Karthi Indian Actor
අයියා ගැන කියපු එකේ මල්ලි ගැන කිව්වේ නැත්තම් හිතට හරි නෑ කියලා හිතුන නිසා ඔන්න ඔහේ අද මල්ලි ගැන ටිකක් දැන ගමුයි කියලා හිතුනා… 1977 මැයි 25 දින චෙන්නායි වල උපත ලැබු #කාර්තික්_සිවකුමාර් ගැන තමයි අද සටහන.. සූරියා වගේම මොහුත් තම මූලික අධ්‍යාපනය පද්ම ශේෂා ත්‍රි බා භවන් හී ලබනවා.. පසුව වන්ඩලූර් අබ්දුල් රහුමාන් කොලිජියෙන් Machanical ඉංජිනේරියන් ඉගෙන ගනු ලබනවා.. ඉන්පසුව ඇමරිකාවේදි Industry of science master degree එක සම්පූර්ණ කරගනු ලබනවා.. එහි ඉගෙනුම ලබන අතරතුරදිම Graphic designer කෙනෙකු ලෙස පාට් ටයිම් ජොබ් එකක්ද කරනු ලබනවා.. මේ අතරතුරදී ඔහුට අදහසක් පහල වනවා තම සොහොයුරා පියා නෑණන්ඩිය වගේම චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසීමට.. නමුත් එය නලුවෙකු ලෙස නොව අධ්‍යක්ෂකවරයෙකු ලෙසයි.. එතනදී ඔහු නිව්යෝක් යුනිවර්සිටි වලින් Film making අධ්‍යාපනය හදාරා ඔහුගේ මව්බිමට පා තබනු ලබනවා.. ඉන් අනතුරව අධ්‍යක්ෂක මනිරත්නම් ලඟ සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස පුහුණුව ලබන අතරම ඔහුගේ ප්‍රථම සහය අධ්‍යක්ෂණයෙන් තිරගත වුන චිත්‍රපටය ලෙස ඔහුගේ සොහොයුරා වන සූරියා රගන Aayutha eluzthu හදුන්වා දෙන්නට පුලුවන්.. මෙහිදි සිද්ධාර්ත්, මාධවන්, සූරියා,ත්‍රිෂා යන අය රංගනයේ යෙදෙද්දි කාර්තිද කොටසකට සහභාගි වනවා.. එය තිරගත වුයේ 2004 වර්ෂයේය..
පසුව ඔහුට නලුවෙකු ලෙස ක්ෂෙත්‍රයට පිවිසීමට හැකි වන්නේ 2007 වසරේදි තිරගත වු #පරැත්තිවීරන් හරහාය.. එය මදුරාසියේ චණ්ඩියෙකු සහ ග්‍රාමීය ආදරයක් වටා ගෙතුණු කතාවකි.. එහි ප්‍රධාන නිලිය ලෙස ප්‍රියාමනී රංගනයේ යෙදෙනවා.. සිනමා ක්ෂෙත්‍රයේ රැදෙන්නටනම් බොහෝ දුර යා යුතුව තිබුනද කාර්තිට එය එසේ නොවේ.. ඔහුගේ පලමු චිත්‍රපටයෙන්ම ඉතා දක්ෂ සාර්ථක නලුවෙක් ලෙස අභිෂේක ලබන අතරම විශාල රසික සංඛාවකගේ ආදරය දිනා ගැනීමට සමත් වෙනවා. සෙල්වරාගවන් අධ්‍යක්ෂණයෙන් #ආයිරත්තිල්_ඔරැවන් හරහා තම සිනමා ක්ෂෙත්‍රයේ ඔහුටම ආවේණික වු තැනක් නිරිමාණය කර ගන්නවා.. ඒත් සමඟම අධ්‍යක්ෂක ලිංගුසාමි අධ්‍යක්ෂණයෙන් අලුත්ම මුහුණුවරකින් තමන්නා සමඟ #පෛයා චිත්‍රපටය රගදක්වනවා.. අන්න එතනදී රසිකයන්ට වඩා රසිකාවියන්ගේ හිත් වල නෙවෙනස් වන තැනත් කාර්තී විසින් ලබා ගනු ලබනවා.. ඒ අතර මමත් එක්කෙනෙක්..
ඉන්පසුව විවිධ චරිත හරහා රසික හදවත් දිනාගන්නා කාර්තී
Naan mahan alla
Siruththei
ජය ලැබුවද
Alex pandian
Saguni
Biriyani
පරාජය වනවා.
නමුත් ඉන්පසු Madras චිත්‍රපටය සාර්ථක ව ප්‍රේක්ෂකන්ට ලබා දෙන්නට සමත් වනවා.. පසුව ඔහු සහය අධ්‍යක්ෂක ලෙස පුහුණුව ලැබු අධ්‍යක්ෂක මනිරත්තනම් සමඟින් එක්ව මනිරත්නම් චිත්‍රපටයකට දායක වනවා. කාට්ට්‍ර වෙලියිඩු මනිරත්නම් සමඟ කරන පලමු චිත්‍රපටයයි. ඉන්පසුව #තීරන්_අදිගාරම්_ ඔන්රැ #දේව් යන චිත්‍රපටද සාර්ථකව ලබා දෙනවා.. #kaithi හරහා පියා සහ දියණිය ආදරය මනාව පිළිඹිබු කරන කරන කාර්ති නැවත වරක් තම සාර්ථකත්වය තහවුරැ කරගන්නවා..#සුල්තාන් හරහා තව තව ප්‍රෙක්ෂක ආදරය දිනාගත් කාර්තී අදවන විට South india top 10 actor’s අතරට එක්වී අවසන්..
රංගන ජීවිතය එසේ තිබියදී ඔහුගේ පෞද්ගලික ජීවිතයද තම සහෝදරයා මෙන් සාර්ථක කර ගැනීමට ඔහුටද හැකියාව ලැබෙනවා.. 2011 වසරෙදී #රංජනී සමග විවාහ වන ඔහුට මේ වන විට #උමයාල් සහ #කන්දන් නමින් දරැ දෙදෙනකුද සිටී..
එමෙන්ම තම සොහොයුරා සමඟ #Agaram_Foundation හරහා දුප්පත් දරැවන් හට නොමිලේ අධ්‍යාපනය ලබා දීම හා විවිධ සමාජ සත්කාරයන් හට තම දායකත්වය නොමසුරැව ලබා දෙනවා..
මේ වන විට මොහු චිත්‍රපට 22 කට රංගන දායකත්වය ලබා දී ඇති අතර ඊට සුපර් හිට් මූවීස් 6ක්ද බ්ලොක්බස්ටර් මූවී 4 ක්ද ඇතුලත්ය..ඒ අතරට සම්මාන 10 ක්ද ඇතුලත්ය.. ඉදිරියට පැමිණීමට ඇති චිත්‍රපට ලෙස.
Ponniyin selvam 1,2
Sardaar
Kaithi 2
Untitled name in මුත්තයියා movie වේ..