Kuttavum Shikshayum (2022) Malayalam | Sinhala Article

Kuttavum Shikshayum (2022) Malayalam by Janidu Raajakaruna

?සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ

‘Kuttavum Shikshayum’ මලයාලම් චිත්‍රපටය

SpoilerAlert

? 2015 වසරේ කේරළයේ සිදුවූ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වැරදිකරුවන් සොයා ගිය නිර්භීත පොලිස් නිලධාරීන් 5 දෙනාගේ කථාව මෙම චිත්‍රපටය හරහා චිත්‍රණය වේ. සිය ජීවිත පවා අවදානමක දමමින් රාජස්ථාන් වෙත ගිය ඔවුන් ගිය ගමන සෙමෙන් සෙමෙන් අප ඉදිරියේ දිගහැරීමට පටන් ගනී. කථාව මන්දගාමී ව ගලා යන බවත් ඔබ ඉවසීමෙන් නැරඹිය යුතු බවත් විශේෂයෙන් කිව යුතුය.

? චිත්‍රපටය Rajeev Ravi (තෙවන ඡායාරූපයේ දකුණු පස කෙළවර සිටින්නේ ඔහු යි.) ගේ අධ්‍යක්ෂණයක් වන අතර තිර පිටපත Sibi Thomas සහ Sreejith Divakaran ගෙනි. Sibi Thomas (දෙවන ඡායාරූපයේ දකුණු පස කෙළවර සිටින්නේ ඔහු යි.) වෘත්තියෙන් පොළිස් නිලධාරියෙක් වන අතර ඔහු සිනමා නළුවෙක් ද වේ. Sreejith Divakaran මාධ්‍යවේදියෙ කි. කථාව හොඳින් නැරඹුවහොත් Sibi Thomas ද කථාවේ සුළු චරිතයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දෙන අයුරු ඔබ දකිනු ඇත.

? Idukki දිස්ත්‍රික්කයේ Kattappana හි පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලක සොරකමක් සිදුවේ. පරීක්ෂණ කටයුතු සඳහා 5 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පත් වන අතර. Asif Ali, Sunny Wayne, Alencier Ley Lopez, Sharaf U Dheen සහ Senthil Krishna එම චරිත නිරූපණය කරනු ලබයි. Asif Ali ගේ මූලිකත්වයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු අනුව ක්‍රම ක්‍රමයෙන් සැකකරුවන් හෙළිදරව් වීමට පටන් ගන්නා අතර අනතුරුව නියම අපරාධකරුවන් කව්රුන් ද යන්න හෙළිදරව් වේ.

? අදාළ ප්‍රදේශයේ පොලිසිය ට පවා බියක් නොදක්වන පුද්ගලයින් ගහණ ගම් ප්‍රදේශය කට ගොස් වැරදිකරුවන් අල්වා ගැනීම සහ ඔවුන් නීතිය හමුවට පමුණුවා ලීම දැඩි අභියෝගය කි. ඒ සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කෙරෙන අතර අවසානයේදී එය ජය ගන්නා CI Sajan Phillip, Senior C.P.O. Rajesh Matthew, S.I Basheer, C.P.O. Abin සහ S.I Rajeevan සිය දිවි දෙවෙනි කොට අපරාධ කරුවන් නීතිය හමුවට පමුණුව යි. එතැනින් ඔවුන්ගේ රාජකාරිය අවසන් වූව ද එම වැරදිකරුවන් නැවත නිදහස් වන බව ඔවුන් හොඳින්ම දනී.

? චිත්‍රපටය නරඹන විට කොලිවුඩ් නළු Karthi රංගනයෙන් දායක වූ ‘Theeran Adhigaaram Ondru’ චිත්‍රපටය ද ඔබට නිතැතින්ම සිහිවනු ඇත.

Initial release: May 27, 2022
Director: Rajeev Ravi

ජනිදු රාජකරුණා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *