Kasada Thapara (2021) Tamil | Sinhala Article

Kasada Thapara (2021) Tamil by Indeewari Herath 

95% liked this film Google users
නවරස සීරිස් එකේදි නව නළු රසයේ එන හැඟීම් වලට නැත්තන් භාවයන් වලට අනුව නිර්මාණය කරපු කතා නවයක් තිබුනා. හැමෝම බලන්න ඇති ඒ සීරිස් එක. මේකත් ඒ වගේ භාවයන් කිහිපයක් මුලික කරගෙන නිර්මාණය වුනු චිත්රපටියක්. නව නළු රසය නම් නෙවෙයි. මිනිස්සුන්ගේ හිත් වල ඇති වන නපුරට බර හැඟීම් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. හැබැයි මේක Anthology එකක් එහෙම නෙවෙයි. කථා හයක් තිබුනා වුනත් මේ හැම කතාවකම එකකට එකක් සම්බන්ධයි. බොහොම උද්වේගකරව ගලාගෙන යන සිදුවීම් සමූහයක් සහිත චිත්රපටියක්. කුතුහලය උපරිමයි. ඇත්තටම මෙහි වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් චිත්රපටියේ ආරම්භක තත්පරයේ ඉඳලා අවසාන තත්පරය දක්වාම බලන්න ඕන.
ඒ වගේම වඩ චෙන්නායි, මැඩ්රාස් වගේ චිත්රපටි හැමෝම බලලා ඇති. ඇත්තටම චෙන්නායි නගරයේ උතුරු කොටස පදනම් වුන චිත්රපටි ගොඩක් තියනවා. ඒත් මේ චිත්රපටිය ඇවිල්ලා සවුත් චෙන්නායි, නැත්තන් චෙන්නායි නගරයේ දකුණු කොටස පදනම් කරගෙන බිහිවුන නිර්මාණයක්. වැඩි වෙනසක් නෑ ඉතිං උතුර දකුණ කියලා.
චිත්රපටිය ආරම්භ වෙන්නේ බාලා නමැති පුද්ගලයෙක් සමග. ඔහුට දෙවියන් එක්ක කනෙක්ෂන් එකක් තියනවා. ඉතිං දෙවියන් බාලා ට උදව් කරනවා ලස්සන ගෑණු ළමයෙක් එක්ක ප්රේම සම්බන්ධයක් පටන් ගන්න.
ඊළඟට ඉන්නේ උගත් තරුණයෙක් වන අයිසැක් සමග මැරයෙක් වන ඔහුගේ පියා අයෝධි වේධා. අයිසැක් අධිකරණ විනිසුරුවරයෙකුගේ දියණියක් සමග ප්රේම සම්බන්ධයක් පවත්වනවා.
තුන්වෙනි කථාංගයෙන් අපට හමුවන පොලිස් නිලධාරියෙක් වන කන්ධා තමන්ගේ උසස් නිලධාරියෙක් විසින් අටවන උගුලකට අහුවෙනවා. ඔහුගේ පවුල් ජීවිතයත් මේ නිසා ඉරිතැලීමකට ලක් වෙනවා.
ක්රිෂ්ණමූර්ති කපටියෙක්. සිව්වන කථාංගය කිශ් නොහොත් ක්රිෂ්ණමූර්තිගේ කපටිකමට වෙන් වෙනවා.
පස්වන කථාංගයෙන් හමු වන අමුධිනී තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් වුන මවක්.
අවසානයේදී හමුවන සම්යුතන් පළවෙනි කථාවෙ හිටපු බාලා සමග එකට සේවය කල පුද්ගලයෙක්. ඔහුටත් හදිසියේම බරපතල ප්රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. .
එතකොට මේ කතා වල තියන සම්බන්ධය මොකද්ද?

බොහොම කාලෙකට පස්සේ සෑහෙන්න වෙනස් දෙමළ චිත්රපටියක් බලන්න අවස්ථාවක් ලැබුනා. අර සුපුරුදු මසාලා සිනමාවෙන් වගේම ගුරුත්වාකර්ෂණ නැති ෆයිට්ස් වගේ දේවල් වලින් තොර සෑහෙන්න වෙනස් වැඩක්. ඒවා නැත්තෙමත් නෑ,නමුත් මේ කතාව ප්රසන්ට් කරන විදියට ඒවා එච්චරම කැපිලා පේන්නෙ නෑ. දැනෙන්නෙත් නැති තරම්.
මෙම චිත්රපටිය අධ්යක්ෂකවරයා චිම්බු දේවන්. ඔව් ඔව්, තලපති විජයිගෙ පුලි චිත්රපටියේ අධ්යක්ෂකවරයා. එතකොට චිත්රපටිය නිෂ්පාදනය සඳහා වෙන්කට් ප්රභූ සම්බන්ධ වෙලා තියනවා වගේම ඔහු මේකෙ සම්යුක්තන් විදියට රඟපානවා. පුලි බලලා disappointed වෙලා අයියෝ මේකත් ඒ වගේ ඇති කියලා අතෑරලා දාන්න නම් එපා. අපරාධයක් ඒක. එක අධ්යක්ෂවරයෙක් යටතේ කණ්ඩායම් හයක් මේ සඳහා දායක වෙලා තියනවා. ඒ කියන්නේ cinematographers හය දෙනෙක්,Editors හය දෙනෙක් ඇතුලු වෙන වෙනම ටෙක්නිකල් ටීම් හයක් සමග ලොකු නළු නිළියන් පිරිසක් එකතු වෙලා කරපු වැඩක් මේක.
ප්රේම්ජී, ප්රියා භවානි ශංකර්, හරිෂ් කල්යාන්, Sundeep Kishan, ශාන්තනු භාග්යරාජ්, රෙජිනා කැසෙන්ඩ්රා,සම්පත් රාජ්, විජයලක්ෂ්මී, සිජා රෝස්, වෙන්කට් ප්රභූ ඇතුලු තව් සෑහෙන්න පිරිසක් මේ වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා.
අනිවාර්යයෙන්ම බලන්න. මිස් වුනොත් අපරාදේ මේ ෆිල්ම් එක. බලනවා නම් සාමාන්ය චිත්රපටියක් බලන විදියට මුල ඉඳලා අන්තිම වෙනකන්ම බලන්න. කතා හයක් තිබුනට කතාවෙන් කතාව තමන්ට ඕන විදියට බලන්න බෑ. එහෙම වුනොත් මොනවත් තේරෙන්නේ නැතුව යයි.
Chimbu Deven

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *