Kathryn BigelowKathryn Bigelow American Film Director by Anushka Rasanjana DeSilva
කැත්රින් බිග(ර්)ලොව්
සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් අද කතා කරන්න යන්නේ සිනමා අධ්‍යක්ෂකවරියක් ගැන…. ලොව ප්‍රථම සිනමා අධ්‍යක්ෂකවරිය ඇලස් ගි බ්(ල)ෂේයි ඉඳලා සිනමා අධ්‍යක්ෂණයට කාන්තා දායකත්වය මෙච්චරයි කියන්න පුළුවන් තරම් අඩුවුනත් අද වෙනකොට ඒ ඇතැම් අධ්‍යක්ෂකවරියන් සිනමාවට ප්‍රබල බලපෑමක් කරන්න සමත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්… ඒකට මෑතකාලයේ හොඳම උදාහරණයක් විදියට ක්ලෝ ඒ ජාඕ ගිය අවුරුද්දේ ඇකඩමි සම්මානය ලබා ගත්ත සිදුවීමත් අපිට කියන්න පුළුවන්….
ඇකඩමි සම්මාන ගැන කතා කරනකොට අද මේ කතාකරන අධ්‍යක්ෂකවරිය විශේෂයි… ඇය තමයි මුලින්ම ඇකඩමි සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂක සම්මානය දිනාගත්ත මුල්ම කාන්තාව…. ඇකඩමි ඉතිහාසයේ අවුරුදු 82කට පස්සේ උදාවෙන ඒ අවස්ථාව පළවෙනි වතාවට තමන්ගේ කරගන්න සමත් වෙන ඇය විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරියක් වෙන Kathryn Bigelow…..
කැත්රින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ 1978 දී The Set-up කියන කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින්… ඇයගේ පලවෙනි දිගු චිත්‍රපටය 1981 දී නිර්මාණය කරන The Loveless චිත්‍රපටය වුනත් ඇය තනියම අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය 1987 දී නිර්මාණය කරන Near Dark චිත්‍රපටය … කැත්රින්ගේ සිනමා දිවියේ වගේම ඇකඩමි ඉතිහාසය වෙනස් කරන චිත්‍රපටය වෙන්නේ 2008 දී නිකුත් වෙන The Hurt Locker චිත්‍රපටය… මේ චිත්‍රපටය වෙනුවෙන් අකඩමි සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂක සම්මානය වගේම හොඳම චිත්‍රපටය තිරරචනය ඇතුළු සම්මාන 6ක් දිනාගන්න සමත් වෙනවා… කෙටි චිත්‍රපට දෙකක් ඇතුළුව චිත්‍රපටය 12ක් අධ්‍යක්ෂණය කරලා තියෙන කැත්රින්ගේ චිත්‍රපට වල ප්‍රධානම ලක්ෂණයක් විදියට අැක්ෂන් ත්‍රිලර් ශනාරයේ චිත්‍රපට වීම විදියට හදුන්වන්න පුළුවන්.. ප්‍රචණ්ඩත්වය තේමාව විදියට ඇයගේ පලවෙනි චිත්‍රපටයේ ඉඳලා අදුරගන්න පුළුවන් තවත් විශේෂ ලක්ෂණයක් වෙනවා….
කැත්රින් 1989 දී ප්‍රවීණ හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් එක්ක විවාහ වුනත් ඒ විවාහය 1991 වසරෙන් අවසන් වෙනවා… ඇයගේ 1991 අවුරුද්දේ නිකුත් වුන Point Break චිත්‍රපටයටත් 1995 අවුරුද්දේ නිකුත් වුන Strange Days චිත්‍රපට වල නිෂ්පාදකවරයා විදියට ජේම්ස් කැමරන් සම්බන්ධ වෙලා තියෙනවා…
සිනමාව තුළ අධ්‍යක්ෂක භූමිකාවට කැත්රින්ට වඩා විශිෂ්ඨයින් අනිවාර්යෙන් ඉන්නවා… ඒත් කැත්රින් එක දෙයක් නිසා විශිෂ්ඨයි…. ඇය කාන්තාවක් විදියට සිනමාවේ තමන්ට අනන්‍යතාවයක් හදාගෙන තමන්ගේ නාමය සිනමා ඉතිහාසයේ සනිටුහන් කරලා ඉවර නිසාම ඇය ඇත්තටම ලෝක සිනමාවේ අපිට හමුවෙන විශිෂ්ඨ කාන්තා අධ්‍යක්ෂකවරියක් විදියට හදුන්වාදීමත් වරදක් නෙවෙයි කියලා කියන්න පුළුවන්….
“කාන්තාවකට චිත්‍රපටයක් නිර්මාණය කරන්න බැරිවෙන්න බාධක තියෙනවා නම් මං හේතු දෙකක් නිසා ඒ බාධක ප්‍රතික්ෂේප කරනවා… ඒ තමයි මට මගේ ලිංගභේදය වෙනස් කරන්න බැරි එක වගේම මම චිත්‍රපට නිර්මාණය නොකර ඉන්නවා කියන දේ ප්‍රතික්ෂේප කරන එක… චිත්‍රපටයක් නිර්මාණය කලේ කවුද (කාන්තාවක්ද පිරිමියෙක්ද ) ඒ චිත්‍රපටය මොකද්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ… වැදගත් වෙන්නේ ඔබ ඊට ප්‍රතිචාර දක්වීම හෝ නොදැක්වීම…
ඇත්තටම කාන්තා අධ්‍යක්ෂකවරුන් මීට වඩා වැඩි ගණනක් ඉන්න ඕන… මං හිතන්නේ එහෙම නොවෙන්න හේතුව, එයාලට ඒක කරන්න පුළුවන් කියලා කියන්න අය නැති එකයි….”
මේ සටහන කියන ඔයත් කාන්තාවක් නම් ඔයත් දවසක කැත්රින් කෙනෙක් වගේ වෙන්න හීන දකිනවා වෙන්න පුළුවන්….ඒ සිහිනය බෙදාගන්න කාන්තා ඔබට අද සිනමා අධ්‍යක්ෂකාවලෝකනයෙන් විශේෂයෙන්ම ආරාධනා කරනවා…ඒ වගේම කැත්රින් ගැන කතා කරන්න හැමදාම වගේ පොදුවේ හැමෝටමත් ආරාධනා කරනවා…