Love Mocktail (2020) Kannada by Sandeepa Lakshan
ආදරය සහ සැබෑ ආදරය කියන්නෙ දෙකක්.සමහර ආදර කතා තියනවා සෑහෙන මහන්සිවෙලා ලබාගෙන ඉක්මනින් ඉවරවෙන. සමහර කතා තියනව අහම්බෙන් හම්බෙලා ජීවිතකාලයම එකට ඉන්න පුලුවන් වෙන. අන්න වෙ වගේ තමා ආදරේ අපේ ජීවිත වලට ලැබෙන්නෙ. කොහොම උනත් අපේ ජීවීතේ එක එක අවදි වල අපි ආදරේ සොයන විදිය වෙනස්. ඒ වගේම අපිට හම්බෙන ආදරෙත් වෙනස්.අම්මගෙන් තාත්තගෙන් පස්සෙ පෙම්වතා පෙම්වතිය විදියට ආදරේ අපි හොයනවා. නිකමට හිතන්න ස්කෝලෙ ගිහින් සාමාන්‍යෙන් 7-8-9 වගේ වසරවල අපි ආදරේ කරන්න ගන්නෙ, එක්කො අපේ හිතේ මැවුන වගෙ කෙල්ලෙක්ට, එහෙමත් නැත්නම් අපි බලපු දැකපු චිත්‍රපටියක ඒ හා සමාන නිලියක් ඉදියොත් ඒ දෙන්නව compare කරල තමා ආදරේ කරන්න පටන් ගන්නෙ?ඔව් බොලද ආදරයක්. එතකොට ජීවිතේට එන ප්‍රශ්න, කෙල්ලගෙ ගුණ යහපත්කම් පවුල් පසුබිම මොකුත් අදාල කර ගන් නෑ. සෑහෙන්න බොලද වෙලා ආදරෙ කරනවා.ඒත් ඒ වගේ ආදර කතා පාසල් කාලයත් එක්කම ඉවර වෙලා යනවා. ඊලගට එන්නෙ උසස් අද්‍යාපන අවධිය. ඔන්න ඒ කාලෙ වෙනකොට. අපි ආදරේ එක්කම ටිකක් මෝරනවා. වචන, හැගීම්, ආකල්ප හැමදේම වගෙ හිතනවා. ඒ ආදරය සාමාන්‍යෙන් විවාහය අසලටම යනවා. සමහර ඒව විවාහයෙන් කෙලවර වෙනවා.
ඒත් බොහොමයක් අතරමග මුදල්, පවුල් ප්‍රශ්න, කුල, තේරුන් නොගැනීම් නිසා නවතිනවා. ඔය ඔක්කොම දේවල් වලින් පස්සෙ අපි ආදරෙන් සෑහෙන්න තෙම්පරාදුවෙනවා. විශේශයෙන් ඔය දේවල් බහුලව වෙන්නෙ පිරිමි ලමයින්ට. හැමදෙයක්ම කාලයත් එක්ක විසදෙනවා වගේ අපේ ජීවිතේ උරුමක්කාරිය හෝ උරුමක්කරුවා අපට හම්බෙනවා. ඒ ආදරේ මාර දෙයක්. ඒ ආදරේ ලැබෙනවත් එක්කම අපි තේරුන් ගන්නවා අපි ආදරේ කියල කාලයක් තිස්සෙ සෑහෙන්න කට්ටක් කාල තියෙන්නෙ මිරිගුවකට කියලා. ඒ ආදරේ හම්බුනාම ඔයාගෙ හිතට සැහෙල්ලුවක් දැනෙයි. ඔයා ආදරේ දෙනකන් නෙමේ එයා ඔයාට වඩා ආදරේ කරන්න තරග කරයි. ජීවිතේට මොන ප්‍රශ්නෙ ආවත් ඔයා ලග ඉදියි. ඔයාව හිර කරන එකක් නෑ. ඔයාට ආස හැම දේටම ඔයාට ඉඩ දෙයි. යාගෙ සතුට දැකල සතුටු වෙයි. ඔයාගෙ දුකේදි ඔයා එක්ක දුක් වෙයි…. ❤❤ ඉවසන් ඉන්න ඒ වගේමයි. හැමදෙයක්ම තාවකාලිකයි. අපි මේ ලෝකෙට එනව වගේම අපේ වෙලාව ඉවර උනාම අපිට මේ ලෝකෙන් යන්නත් වෙනවා. ඒක නිසා අපි ආදරේ කරන අයට හොද මතකයක් දෙන්න. අපි ගෙවන ජීවිතේ කෙටී.ආස හැමදෙයක්ම හැකි හැම වෙලාවෙම කරන්න. එයා වෙනුවෙන් එයා ලග ඉන්න. එතකොට අපි කවද කොතනක නැවතුනත් අපේ මතකයත් එක්ක අපේ ආදරණීයන් ජීවත් වෙයි. අද ජීවත් වෙන සමහර බොලද ආදරවන්තයින් අනිවාර්‍යෙන් බැලිය යුත්තක්. ආයෙ බලන්න ආස නිසා බැලුවා?Imdb rate 8.3/10 වගෙ ලැබිල තියනවා. Krishna, Milana, Amrutha, Rachana වගේ නලු නිලියන් රැසක් චිත්‍රපටයට එකතු වෙලා තියනවා.ඒ වගේම තවත් විශේශිත දෙයක් තියනවා. නිමා නොවන මිතුදම☺️ඒකත් මතක් කල යුත්තක්. Darling Krishna ගෙම අධ්‍යක්ශනයෙන් නිර්මාණය උන මෙය නොබලපු හැමෝම බලන්න කියල ඉල්ලනවා.