙන්නෙ එකම එක නාමයක් පමණයි,

ඒ…

මහේන්දර සිං දෝනි ❤️

තවදෙයක් මෙක මට හිතුනු දෙයක් ඒ නිසා සඳහනක් කරන්නම ඕනි කියල හිතුනා. අව්‍යාජත්වයෙන් දෝනි සිනහ වෙන සෑම මොහොතකදීම මං මොකක්ම හරි අඩුවක් දකිනවා. මෙක මං සෑහෙන්න කල්පනා කරපු දෙයක්. අපිට නොකියපු තවත් කතාවක් මෙ චරිතය හංඟගෙන විඳවනවාදෝ කියල. මට හිතුනෙම,

හුගේ හිතෙන් තවමත් ප්‍රියංකාගේ අහිමිවීමෙහි වේදනාවන් සහ ඒ අඳුරු අතීතය අමතක කිරීමේදි දෝනි අදටත් අසරණයි!

අනුජ විජේසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *