Kothanodi (2015) Assamese By Upul Dissanayake
විශිෂ්ට චිත්‍රපටයක්..
මේ වගේ අමු යතාර්ථය එකපාරට දරා ගන්න අමාරුයි..මේ වගේ තිත්ත පිටපත් බලන්න අමාරුයි..මේ වගේ හෙලි කිරීම් උහුලගන්න අමාරුයි..
බුදු හාමුදුරුවෝ එතකොට මහාවීර තුමන්ටවත් ගොඩදාගන්න බැරි වුන මේ ඉන්දියාව කියන මහ අපබ්බ්‍රන්සය, මේ සිනමාකාරයො කොහෙ ගොඩ දාන්නද..ඒක මහ අරුම පුදුම දේශයක් මහත්වරුනි..
හැබැයි ඉන්දීය සිනමාකරුවා බය නෑ..
ඔවුන් පිටපත් වෙනුවෙන් හරි, ඇත්තටම හෙලි කරන්නට තිබෙන වුවමනාවට හරි මේ කතාන්දර එළියට අදිනවා..ඒක ගොඩක් හොඳයි. ඉන්දියාව ගැන ඉගෙන ගෙන හමාර කරන්න බැරි වුනත් ,අපට ටික ටික හරි ඉන්දියානු සමාජය පිළිබඳව අධ්‍යනයක් කරගන්නට පුළුවන් මේ වගේ වටිනා චිත්‍රපට මගින්..
හරි මොකක්ද මේ අමිහිරි ඉන්දීය යථාර්තය මේ චිත්‍රපටයෙන් කියන..
මේකෙන් කියන්නෙ ඈත දුෂ්කර හද්ද පිටිසර ගම්මාන වල තිබෙන පාරම්පරික , නූගත්, ගෝත්‍රික ඇදහිලි විස්වාස, තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒවා සමහරක් ඇදහිලි මතම නොවන පුත්ගල ඕනෑ එපාකම් මත සිදුවන ම්ලේච්ඡත්වයන් බවත් කියැවෙනවා.
කතාවේ මූලසාධකය , දරුවා..ඉන්දියානු ග්‍රාමීය දරුවා..
දරුවා දෙමාපියන් ඇතුලු සමාජය නිසා මුහුන දෙන තත්වයන් සහ දරුවන් නිසා දෙමාපියන් ඇතුලු සමාජයට මුහුන පෑමට සිදුවන තත්වයන් ගැන ඍජුව හෙලි කරනවා..
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය, ඝර්භනී මවු වරුන්ට මේ චිත්‍රපට නැරඹීම හොඳ නෑ..
මේ චිත්‍රපටය කොපමන ම්ලේච්ඡ සංකල්ප ඉදිරිපත් වුනත්, අධ්‍යක්ෂවරයා කලාත්මක ගුණාංග ඇතුලත් කිරීමට අමතක කරල නෑ..
එක චරිතයක් තියෙනවා..ලොකු ගෙඩියක්..මොකක්ද ඒ එලවලුවක්ද හරියට ලොකු ගොඩපර ගෙඩියක් වගේ..ඒ ගෙඩියට පනපොවල අධ්‍යක්ෂතුමා මොකක්ද අපිට කියන්න හදපු පනිවිඩය..ලොකු ගැටලුවක් නෑ . අවසානයේ ඒ ගැටලුව ලිහා ගන්නට අධ්‍යක්ෂකතුමා අපට ඒ ඵලය පලල පෙන්වනවා..අන්න එතකොට එතන තිබුන සංකල්පය අහු වුනා..
මොකක්ද එතනින් කියන්නෙ, මොකක්ද ඒ කලාත්මක සංකේතයෙන් කියන්න උත්සාහ කලේ..මමනම් හිතුවෙ, අනියම් ඇසුරක ප්‍රථිපලයකට බියෙන් මව පලා ගියද..තනිනොතනියට හරි එහෙම දෙයක් හරි තියෙන එක වටිනවා, වගේම ඒ පලය ඵලදරපුවාම තමා ඒ ප්‍රථික්ෂේප කල පලයේ වටිනාකම දැනුනේ..යන වග..
මේ ලෝකෙ මිනිස්සු වාසියක් නැත්තං කිසිම දෙයක් කරන්නෙ නැ කියල කතාවක් තිබුනත් ඔය කතාව බිඳ වැටෙනවා අම්මා ළඟදි..
අම්මා ආදරය කරන්නේ කොන්දේසි වරහිතවයි.
පෙරලා වාසියක් බලාපොරොත්තු නැතුවයි..නමුත්..
මේ කතාව අපට ඒ මතයත් අභියෝගයට ලක් කලාද..
ප්‍රශ්නාර්ථයක් ..
..කටින් කියල හදාගන්න බැරි වුන සමාජය ආගමට කියල බැලුව , ආගමට ගොඩදාගන්න බැරි වුන සමාජය..නීතිය ගෙනාවා ,,අද වෙන කොට නීතියටත් අවනත නොවන මේ කුරිරු සමාජය දිවයන්නෙ මිත්‍යාව පසුපසමයි..ගමේ විතරක් නෙමේ මේ මිත්‍යාව කියන දේ තියෙන්නෙ නගරයේත් තියෙනවා..අල්ලපු ගෙදර මිනිහට ඊර්ෂ්‍යා කරනවයි කියන්නෙ..මිතුරා වරදෙ පටලනවයි කියන්නෙ, කොටින්ම පස්පවු කරනවයි කියන්නෙත් මිත්‍යාවම තමා..
ඒක ගමක වෙන්නෙ දෙවියකුගෙ නාමයෙක්..සර්පයෙකුගේ නාමයෙන්, දෛවඥ්ඤයෙකුගේ නාමයෙන් විය හැකියි..
ඒ කොතනත් ක්‍රියාත්මක වෙන්නේ අඩු අධ්‍යාපන සමාජ ක්‍රමයක් තුල පැනනගින මිත්‍යාවයි..
මේ වගේ චිත්‍රපට වලින් එක්කෙනෙක් හෝ යථාර්ථය වටහා ගන්නවානම් එය ලොකු ජයක්..
ඔවු,,මේ චිත්‍රපටය හදල තියෙන්නෙ පසුගිය අවුරුදු වල ඇසෑම් සිනමාවෙන් ලොවක් වසඟයට ගත්, Bhaskar Hazarika..මහතා විසින්
Aamis 2019 චිත්‍රපටයේ තිබ්බ විශිෂ්ට ෆැන්ටසිය මවන්න, ප්‍රැක්ටිස් කරපු සිනමා කෘතියක් විදිහට මට දැනුන..
අවසාන වශයෙන් දේශපාලනිකයි -මේ හැම දෙයක්ම..මෙවැනි ග්‍රාමීය ගෝත්‍රිකවාදයන් තවමත් ක්‍රියාත්මක වෙනවානම් වෙන්නෙ..අධ්‍යාපනය බෙදී යමේ විශමතාව මතයි..රටක පාලකයා රටෙ හැම භූමිකටම ආදායම සහ අධ්‍යාපනය ඇතුලු අනෙකුත් යටිතල පහසුකම් සපයන්නට සමත් නම්..මේ වගේ දැඩිමතදාරී සමාජ කොටස් බිහිවෙන්නේ නැ..ඉන්දියාව වගේ විශාල රටක. විශාල ජනගහනයකට එක හා සමානව මූලික මිනිස් අවශ්‍යතාවන් සැපයීමට තුන්වන පංතියේ රජයකට අමාරුයි තමා..කුමක් නම් කරන්නද..තව බොහෝ කාලයක් මේ පරම්පරාවල් ඔවුන්ගෙ හනමිටි මතිමත කරමත රැගෙන යාවි..
