Kuttettan (1990) Malayalam | Sinhala Article

Kuttettan (1990) Malayalam

 

94% liked this film Google users

ධනවත් ව්‍යාපරිකයෙක් සහ වැවිලිකරුවෙක් වන විශ්නු නායර් හුදකලාව තම වතු බංගලාවේ වාසය කරනුයේ තම සහායකයා වන ගෝපාලන් ද සමග ය. විවාහ වී මෙතරම් කලක් ගෙවුනේ නමුත් දරුවෙකු නැති සොවින් තැවෙමින්, තම නැන්දම්මා ද සමග සැමියා ගේ පවුලේ පාරම්පරික නිවසේ ජීවත්වන විශ්නුගේ බිරිඳ සීතා තම කාලය ගෙවනුයේ උපවාසයෙන් සහ දෙවියන් යැදීමෙනි. ඉන්දු නම් පහලොස් වියැති ගැහැණු දරුවෙකුගේ හදිසි ආගමනයත් සමග විශ්නු සහ සීතා යුවලගේ දිවිය කුමන අතකට හැරේවිද ?

              ……………………………………………………………………………

අධ්‍යක්ෂණය: ජෝශි

පිටපත: A.K. ලෝහිතදාස්

රංගනය:

මම්මුති (විශ්නු නායර්/කුට්ටේටන්)

සාරිතා (සීතා ලක්ෂ්මි)

මාතු (ඉන්ධු)

ඌර්වසී (රෝස්මේරි)

ජග්දීශ් (ගෝපාලක්‍රිශ්නන්)

Joshiy
Joshiy

               ……………………………………………………………………………….

Romantic/ Comedy ශානර යටතේ වර්ගීකරණය කර ඇති කුට්ටේටන් වනාහි සමාජ යථාර්තයේ එක් කුඩා පැතිකඩක් අපූර්ව ලෙස සිනමාවට මුසු කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. ලෝහිතදාස්ගේ ප්‍රබල තිරපිටපත සමග එක්වුනු අධ්‍යක්ෂ ජෝශි ගේ අධ්‍යක්ෂණය සහ සියලුම නළු නිලියන්ගේ විශිෂ්ඨ රංගනය චිත්‍රපටයට ආලෝකයක් සපයයි.

තාත්වික මලයාලම් සිනමාව ප්‍රිය කරන අය නැරඹිය යුතුම සිනමාපටයකි කුට්ටේට්ටන්.

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *