M.S. Dhoni: The Untold Story 2016 by Tharuka Niroshan
ගූගල් පරිශීලක දර්ශකය : 91%
IMDB : 7.9/10
මා විලසින් කවුරුන් ඔබට පෙම් බදින්නදෝ
පුංචි කාලේ අපේ තාත්තලා අම්මලා කීවේ හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන්න එහෙම නැත්නම් රජයේ රස්සාවක් කරන්න කියලා, ඉතින් අපි පුංචි කාලේ ඉදන් පොත පත පාඩම් කරලා විභාග වලට ගොඩක් මහන්සී වෙලා ඉගෙන ගෙන ජිවිතේ තවත් එක් සාර්ථකත්වයකට පිය මං කරා. මේ ලොකෙට ඉපදෙන හැමෝම ඉපදෙන්නේ මොනම හරි දක්ෂතාවක් අරගෙන කියලා මට හිතෙනවා, කෙනෙක්ට හොදට පාඩම් කරලා විභාග කරන්න පුළුවන් උනාට තව කෙනෙක්ට ඉට වඩා වෙනස් උන හැකියාවන් තියෙන්න පුළුවන්. අපි හරිම තෑනකදී එවා අවබොධ කර ගත්තොත් ජිවිතේ අපි නොහිතන තෑනකට ගෙනියන්න පුළුවන්.
ජිවිතේ අපි කොච්චර ලොකු ගමනක් ගියත් ඒ ගමන මල් මාවතක් ඔස්සේ ගමන් කරන්න හම්බෙන්නේ නැ , සමහර විට අපි හිතනවාට වඩා ගොඩක් දුක් කම්කටොලු වලට මුහුන දෙන්න ඒ ගමනෙදී සිද්ද වෙනවා, අපි ජිවිතේ සුන්දර ගමනයක් යනකොට ඒ එක වැටිමකදී අපිට හොද ඇහුම්කන් දෙන කෙනෙක් හිටියොත් ඉට වඩා සිය දහස් ගුණයකින් ඉහලට යන්න පුළුවන් , ජිවිතේට එන සමහර ආගන්තුක අය හරියට හුලග වගේ එක පාරටම අපටවත් නොදන්නවා අපේ ජිවිත වලට ඇවිත් සියුම් පහසක් දිලා ආපහු කාටවත්ම නොදනි යන්න යනවා.. මිනිස්සු ජිවිත් වෙන්නේ බලාපොරොත්තු මතකයන් හා බිද වැටිම් එක්ක කියලා මට හිතෙනවා,
ගොඩක් වෙලාවට ඔයාලා මේ චිත්‍රපටිය බලලා ඇති, සමහර විට එකේ මතකයන් ඔයාගේ හදවතේ තාමත් සැරිසරනකොට මේ චිත්‍රපටිය කෙනෙක්ගේ ජිවිත කතාවක් හරි අපුරුවට දැන ගන්න ඇති. කොහොම උනත් මට මේ චිත්‍රපට අවසානයේ ඉතුරු උනේ දුකක් වගේම සතුටක් කිවොත් මා නිවරදී.. චිත්‍රපටයේ කතාවට පාදක උන වීරයා ජිවමාන වෙනකොට ඒ චරිතයට පණපොවපු ආදරණිය නළුවා අදටත් අපි අතර නැ , සුන්දර මිනිස්සු හරි ඉක්මනින් මේ ලෝකෙන් යනවා නේද කියලා මතක් වෙන්න තරම් මේ සිනමා සිත්තම මා හට ලෙන්ගතු උනා කියන එකනම් නිසකයක්…