Kangana’s Dress in Krrish 3 by Mmp Ranaweera
කංගනාගේ කෝටියක් වටින ඇඳුම ??
Krrish 3 චිත්‍රපටිය බැලුවනම් Kangana Ranaut ඇදන් හිටිය ලෙදර් ඇඳුම අනිවාර්යයෙන් ඔබට මතක ඇති.. ඉතින් මෙන්න මේ ඇද්ඳුමේ වටිනාකම විදිහට චිත්‍රපටියේ අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදකවරයාද වන රාජේශ් රෝෂන් පවසා තිබුනේ දල වශයෙන් ඇදුමට කෝටියකට වඩා වියදම් වූ බවයි..
අප්පට සිරි මේ පොඩි ඇදුමට මෙච්චර ගානක් ගියේ මැහුවේ රත්තරන් නූල් වලින්ද ? ? කියලා නේද දැන් ඔබ හිතුවේ…
⭕මෙන ඒක හැදුන හැටි..
මේ ඇඳුම නිර්මාණය කරන්නේ චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණ ශිල්පියා වන Gavin Miguel විසින්. ඔහු මේ සදහා රබර් ගසේ කිරි ලබාගෙන ඔහු විසින්ම ඇඳුමට අවශ්‍ය රබර් ස්වභාවිකවම නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ඔහුට මේ සදහා දින 45ක් ගත වූ අතර ඒ සඳහා ඔහු රූප සටහන් 25කට වඩා ඇද තිබෙනවා.
ඉන් පසුව කන්ගනාගේ ශරීර හැඩයට අනුව ගැළපෙන පරිදි එය මසාගෙන ඇති අතර,ඒ රබර් වලින්ම රාකේෂ් රෝෂන්ගේ මනාපය එන තෙක් ඇදුම් 5ක් ඔහු විසින් නිර්මාණය කළ බව සදහන්.
අනික් කාරණය රබර් ඇඳුම මැහුවා වගේම කංගනාට මෙය ඇඳගෙන රඟපාන්න පුළුවන්ද යන එක. ඒ වගේම චරිතයේ ශරීර නම්‍යශීලීත්වය හොදින් තිබීම වැදගත් වූ නිසා ඇයට මේ ඇඳුමත් එක්ක ඒ දේ කරන්නට හැකිවේවිද යන්න ඊලගට ඔවුන්ට ගැටළුවක් වූවා.
කංගනා මේ වෙනුවෙන් ඇඳුමට ගැලපෙන පරිදි කිලෝග්‍රෑම් 4 කට වඩා ශරීර බර අඩු කරගෙන තිබූ අතර, ඇයට පැය දෙකකට පෙර රූගත කිරීම් වලට පැමිනෙන්නට සිදු වූවේ එය ඇන්දවීමට පැය දෙකක් කාලයක්වත් යන බැවිනි. අදින්නට පෙර ලිහිසි තෙල් වගයක් ඇගේ ශරීරයේ ගැල් වූ අතර අව්වේ රූගත කිරීම් කිරීමේදී තෙල් රත් වීම වගේම ඇදුම රත් වීම හේතුවෙන් කංගනා දරුණු ලෙස අපහසුතාවයට පත් වී තිබෙනවා..
මොන එහෙකට ඒ තරම් අමාරු ඇදුමක් මැහුවද කියන එකනම් ඉතින් ඕන කෙනෙකුට හිතෙන ප්‍රශ්නයක්.. ඒත් ඉතින් මේක උනා කියන්නේ මෙහෙමළු.
නිකමට වගේ පොඩි දෙයක් කියන්නම්..?
රාකේෂ් රෝෂන්ගේ ඔහුගේ පුත් රිතික්ම රඟපෑ ” කොයි මිල්ගයා” චිත්‍රපටියේ “ජාදූ” නම් පිටසක්වල ජීවියා චිත්‍රපටිය සදහා යොදා ගැනුනේ ඇනිමේෂන් තාක්ෂණයෙන් සහ රොබෝ කෙනෙකු අනුසාරයෙන් බව ඔහු චිත්‍රපටිය තිරගත වූ මුල් දිනවල පවසා තිබුනා.එයටත් කෝටිගානක් වියදම් වූ බව තමා ඔහු පැදසුවේ. ඒත් එය සැබෑ නළුවෙකු විසින් සාමාන්‍ය රබර් වෙස්මුහුනක් දාගෙන රඟපෑ බව පසුව හෙලි වූවා..