Kotakethana Sinhala Film | Sinhala Article

Kotakethana! Massage from Jo Dissanayake

අවුරුදු ගනනාවක් තිස්සෙ ඉදන් චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් හීනයක් තිබුණා. අපි හැමෝගෙම හීන බොද වෙලා යන මේ වෙලාවෙ මෙහෙම දෙයක් දැමීම ගැනත් ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා. ඒත් හීන ලේසියෙන් අත අරින්න බැහැ. ගෙවුනු අවුරුදු ගානෙම මියුසික් වීඩියෝස් ශෝර්ට් ෆිල්ම්ස් වෙබ් සීරීස් වගෙ නිර්මාණ ගනනක් නිර්මාණය කරමින් ඒ සදහා අවශ්‍ය කරන අත් දැකීම ලබාගන්න කටයුතු කලා. මට අවශ්‍ය වුනෙ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ෆීචර් ෆිල්ම් එකක් කරනවනම් වෙනස් විදියෙ දෙයක් කරන්න.

මගේ පලවෙනි චිත්‍රපටය තමයි මේ නිවේදනය කරන්නෙ. “කොටකෙතන”

හැමොම අහල ඇති දැකල ඇති, ඒ සිදුවූණ බිහුසුණු ක්‍රියාවන් ඇසුරෙන් යමක් නිර්මාණය කරන්න මට කැමැත්තක් ඇති වුනා. Serial Killer වගෙ කන්සෙප්ට් එකක් කරන්න තියෙන ආසාව නිසාම මට හිතුනා මේ ලංකාවේ සිද්දවුන මෙ සිදුවීම අලලාම මේ චිත්‍රපටය නිර්මාණය කරන්න. දාම ඝාතකයෙක් වටා ගෙතෙන කතාවක් එක්ක තමයි මේ කොටකෙතන චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

මේ වෙලාවෙ මම සමග මෙ චිත්‍රපටය නිර්මාණය කිරීමට එක්වුණ Rinder Films නිෂ්පාදන ආයතනය බොහොම ස්තූති වන්ත වෙනව මේවගෙ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සදහා ඔවුන් මා සමග එක්වීම පිළිවදව.

මේ තත්වය එක්ක ඉදිරිය කොහොම වෙයිද අපි දන්නෙ නෑ. අපි අපෙ හීන හැබෑ කරගන්න අපේ අනාගතෙ වෙනුවෙන් හැමදාම අරගල කලා.

ඉස්සරහටත් කරනවා.

අරගලයට ජය!

#KotakethanaMovie #Kotakethana #serialkillers #JoDissanayake #serialkillermovie

පීටර් බාත්ලට්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *