Kollywood Facts #01
අද දවසේ මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ ➡️ ටැමිල් සිනමාවේ Audience සහා fans ආස කරන විදිහට චිත්‍රපටයේ climax එක දෙන්න ඕන කියලා ඊට කලින් Shoot කල original climax එක හෝ නැත්නම් Shoot කරනකොටම climax එක විතරක් දෙවර්ගයකින් Shoot කරලා , Audience සහා fans ගේ ඉල්ලීම පරිදි Climax එක change කරලා චිත්‍රපටය release කරනවා., අන්න ඒ වගේ Climax දෙකකින් තිරගත වුන ටැමිල් චිත්‍රපට කිහිපයක් ගැන තමයි මේ පෝස්ට් එකෙන් සදහන් කරලා තියෙන්නේ ⬇️
1 . 1972 වර්ෂයේ K. S. Prakash Rao අධ්‍යක්ෂණයෙන් සහා Sivaji Ganesan රංගනයෙන් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි *Vasantha Maligai*
මෙම චිත්‍රපටය තිරගත වුන පළමු දවසේම Sivaji Ganesan ගේ රසිකයන්ගෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු ට ලොකු බල පෑමක් එල්ල වුනා එයට හේතුව ➡️ මෙම චිත්‍රපටයේ original climax එක අනුව [Sivaji Ganesan මත්පැන් වලට ඇබ්බැහි වෙලා අන්තිමට මැරිලා යනවා] ඔය climax එක දරා ගන්න බැරි රසිකයන් තිරගත වුන පළමු දවසේම *අපිට positive climax එකක් ඕනේ* කියලා උද්ඝෝෂණ කරන්න ගත්තා…
චිත්‍රපටය පටිගත කරනකොටම කෝකටත් කියලා positive පැත්තෙන් 2nd climax එකකුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු Shoot කරලා තියෙනවා , එම climax එක අනුව ➡️ [Sivaji Ganesan ගේ තත්වය බරපතල වෙලා හොස්පිටල් එකට අරගෙන යනවා , ඉටපස්සේ ඩොක්ටර් ඇවිත් බය වෙන තරමටම මුකුත් නෑ කියලා Dialogues දෙක තුනක් විතර කියනවා , ඒමම Sivaji Ganesan ඇස් දෙක හරිනවා වගේ ෆ්රේම් එකකුත් පෙන්නලා Ending card එක දානවා ] මේ විදිහට තමයි 2nd climax එක නිර්මාණය වෙලා තියෙන්නේ…
රසිකයන්ගේ ඉල්ලීම පරිදි චිත්‍රපටය තිරගත වෙලා තුන් වෙනි දවසේ ➡️ original climax එක remove කරලා 2nd climax එක add කරලා ආයේ වතාවක් චිත්‍රපටය තිරගත කලා……
2 . 1997 වර්ෂයේ Rajiv Menon අධ්‍යක්ෂණයෙන් සහා Kajol , Prabhu Deva , Arvind Swamy වැනි සුපිරි නළු නිළියන් ගේ රංගනයේ නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි *Minsara Kanavu*
මෙම චිත්‍රපටයේ Original climax එක අනුව ➡️ පූජකවරියක් වෙන්න යන Kajol ව Arvind Swamy ඇවිත් නවත්තලා , Prabhu Deva ගේ ආදරය ගැන තේරුම් කරලා Arvind Swamy එතනින් යනවා , ඉටපස්සේ Prabhu Deva සහා Kajol පල්ලියක් තුළ විවාහ කර ගන්නවා වගේ සීන් එකක් පෙන්නලා Ending එක ලබා දෙනවා….
හැබැයි Audience ඒ climax එකට විරුද්ධත්වයක් ලබා දුන්න නිසා ➡️ චිත්‍රපටය තිරගත වෙලා සතියකින් පස්සේ , පටිගත කරනකොටම shoot කල දෙවෙනි climax එක add කරලා ආයේ වතාවක් චිත්‍රපටය තිරගත කලා…..
2nd climax එක අනුව ➡️ Arvind Swamy පූජකවරයෙකු විදිහටත් Prabhu Deva සහා Kajol විවාහ කරගෙන ළමයෙකුත් ඉන්න විදහට පෙන්නුම් කරලා තියෙනවා….
3 . 1984 වර්ෂයේ S. P. Muthuraman අධ්‍යක්ෂණයෙන් සහා Rajinikanth රංගනයෙන් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි *Nallavanukku Nallavan*
මෙම චිත්‍රපටයේ original climax එක අනුව ➡️ rajini ගේ බිරිඳගේ චරිතයට රංගනයෙන් දායක වුන Raadhika මහත්මිය මිය යනවා වගේ සීන් එකක් එනවා , ඒත් එක්කම rajini ත් මැරිලා යනවා වගේ පෙන්නලා Ending එක ලබා දෙනවා….
නමුත් මෙම චිත්‍රපටයේ Producer මෙම climax එකට කැමති වුනේ නෑ , ඒකට හේතුව ගොඩක් ලොකුයි ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්] හැබැයි ඔහු අධ්‍යක්ෂකවරු ට කිව්වේ ➡️ Super star මැරෙනවා වගේ climax එකක් දුන්නොත් අනිවාර්යෙන්ම රසිකයන්ගෙන් විරුද්ධත්වයක් එයි කියලා., ඉතින් Rajinikanth සහා S. P. Muthuraman ඒ දේට අකමැති වුනත් Producer ගේ ඉල්ලීම පරිදි ආයේ පාරක් climax shoot එකක් කරන්න වුනා….
ඒ climax එක අනුව ➡️ Raadhika මහත්මිය මිය ගියාට පස්සේ , ලොකු Action block එකක් තියලා Happy Ending එකක් ලබා දෙනවා
නමුත් මේක තමයි මෙම චිත්‍රපටයේ original climax එක හේතුව ➡️ තිරගත වුනාට පස්සේ climax එක change කලේ නෑ වෙන්න කලින්ම change කලා…..
4 . 1998 වර්ෂයේ Vincent Selva අධ්‍යක්ෂණයෙන් සහා තලපති විජයි රංගනයෙන් නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි *Priyamudan* මෙම චිත්‍රපටයේ තලපති විජයි ගොඩක් ලස්සනට Anti Hero Subject එකක් ගෙනියලා තියෙනවා…
මෙම චිත්‍රපටයේ Climax එක අනුව ➡️ [විජයි අන්තිමට වෙඩි පහරකට ලක් වෙලා මැරිලා යනවා] නමුත් මෙම climax එකට විරුද්ධත්වයක් විජයි ගේ පියාගෙන් ම ලැබුනා….
Climax එකට අකමැති වුන විජයි ගේ පියා ➡️ විජයි මැරුනොත් රසිකයන් කැමති වෙන්නේ නෑ කියලා , Climax එක Change කලා ඒ කියන්නේ 2nd climax එකක් Shoot කලා
ඒ climax එක අනුව ➡️ විජයි ට වෙඩි තියනවා නමුත් විජයි ඒ ප්‍රහාරයෙන් බේරිලා , කෙල්ලව අරගෙන ගිහින් විවාහ කරගෙන සතුටෙන් ජීවත් වෙනවා….
මේ විදිහට තමයි 2nd climax එක නිර්මාණය කලේ නමුත් විජයි සහා අධ්‍යක්ෂකවරු ඒ climax එකට අකමැති වුන නිසා , විජයි ඔහුගේ පියා සමඟ කතා කරලා පලවෙනි Climax එකෙන්ම චිත්‍රපටය තිරගත කලා ඒ වගේම එම චිත්‍රපටයට ජයග්‍රහණයක් ලැබෙන්න හේතුවත් විජයි ගේ රංගනය සහා විජයි අන්තිමට මිය යන climax එක….
මෙම චිත්‍රපටය ගොඩක් පරණයි ඒ නිසා කවුරුත් බලලා නැතිව ඇති , හැබැයි හැමෝම සිංහල චිත්‍රපටයක් වෙන රෂ් බලලා ඇති , රෂ් චිත්‍රපටයේ original Script එක සහා Screenplay එක තමයි Priyamudan කියන්නේ…..
5 . 2007 වර්ෂයේ අජිත් කුමාර් රංගනයෙන් දායක වී නිර්මාණය වුන චිත්‍රපටයක් තමයි Kireedam….
මෙම චිත්‍රපටයේ climax විස්තරයත් එක්කම පොඩි දෙයක් සදහන් කරන්න තියෙනවා ➡️ *Kireedam* චිත්‍රපටයට කලින් අජිත් කුමාර් ටිකක් පෞද්ගලිකව වැටුනා ඒ වැටිල්ල ඔහුගේ සිනමා ජීවිතයටත් බලපැවා , ඉටපස්සේ ආයේ ටික ටික නැගගෙන ආවා හැබැයි කවුරුවත් හිතන්නේ නැති විදිහට ඔහුගේ Marketing එක සහා රසිකයන් ගේ මතය පැත්තකින් තියලා හොද කලාත්මක Story එකට විතරක් මුල් තැන දෙන විදිහට Script එකක් තෝර ගත්තා ඒ තමයි Kireedam., ඒ වගේම Vivegam එකෙන් සම්පූර්ණයෙන්ම වැටිලා Viswasam එකෙන් ආයේ ටිකක් විතර ගොඩ ආවට පස්සේ , ඒක තව ටිකක් වැඩි කර ගන්නේ නැතිව ආයේ පාරක් ඔහුගේ Marketing එක සහා රසිකයන් ගේ මතය පැත්තකින් තියලා හොද කලාත්මක චිත්‍රපටයක් තෝර ගත්තා ඒ තමයි Nerkonda paarvai., මෙතන තියෙන තවත් එක විශේෂ ලක්ෂණයක් තමා ➡️ මෙම චිත්‍රපට දෙකම Remake චිත්‍රපට දෙකක් ⬇️
Nerkonda Paarvai කියන්නේ pink Hindi චිත්‍රපටයේ Tamil Remake එකක්
Kireedam කියන්නේ 1989 වර්ෂයේ Mohanlal ගේ රංගනයේ නිර්මාණය වුන Kireedam Malayalam චිත්‍රපටයේ Tamil Remake එකක්
Kireedam චිත්‍රපටය අනුව විජයි ඒ කියන්නේ තලපති විජයි නෙමෙයි අධ්‍යක්ෂකවරු විජයි original Script එක සහා Screenplay එක change කලේම නෑ….
Original Malayalam චිත්‍රපටයේ Mohanlal ගේ රංගනයත් එක්ක climax එක ගොඩක් heart Touching වුනා , Climax එක අනුව ➡️ [Mohanlal මැරයෙක් ව මරලා හිරේ යනවා , අන්තිමට ඔහු සහා ඔහුගේ පියා ආස වුන විදියට ඔහුට පොලිස් නිලධාරියෙක් වෙන්න බැරි වෙනවා] ඒ feeling එක miss වෙන්නේ නැති විදිහට අධ්‍යක්ෂකවරු විජයි සහා අජිත් කුමාර් හැම දේම ගානට කලා ඒ විදිහටම නමුත් ⬇️
අජිත් රසිකයන් ඒ climax එකට අකමැති වුන නිසා , චිත්‍රපටය නරඹන්න එන සෙනඟ අඩු වෙන්න ගත්තා , නිකන් ම චිත්‍රපටයට Negative vibration එකක් තමා ලැබුණේ හරියට nerkonda paarvai එකට වගේ , අජිත් pink remake එකක් ගන්නවා කිව්වම ගොඩක් දෙනෙක් ඕක අනිවාර්යෙන්ම අජිත් ට ගැලපෙන්නේ නෑ ඕක FLOP තමා කියලා ගොඩක් දේවල් කිව්වා , ඒක තමයි Kireedam චිත්‍රපටයත් වුනේ……
තිරගත වුනාට පස්සේ රසිකයන් ගෙන් ලොකු සපෝට් එකක් ලැබුනට මොකො Climax එකට කැමති වුනේ නෑ , රසිකයන් පවා අකමැත්තක් දැක්වූ නිසා අධ්‍යක්ෂකවරු විජයි 2nd climax එකක් Shoot කරන්න තීරණය කලා හැබැයි කාලයක් ඉතුරු වුනේ නෑ , ඒ නිසා ➡️ climax එකේදී අජිත් මැරයෙක් ව මැරුවට පස්සේ අජිත් ව උසාවියට ගෙනිච්චා කියලා පෙන්නුම් කරන්න පොඩි ෆ්රේම් එකක් තියලා ඒ ෆ්රේම් එක තුළින් උසාවියක් පෙන්නුම් කරලා background එකෙන් voice over එකක් play කරනවා , ඒ voice over එකෙන් ➡️ අජිත් හොදයි , අජිත්ට ජනතාව ගෙන් ලොකු සපෝට් එකක් තියෙනවා , ඔහුගේ ජීවිතය බේර ගන්න තමයි ඔහු ඒම කලේ කියලා , අජිත් ව නිදහස් කරනවා වගේ ඒ voice over එකෙන්ම අපිට පෙන්නුම් කරනවා , ඒත් එක්කම චිත්‍රපටයේ ආරම්භයේදී අජිත් පොලිස් නිලධාරියෙකු බවට පත් වුනා වගේ ඔහුගේ තාත්තා හීනයක් බලනවා චිත්‍රපටය තුළ , ඒ හීනය visual එකක් විදිහට තමයි අපිට convert කරන්නේ , ඒ සීන් එක ඒමම Duplicate කරලා climax එකේදී පෙන්නුම් කරලා Ending එක ලබා දෙනවා….
මේ විදිහට තමයි Kireedam tamil චිත්‍රපටයේ climax එක change වුනේ , ඒ වගේම එම චිත්‍රපටය hit චිත්‍රපටයක් බවට පත් වුනා නමුත් Malayalam චිත්‍රපටය Super hit චිත්‍රපටයක් බවට පත් වුනා වගේම එම චිත්‍රපටයේ දෙවෙනි කොටසකුත් තිරගත කලා , එම චිත්‍රපටය Blockbuster චිත්‍රපටයක් බවට පත් වුනා……
මේ විදිහට තව ගොඩක් තියෙනවා climax change වුන ටැමිල් චිත්‍රපට , තවත් එක පෝස්ට් එකකින් ඉතුරු චිත්‍රපට ගැන කියන්නම්…..?
ලිපියට තොරතුරු ලබා දුන් අන්තර්ජාලයටත් ස්තූතියි පුද කරනවා ?❤