Last Message YouTube Mini Series 2021 | Sinhala Article

Last Message YouTube Mini Series 2021 by Lakshan Perera

YouTube Link

ශ්‍රී ලාංකීය යූටුයුබ් අවකාශයේ ප්‍රථම Horror කතා මාලාව වන “Last Message” YouTube Mini Series 2021 ට අදාල වූ නිල පෝස්ටරය සහ විශේෂිතම නිල චරිතයක් හදුන්වා දීමේ පෝස්ටරයක් ලෙස පෝස්ටර ද්විත්වයක් අද අපි එළිදැක්වූවා.

රාමුවෙන් පිට වෙනස්ම වූ නිර්මාණ කෙරූ Tokka Cinema කණ්ඩායමේ ප්‍රථම යූටුයුබ් කතාමාලාව ද මෙය වනවා.

ඉතින් “Last Message” ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.

මෙහි විශේෂතා බොහෝමයක් ඇති අතරම ප්‍රධාන වශයෙන්ම මෙය ලාංකීය YouTube අවකාශයේ ප්‍රථම වරට නිකුත් වන Horror Mini Series, එනම් Horror යූටුයුබ් කතා මාලාව ලෙසට එකතු වීමට නියමිතයි.

“Last Message” කතා මාලාව සඳහා මූලික වන කතා පුවත යොදාගනු ලබන්නේ වර්ථමානයේ සිදුවන අප කවුරුත් මුහුණ දී තිබෙන කාරණාවක් පදනම් කරගෙනයි. එනම් ඔබට එදිනෙදා ජීවිතයේ බොහෝ විට කෙටි පණිවිඩ හෝ මුහුණු පොත හරහා විවිධ වූ මිතුරන්ගෙන් Messages ලැබෙනු ඇත. ඒ අතර දකින්න ලැබෙන සුලභ ගනයේ Message එකක් ලෙස,

“මෙම Message එක 10 දෙනෙකුට යැව්වොත් ඔයාට අද දවසේ සුභ දෙයක් අහන්නට ලැබේවී”

වැනි Message ඔබටද ලැබී තියෙන්න පුලුවන් ය. ඔබද එලෙස පැමිණි Message තව අයට එය යවා හෝ නොයවා සිටි කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙවැනි කෙටි පණිවිඩයක් එහෙමත් නැතිනම් Message එකක් නිසා සිදුවන අත්භූත සහ කෘතුහලය පිරිණු කතා මාලාවක් Last Message කතා පුවත තුළින් ප්‍රේක්ශකයන් වෙතට සමීප වීමට නියමිතව ඇත.

ප්‍රේක්ෂක ඔබට බියෙන්, කුතුහලයෙන් පිරුණු උපරිම රසවින්දනයක් ලබා දීමට අපි බොහෝ සේ උත්සහ කරමින් මේ කතා මාලාව නිර්මාණය කලා. මෙය Horror, Drama, Thriller & Mystery ගණයට අයත් වනවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නෙ මේ කතාවේ එක් රංගන ශිල්පීනියක් විදේශීය කෙනෙකු වීමයි.

කතාව නිර්මාණය කරන මුල් අවධියේදී ම මම මේ සදහා වෙනත් දේශයක කෙනෙක් තෝරා ගත යුතුයි යන ඒකමතික තීරණයේම සිටියා. ඒ වෙනසක් කිරීමට ඇති බලාපොරොත්තුව නිසාමයි. ඉතින් මුලදි මම ඒ සදහා Facebook හරහා වෙනත් රට වල සිනමාව ගැන හදාරන ඒ හා සමගාමීව කටයුතු කරන අයව දැන හදුන ගනිමින් උත්සහ කලත් හය දෙනෙකුගෙන් ප්‍රතික්ෂේප වන්නට සිදු වූවා. එයත් සමහරු සමග කතාව ගැන කතා බහ කරමින් පැහැදිලි කර මගේ කාලය ද විශාල වශයෙන් කා දැමීමෙන් පසුවයි. ඔවුන් රටවල් වශයෙන් ඉන්දීය පුද්ගලයන් දෙදෙනකුත්, ජපානයෙන් කෙනෙක්, ඇමරිකාව, බ්‍රිතාන්‍යයේ සහ නයිජීරියාවේ අයවලුන් වේ. ඉතින් සිතූ විදියටම කෙනෙක් මා සමග එකතු වී මේ නිර්මාණය කිරීමට කැමතිවනකම් කියා මම උත්සහ කරනවා කියා හිතමින් තමයි එක් එක් පුද්ගලයන් බෑ කියද්දි තව කෙනෙක් සොයා යන්නෙ.. එහිදී අවසානයේ හත්වැනියා මාත් සමග එකතු වූවා.

අද අපි නිකුත් කල විශේෂිත නිල චරිතය හදුන්වාදීමේ පෝස්ටරයේ සිටින්නෙ ඇය යි. නමින් ඇය Mishiwa Gallardo. පිලිපීන ජාතික යුවතියක් වන ඇය මට හමු වන්නෙ Facebook හරහාමයි. “Last Message” සඳහා අපි එකතු වී වැඩ කළා, රටවල් දෙකක උවත් අපි හොඳ මිතුරන් බවට පත්වුණා. ඉතින් ඇය මේ කතාව සදහා උපරිමයෙන් මට සහයෝගය ලබා දුන්නා. ඇය ගැන කෙටි හැදින්වීමක් නම්, ඇය එරට, පිලිපීන රංග අධ්‍යාපන සංගමයේ 2015 දි විශිෂ්ට රංග කුසලාතා පෙන්වූ අයකු සේම, “Chezca Star Talent” (2021) නම් වූ රංගන වැඩමුළුවක් පවත්වනු ලබයි. තවද දක්ෂ ඡායාරූප ශිල්පිනියක් වන ඇය කෙටි සිනමා පට හා වාර්තාමය චිත්‍රපට කිහිපයක් නිර්මාණය කරවූ කෙනෙකි.

“Last Message” Season 1 හි Episode වශයෙන් කොටස් 5 ක් නිකුත් වීමට නියමිතයි. මේ කතාවේ කාල රාමුවද තරමක් විශේෂ වනවා. එනම් මෙහි පළමු කොටස නරඹන කෙනෙකුට එහි යම් යම් කරුණු වලට හේතුන් ලැබෙන්නෙ, තුන්වන, පස්වන කොටස් වලින් ය.

ඒ වගෙම කාමරයක වන සිදුවීම් පෙලක් දෙවන කොටසේ පෙන්වන ගමන් එම වේලාවේම කාමරයෙන් එලියේ බැල්කනියේ සිදුවන සිදූවීමක් පළමු කොටස තුල පෙන්වනු ලබයි.. ඉතින් කෙටි පැහැදිලි කිරීමක් මෙලෙසින් කලේ සම්පූර්ණ කතාව තේරුම් ගැනීමට කතා මාලාවේ කොටස් 5 ම නැරඹිය යුතු බව මතක් කිරීමටයි.

Last Message කතා මාලාවේ භාශා මාධ්‍ය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සමන්විත වනවා. එයට English / Hindi / Tamil / Japan / Theligu යන භාශාවන්ගෙන් YouTube උපසිරැසි යොදනු ලබනවා.

****


( Film Cast )
රංගන දායකත්වය….

( Foreign, special acting )
Philippine ජාතික යුවතියක් මෙහි රංගනයෙන් දායක වනවා. ඇය නමින් Mishiwa Gallardo. ඇය Last Message කතාවේ Nigmy ගේ චරිතයට පණ පොවනවා.

මෙහි ප්‍රධාන චරිතය Dilan. ඔහුට යාලුවෝ කියන්නෙ ඩීන් කියායි. Dean ලෙසින් චරිතයට රංගනයෙන් එකතු වන්නෙ Isuru Dhananjaya. ඔහූ සැබෑ ජීවිතේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ද වනවා. විශේෂයෙන් ලෝක සිනමාවේ Comic Characters බලා ඇදීමේ අපූරූ චිත්‍රකරණ හැකියාවක් ඔහු සතුයි.

Jebo නම් චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ, “සුන්දරයි ආදරේ” ගීතය ගායනා කරන ශ්‍රී ලාංකික නවක පරපුරේ විශිෂ්ට ගායන ශිල්පි Osanda Bandara Wijekoon යන අයයි. ඔහු මේ වන විට තම ගායන හැකියාවෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ අයෙක්.

Last Message හී Teena ගේ චරිතය සදහා රංගන දායකත්වයට Hansani Nawyanjana එකතු වෙයි. ඇය “Zero” නම් වූ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් එකතු වූ කෙනෙකි.

කතාවේ Shani ගේ චරිතය හැඩ ගැන්වීමට Ashinsani Pathirana එකතු වෙයි. ඇය Merlot Films හි නිර්මාතෘවරිය සේම අන්තර්ජාතික වශයෙන් ඇගයීමට පාත්‍රවූ Truth or Dare කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාවද වේ.

මෙහි Gayan ගේ චරිතය සදහා අප Tokka Cinema රංගන ශිල්පී Lukshan Kavindu එකතු වෙයි. ඔහුද මෙම කතා මාලවේ විශේෂ වූ චරිතයකි.

“Last Message” කතාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියගෙ චරිතයට Sadunika Indeewari මහත්මිය රංගනයෙන් එකතු වෙයි.

මෙහි සුවිශේෂී සැඟවුණු චරිතයක් වූ යක්ෂයාගේ චරිතයට රංගනයෙන් දායකත්වය අප Tokka Cinema රංගන ශිල්පී Abhi Senadeera විසින් ලබා දෙයි.

****
( Film Crew )
චිත්‍රපට කණ්ඩායම ගැන

(Director and Script Writer)
Last Message කතා මාලව අධ්‍යක්ෂණය ලක්ෂාන් පෙරේරා විසින් සිදු කරනු ලැබූ අතර මෙහි පිටපත් රචනයද ඔහු විසින් සිදු කරන ලද්දකි.

( Film Editor / Colorist & VFX )
කතාමාලවේ සම්පූර්ණ සංස්කරණ කටයුතු සිදුකරනු ලබන්නෙ Lukshan Kavindu ය.

( Assistant Director and coordinator )
සහකාර අධ්‍යක්ෂණයෙන් සහ සම්බන්ධීකාරකත්වයෙන් Abhi Senadheera කටයුතු කරනු ලබයි.

( Producer )
චිත්‍රපට නිෂ්පාදක කටයුතු සදහා දායකත්වය Manuranga Karunarathne ය.

“Last Message” කතාවට විශේෂ කතා සංකල්පයක් (Concept) ගෙන එන්නෙ ඉසුරු ධනංජය විසින් ය. ඔහු මෙහි Dean ගෙ චරිතයෙන් රංගනයෙන් ද එකතු වෙයි.

කතා සංකල්පය සදහා නිර්මාණයට දායකවූවෝ

( Story by )
අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත ඔහුගෙ මිතුරෙකු විසින් මේ සදහා කතාවක් සමග සිදුවීම් පෙළක් ලබා දී ඇත. ඔහු “සිනමා තක්සලා” නම් වූ Facebook සමූහයේ නිර්මාතෘ Anushka Rasanjana De Silva වේ.

( Story by )
ඉහත පරිදිම අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත “තතු සිනෙරූ” Facebook පිටුවේ නිර්මාතෘ Prageeth Shan යන අයද මේ සදහා කතාවක් / සිදුවීම් පෙළක් ලබා දී ඇත.

( Cinematography )
ප්‍රධාන කැමරා අධ්‍යක්ෂණය සහ කැමරාකරණය, ලක්ෂාන් පෙරේරා.

( Camera and Lighting )
( Second assistant camera )
කැමරාකරණය T.C සහොදරයන් විසින්. ( ලක්ෂාන් පෙරේරා / අභී සේනාධීර / මනූ කරුණාරත්න / ලුක්ෂාන් කවිදු )

( Second assistant camera )
Episode 4 හී එක් කොටසක කැමරා අධ්‍යක්ෂණය සහ කැමරාකරණය Ashinsani Pathirana විසින් සිදු කරනු ලබයි ඒ සඳහා සහය කැමරාකරණය Mrs. Janaki Ekanayake / Mr. Lakshitha Prasad.

( Second assistant camera )
කතා මාලාවේ පිලිපීන ශිල්පිනියගෙ කොටස් කැමරාකරණය – මාර්ගගත (Online) ක්‍රමවේදයට ලක්ෂාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන්, කැමරාකරණය Mishiwa Gallardo විසින්. කැමරා සහයක Jennifer Aguilar.

( Specialized Costume Design & Costume supervisor )
විශේෂිත ඇඳුම් නිර්මාණය සඳහා දායකත්වය Master Lasanth Pramuditha Silva විසින් ය. එතුමා ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සේවයක් ඉටුකරන විශිෂ්ට කලාකරුවකු සේම, ක්ෂේත්‍රයේ නියුතු බොහෝ දෙනෙකුගේ ගුරුවරයෙකු වන අතර Torrential නර්තන පාසලේ නිර්මාතෘ ද වේ.

( Special make-up effects artist )
විශේෂිත වේශ නිරූපණ ශිල්පී Abhi Senadeera.

( Green Screen – Visual effects )
දෘශ්‍ය ප්‍රයෝග කැමරාකරණය සහ කළමනාකරණය TC Brothers විසින්.

( Background music creation )
චිත්‍රපට සංගීත නිර්මාණය / පසුබිම් සංගීත නිර්මාණය – ලුක්ෂාන් කවිඳු / ලක්ෂාන් පෙරේරා

( Specific sound design for the film )
චිත්‍රපටය සදහා විශේෂිත ශබ්ද නිර්මාණය – ලුක්ෂාන් කවිඳු විසින්‍ ය.

( Assistant supporting Crew )
සහය කාර්ය මණ්ඩලය –
Jennifer Aguilar
මහේෂා මෙන්ඩිස්
ජානකී ඒකනායක
ලක්ෂිත ප්‍රසාද්
මානුක ප්‍රනාන්දූ
තරුෂි ප්‍රනාන්දූ
හිරුෂි ප්‍රනාන්දූ

******
( Film Locations )
Last Message කතා මාලාව රූගත කරනු ලබන්නෙ, පැලවත්ත, බත්තරමුල්ල , කලල්ගොඩ, මොරටුව, අනුරාධපුරය යන ප්‍රදේශයන් හීදි සහ ලංකාවෙන් එපිට පිලිපීන රාජ්‍යයේ දීය.

****

Tokka Cinema Youtube නාලිකාව ඔස්සෙ නැරඹීමට හැක.

දර්ශන දින සහ වෙලාවන්

Last Message Season 1 – Episode 1
2021 ඔක්තෝම්බර් 30 – 7.00pm

Last Message Season 1 – Episode 2
2021 නොවැම්බර් 06 – 7.00pm

Last Message Season 1 – Episode 3
2021 නොවැම්බර් 13 – 7.00pm

Last Message Season 1 – Episode 4
2021 නොවැම්බර් 20 – 7.00pm

Last Message Season 1 – Episode 5
2021 නොවැම්බර් 27 – 7.00pm

****
ආදරයෙන් මතක් කරනවා “Last Message” Season 01 – Youtube Mini Series එක, එනම් මෙම කතා මාලාව සම්පූර්ණ කොටස් 5ම නරඹන්න කියා. ඒ වගේම ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කියාත් අපි මතක් කරනවා. හොද නරක අඩුපාඩු මේ හැම දේ ගැනම ඔයාලා දකින දේ ගැන අදහස් දැක්වීම අපිට ගොඩක් වටිනවා.

ලක්ෂාන් පෙරේරා

Writer

One comment

  1. Great job and all the best ❤❤??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *