KURUTHI (2021) Malayalam | Sinhala Article

KURUTHI (2021) Malayalam

මරා දමන බවට පොරොන්දුවක්….

ආරක්ෂා කරන බවට පොරොන්දුවක්…..

මලයාලම් සිනමාවේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන සමාජයේ යතාර්ථය පිළිබඳව ප්රේක්ෂකයාට ජනිත කරන තවත් අපූර්ව නිර්මාණක්. ජාතිවාදය, ආගම ඇදහිල්ල, අන්තවාදය මත පදනම් වූ පුද්ගලානුබද්ධ වෛරය මනාව නිරූපණය කරන කතාංගයකින් සමන්විත සිනමාපටයක් ලෙස හදුන්වන්න පුළුවන්. එක්තරා සිදුවීමක් පාදක කරගනිමින් එය මනාව ප්රේක්ෂකයා ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවන් ගත් උත්සාහය සාර්ථක වී තිබෙනවා. ආරම්භයේ සිටම අවසානය තෙක් ප්රේක්ෂකයා රදවා ගැනීමට අධ්යක්ෂකවරයා ගත් උත්සාහයද සාර්ථක බැව් චිත්රපටය අවසානයේ ඔබට වැටහෙනු ඇත. එසේම කථාව තුළ අපි දකින සෑම චරිතයක්ම සඳහා ම රංගන ශිල්පීන් වෙහෙස මහන්සි වී උපරිමය ලබාදී ඇත. ඒ සඳහා ඔවුන් හට ගෞරවය හිමි විය යුතු ය.

චිත්රපටය ආරම්භයේදී සිදුවන්නේ කුමක්දැයි යම් ඉගියක් ලබා දුන්නද එහි අභ්යන්තරය කෙසේදැයි ඔබට වටහා ගැනීමට තරම් කාලයක් ඔබට නොලැබෙනු ඇති. ඒ තරමටම සිදුවීම් අනප්රේක්ෂිත වන නිසාවෙනි.

මෙහි කතාංගය තුළ පවුලක් වටා ඒකරාශී වූ චරිතයන් සේම අනපේක්ෂිත වූ චරිතයන්ගේ සම්ප්රාප්තිය තුල ඔබේ රස විදීමේ ආශාව තවත් තීව්ර කරනු ඇත. ගමක ජීවත්වන පවුලක්, නාය යෑමක් නිසා සිය බිරිද එකම දියණිය අහිමි වූ පියෙක්, මොළ සේදීමකට හසුවූ ගැටවර සහෝදරයෙක්, බිරිද අහිමිව සොවින් තැවෙන අසල්වාසියෙක් හා ඔහුගේ විවාහ නොවූ නැගැණියක් වටා දිවෙන මෙම චිත්රපටය තුළ ‘මූසා කාදර්’ නම් චිත්රපටයට පාදක වූ පවුලෙහි පියාගේ චරිතය සුවිශේෂී චරිතයකි. ‘මූසා’ සිය ජීවන අත්දැකීම්, සමාජ පරිණතභාවය තුළින් ප්රේක්ෂකයාට වටිනා පණිවිඩ කිහිපයක්ම කියා දෙනු ලබයි. ඇතැම් විට සිය දරුවන් හට ගිලන්ව සිටින ඔහු නුරුස්නා චරිතයක් වුවද සිය ජීවිතය තුළ ලද අත්දැකීම් තුළින් සියලු දෙනාට සමාජයේ යථාර්ථය පෙන්වාදෙයි.

චිත්රපටයේ අධ්යක්ෂණය Manu Warrior විසින් වන අතර ‘මූසා’ ලෙසින් ප්රවීණ මලයාලම් නළු Mamukkoya ද පවුලේ වැඩිමල් දරුවා ලෙසින් ‘ඉබාහිම්’ ලෙස Roshan Mathew ද ‘ලායික්’ නම් කැරලි නායකයා ලෙසින් Prithuviraj Sukumaran ද Sumathi, Murali Gopi, Shine Tom ඇතුළු නළු නිළියන් රැසක් මෙම නිර්මාණට දායක වී ඇත. චිත්රපටයේ දෙබස් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතරම මෙයින් කියවෙන දේශපාලන,සමාජීමය සේම ඉතිහාසමය කරුණු කාරණාවන් පිළිබඳවද ප්රේක්ෂකයා අවධානය යොමුකළයුතු වනවා. බොහෝ සිදුවීම් මාලාවන් රාත්රි කාලයේ සිදුවන බැවින් පැහැදිලි දර්ශන තලයන් අධ්යක්ෂකවරයා යොදාගෙන තිබෙනවා. චිත්රපටයේ කුතුහලය, ත්රාසය මතුකරමින් ගීත කණ්ඩ කීපයකින් Jakes Bejoy විසින් මෙහි සංගීතය නිර්මාණය කර තිබෙනවා.

ඔබ සිතන පතන කිසිදු දෙයක් ඔබ ඉදිරිපිට සිදු වන්නේ නැත. අවසානයේ සියල්ල දෙවියන් වෙත භාර කරන්නේ ද ? එය තමන් අතට ගන්නේ ද ? යන්න තීරණය කළ හැකි වන්නේ ඔබගේ දෙවියන්ට නොව ඔබටය.

චිත්රපටය අවසානයේ පවුලේ පියා නොඑසේ නම් මූසා කාදර් තවත් එක් යථාර්ථයත් ප්රේක්ෂකයන් වෙත ගෙන හැර දක්වයි.

“මනුෂ්ය වර්ගයා විඳවීමට බලපාන ලොකුම හේතුව මොකක්ද කියලා දන්නවද?

පෘතුවියේ මිනිස්සුන්ගේ කතාව ආරම්භ වුණේ…

තහනම් ගෙඩි කෑමෙන් නෙවෙයි..

කාබිල්ගේ පළිගැනීමෙන් පස්සේ

තමන්ගේ සහෝදරයා මරලා දැම්මට පස්සේ

ඒක තමයි සැබෑ පාපයේ ආරම්භය

ඒ කාබිල්ගේ ලේ තමයි

මිනිස්සුන්ගේ නහරවල දුවන්නේ

ඒ ලේ වල ආමන්ත්රණය

අපට නොඅසා ඉන්න බෑ

ලෙයට ලෙය!

වෛරයට වෛරය!

පලිගැනීමට පළිගැනීම!

මිනිහා බඩගින්නෙ හිටියත්,

හිරේ ගියත් මොන දේ කළත්

මනුෂ්යාට ඕන තමන්ගේ හතුරාගේ අවසානය දකින්න.

ඒකයි වෛරයේ තියන ශක්තිය

තාත්තලා ලියන්න, කියවන්න තමන්ගෙ ළමයින්ට ඉගැන්නුවේ නැතත් කාටද වෛර කරන්න ඕන කියලා උගන්නවා.

ඒ වෛරයේ ගිනිදැල් වලින් අනාගත පරම්පරා ඉදිරියටත් ගිනිගෙන දැවේවි!

මනුස්සයා මැරුණත් එයා තුළ තිබුණු වෛරය ජීවත් වෙනවා!!!”

ඉතින් ඔබ තවමත් මේ චිත්රපටය නැරඹීමට තීරණය කර නැද්ද? තීරණය ඔබට බාරයි! ?

Manu Warrier
Written byAnish Pallyal

චමීර සුබසිංහ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *