Koode (2018) Malayalam Article

Koode 2018 Malayalam 

ගූගල් පරීශිලක දර්ශකය 90%

IMDB 7.6 /10

ආදරණීය අයියාගේ අසීමාන්තික සෙනෙහස

මට හිතෙන්නේ මේ ලෝකේ අපි හැමෝම දුවන්නේ තරගයක් කියලා. අවසානයක් නොදන්නා ගමනක ජයග්‍රහණය තාමාගේ වෙයි ද..? කියලවත් නොදන්න මාවතක අපි හැමදාම තරගෙට දුවනවා…

මොහොතකට මේ ජිවිතේ තරගය අමතක කරලා, අපි අපේ මනසේ සුන්දරත්වය විදිමට පටන් ගත්තොත් මේ ලෝකේ අපි තරම් සතුටින් ඉන්න වෙන කවුරුත් නැති බව ඔබ හොදින් දන්නවා ඇති. කුරුල්ලෙක් තෙරක් නොපෙනෙන අහස තමාගේ ලෝකය කරගෙන ඈතට පියඹාගෙන යනකොට , කදු පංති දිය ඇලි වලින් නිල්ල නිලට හැරුණු තුරු ලතා වලින් හරී අපූරු ආස්වාදයක් විදිනවා. ජිවිතේ එකම එක පාරක් තමන් ගොඩක් ආදරය කරන කෙනෙක් එක්ක මොහොතක් ගත කරන්න ඇත්තනම්, එක කෙතරම් සුන්දරයි ද..? යන්න මටනම් සිතා ගත නොහැකිය.

ඒ ආදරණීය මොහොත තවත් පරිසරයට සමීප වෙලා, හිමිදිරි උදයක කුරුළු නද ඇහෙන මානයක, ලා හිරු වත කමළ සිප ගන්නා මොහොතක, විදිමට ඇත්නම් එය තවත් මනසට හොදින් සමීප වෙයි. මේ ලෝකේ කිසිම දේකට සමාන කරන්න බැරි හරිම අපූරු බැදිම් තියෙනවා. ඒ අතරින් අම්මා තාත්තා අතර ඇති වන ආදරණිය බැදිම අපට කිසිදා කිසිවකට සමාන කළ නොහැකිය. අම්මා ගෙදර බුදුන් වෙනකොට ඒ බුදුන්ට විවරණ දෙන්නේ ආදරණිය පියාය. මේ බැදිම් තමයි අපේ ජිවිතය හරිම ලස්සන කරන්නේ…

ජිවිතයකට බැදිම් කියන්නේ දුකක් බව මා හොදින් දනිමි. නමුදු ඒ බැදිම් තුල ඇත්තේ හරිම සොදුරු මතකයන් වල එකතුවකී. ජිව්තයේ අපි ආදරය කරන කෙනෙක් අපෙන් සමු අරගෙන යන්න ගියාම, අපි අඩනවා විලාප තියෙනවා. ඇයි ඒ කියලා ඔයාලා දන්නවා ද..? අපිට ආයේ කිසිම දවසක ඒ බැදිම එක්ක අලුත් මතකයන් ඉදිරියට ගෙනියන්න බැරි නිසා…

අද අපි කතා කරන්න යන්නේ ජිවතයේ පිරිම් කෙනක්ට ලබන්න පුළුවන් ඉතාම සුන්දර බැදිමක් ගැන, ඒ තමයි ආදරණිය නංගී කෙනෙක්ගේ ආදරණිය බැදිම. නංගි කෙනෙක්ට අයියා කෙනෙක් කියන්නේ එයාගේ දකුණු අත වගේ , මේ ලිපිය කියවන ඔයාට සමහර විට අයියා කෙනෙක් ඇති. තවත් විටෙක අයියා කෙනෙක් නැතිව ඇති. කොච්චර වැරදි කරත් එක පාරක් සැර දාලා ඔයාව ආදරයෙන් බලාගන්නේ ආදරණීය අයියා, එක නිසා වෙන්න ඇති අයියා කෙනෙක් නැති ගොඩක් නංගිලා හිතන්නේ ” අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා”

මේ ලෝකේ වේදානවන් දරා ගන්නේ කාන්තාවන් උනාට , දුක හංගන් මුනට හිනාවන් දෙන්නේ පිරිමි අය. පිරිම් අපි ලෝකෙට පෙන්න අඩනවා හරි අඩුයි, එත් මුළු ලෝකයට හොරෙන් දහස් වතාවක් අඩනවා.. අයියා කෙනෙක් ඉන්න නංගී කෙනෙක් මොහොතකට කල්පනා කරලා බලන්න තමන්ගේ නංගී වෙනුවෙන් තමන්ගේ අයියා මොනාවාද, නොකරන්නේ කියලා.

ඔයාගේ අම්මා තාත්තාට හොදට සල්ලී තියෙනවා නම් ගොඩක් වෙලාවට අයියාගේ කැප කිරිම පෙනෙනවා අඩු ඇති. එත් දුප්පත් පවුලක නංගියෙක්නම් අනිවාර්යයෙන් අයියාගේ කැප කිරිම ඔයාලා හොදටම දැකලා ඇති කියලා මම හිතනවා… තමන්ට හොදට ඉගෙන ගන්න පුළුවන් කම තියෙනකොට නංගිට හොදට උගන්න ඕන හිංදා, නංගිට ලස්සන ලෝකයක් හදන්න ඕන හිංදා, තරුණ කාලෙදිම ඉගෙනීම අත ඇරලා රස්සාවට යන අයියලා අපි අතර අනන්තවත් ඉන්නවා… නංගිගේ කුස පුරවන්න තමන් ආසම කැම නොකා ” අයියා කැවා ” , නංගී කන්න කියලා කියන අයියලාත් අපි අතර ඉන්නවා… ඒ සොදුරු ආදරය ඔහොම ගලාගෙන යනකොට තමන්ගේ නංගිද..? කියලා අදුරන් නැති , නංගිට කිසිම ආදරයක් ගරුත්වයක් නැති අයියලා පවා මේ සමාජයේ සිටිනවා.

ඔයාලා මේ කතාව ඔහොම කියවාගෙන එනකොට ඔයාට හිතෙනවා ඇති ඇයි මම චිත්‍රපටයේ දෙවල් නොකියා මේ වගේ දේවල් කියන්නේ කියලා.මේ චිත්‍රපටය තුලින් කතා වෙන්නෙත් ආදරණිය නංගී අයියා අතර අපූරු බැදිමක් ගැන.

මේ කතාවෙත් මම කීවා වගේ මේ ආදරණිය අයියා තමන්ගේ නංගී වෙනුවෙන් නානප්පකාර දුකක් විදිනවා. තමන් ආදරය කරපු ගැණු ළමයා, තමගේ හීනය මේ සියල්ලම නංගි වෙනුවෙන් කැප කරනවා. එකට කියන්නේ නිරාමිස ආදරය කියලා.

කාලයත් එක්ක නංගී තමන්ගේ ජිවිතයෙන් ඈත් වෙලා මේ ලෝකයෙනුත් ඈත් වෙලා යන්න ගියාම සිතිවිලි අතර තනි වෙන ආදරණිය අයියා, මනසේ සතුට නිදහස වෙනුවෙන් තනි වෙන්න බලනවා. එක ඇත්ත, ප්‍රීයයන්ගෙන් වෙන් වීම දුකක් කියලා කියන්නේ එකයි..

එතනින් පසු චිත්‍රපටය මනක්කල්පිතයක් සමග තමයි ඉදිරියට ගලාගෙන යන්නේ. මේක බලපු කෙනෙක්ට හිතෙයි ඇයි ඒ වගේ සංකල්පයක් යොදා ගත්තේ කියලා. එකට මම දෙන උත්තරය තමයි ආදරණියන් වෙන් උනත් එයාලා අපේ හදවතේ ජිවත් වෙනවා කියලා.. පෙන්නුම් කරන්න කියලා. කෙනෙක්ට ඊට වඩා වෙනස් දෙයක් උනත් හිතෙන්න පුළුවන් නමුත් එක ගැටළුවක් නොවේ.

ආදරණිය නංගියෙක්ගේ හුරතලය. ආදරය වගෙම සෙනෙහස සමගින් හරිම අපූරුවට චිත්‍රපටය ගලාගෙන යනවා. මළයාලම් සිනමාව කියන්නේ මනසට කා වදින හරිම අපූරු සිනමාවක් බව ඔබත් මාත් හොදින් දන්නා කරුණක්. එය තවත් හොදින් පහදා දිමට මේ නිර්මාණය සමත් උනා කිවොත් මා නිවරදී.

චිත්‍රපටය තුල ආදරණිය නංගී අයියා අතර ඇති බැදිම ගැන කතා කරනකොට සිංහල සංගීතයේ එන හරි අපූරු ගිතයක් මගේ මනසට නැගෙනවා..

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට

පාරමී දම් පරමු අප දෙදෙනා

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වීලා

ජාති ජාතිත් සංසාරේ…

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී
ඔබ නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට

අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ…

පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී
ඔබ නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙදෙනා

චිත්‍රපටය තුල අයියා නංගි බැදිමට අමතරව ආදරය හා පවුල් ජිවිතය ගැනත් හරි අපුරු විදියට කතා කරලා තියෙනවා. මේ ලෝකේ ගැහැණියක් විදින දුක් ගැන අපි නිරන්තරයෙන් කතා කර ඇත්තෙමු. ඒ අතර තමන් කාසද බදින පිරිමි කෙනා කොහොම කෙනෙක් උනත් ඔහු සමග මුළු ජිවිත කාලයම ගත කිරිමට විම හදුනවලා දෙන්න පුළුවන්. අපි හැමෝම මිණිසුන්, අපි හැමොටම ජිවිතයේ තීරණ ගැනීමට අයිතියක් තියෙනවා. අපි ඉපදෙනකොට අපිට කියන්නේ පුංචි බබා කියලා, අපි මැරෙනකොට අපිට කියන්නේ මිනිය කියලා, මේ සීමාවන් දෙක තුල අව්නිශ්ච්ත ජිවිතයක් ගත කරන අප නිතර අපේ ජිවිත වලට සීමාවන් පනවා ගන්නවා. ඒ සීමාවන් සමහර විට සමාජය විසින් පනවා දිලා තියෙනවා.

ජාතිය ,කුලය, ආගම , වර්ගය මේ දෙවල් නිසා මිනිසුන්ගේ හැගීම් හා සිතිවිලි හිර කරලා තියෙනවා. මේ ලෝකේ ඔය කිසිම දෙයකට මරණය වලක් වන්න බැරි නම්, මේ අසම්මත සීමාවන් වලින් ඇති ප්‍රයොජනය කුමක් ද..?

තමන් පණ වගේ ආදරය කරපු ආදරණීය හදවත අපා දුක් විදිනකොට, පිරිමියෙක් විදියට ඇයව රැක බලා ගැනීම කෙතරම් මානුෂිකද..? යන්න චිත්‍රපටය අවසානයේ හරි අපූරු විදියට අපිට පෙන්වලා දෙනවා.

ආදරය සෙනෙහස හා පාරසරික සුන්දරත්වය එකතු කරගෙන හරිම අපූරු විදියට නිර්මාණය උන නිර්මාණයක් විදියට මේ නිර්මාණය හදුන්වලා දෙන්න පුළුවන්.

අපි ආදරය කරන අය අපෙන් ඈතට ගියත් එයාලාගේ මතකය අපි අතර හැමදාම තියෙනවා , කෙනෙක් මිය ගියාම දුක් වෙනවාට වඩා එයා ජිවත්ව ඉන්නකොට සතුටින් තියන්න.

” එතකොට එයා නැති දවසට සතුටින් ඉන්න බැරි උනත් සැනසීමෙන් ඉන්න පුළුවන් වේවී…..”

නංගියෙක්ට අයියෙක් කියන්නේ සම්පතක් උනාට, අයියෙක්ට නංගියෙක් කියන්නේ ලෝකයක්….

තාරුක නිරෝෂාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *