Little Terrorist (2004) Hindi Short by Danitha Aminda
ඔස්කාර් නොමිනේට් වුණු පුංචි ත්‍රස්තවාදියා
විනාඩි 15 ක කතාවක්.
ඉන්දියාව , පකිස්තානය කියන්නේ ජන්මක්කාර වෛරක්කාරයන් බව හැමෝම දන්න දෙයක්නේ.ඉතින් ඉන්දු-පක්ස්තාන බෝඩර් එක කොහොම තැනක් ද .
කතාව දිව යන්නේ මේ ඉන්දු පකිස්තාන බෝඩර් එක අවටයි. ජමාල් කියන්නේ වයස අවුරුදු 10 ක මුස්ලිම් කොල්ලෙක්. ජමාල් එයාගේ යාළුවෝ එක්ක ක්‍රිකට් සෙල්ලම් කරද්දි හදිසියේ එයාලා සෙල්ලම් කරන බෝලය ඉන්දීය දේශ සීමාවට අහම්බයෙන් වැටෙනවා .ඉතින් මේක අරගෙනත් බෑ නොගෙනත් බෑ. ජමාල් මේක ගන්න තීරණය කරනවා.
එතනින් පස්සේ මොනවා වෙනවා ඇත් ද ?
මේක අධ්‍යක්ෂණය කරන්නේ Road to Ladakh (2002) අධ්‍යක්ෂණය කෙරූ Ashvin Kumar විසින්. ඒ වගේම 2005 වසරේදී Academy Award for Best Short Film (Live Action) කැටගරිය යටතේ සම්මාන සඳහා මෙම කෙටි චිත්‍රපටය නිර්දේශ වෙනවා.ඒ වගේම best short film award යටතේ European Film Awards සම්මාන උළෙලටද නිර්දේශ වෙනවා.
කාස්ට් එක
Julfuqar Ali – Jamal
Sushil Sharma – Bhola
Megnaa Mehtta – Rani
දිනූ සම්මාන
· Montreal World Film Festival: 1st Prize.
· Manhattan Film Festival: Best Film.
· Flanders Film Festival: Best Film.
· Tehran International Film Festival: Grand Prize
· Reelworld Film Festival: Bell Expressvu Award.
· Satyajit Ray Foundation: Satyajit Ray Award, Best Short Film.
· Lucania Film Festival: Winner.
· Salento Film Festival: Winner.
· Aspen Shortfest: Honorable Mention by BAFTA/LA.
· Almería International Short Film Festival: Audience Award.
· Temecula Valley International Film Festival: Special Jury Prize.
· Mumbai International Film Festival: Silver Conch.
· Sousse International Film Festival: Winner.
· Buff Film Festival: Winner, Audience Choice.
São Paulo International Short Film Festival: Audience Favourite.
Directed by : Ashvin Kumar
Written by : Ashvin Kumar
Cinematography : Markus Hürsch
Music by : Nainita Desai
Languages – Hindi , Urdu , Bangla