Kamal Addararachchi Sri Lanka Actor by Thushara S Weerasinghe
90 දශකයේ යෞවනියන්ගේ උන්මාදය | කමල් අද්දආරච්චි
****———-****
80 දශකයේ මුල් භාගයේදී සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ශූරින් විසින් ලාංකීය සිනමාවට තවත් සුපිරි තරුවක් හඳුන්වා දෙනවා, ඒ “සාගරයක් මැද” චිත්‍රපටය තුලින්, ඒ හීන්දෑරි උස කඩවසම් තරුණයා තමයි කමල් අද්දආරච්චි … පසු කලෙක ලාංකීය යෞවනියන්ගේ උන්මාදය බවට ඔහු පත් වෙනවා……
වේදිකාවේදී “අනේ අබ්ලික්” නාට්‍යය කමල්ගේ පළමු කැපී පෙනෙන ප්‍රසිද්ධ නාට්‍ය රංගනය සනිටුහන් කළේය.
සාගරයක් මැද කෘතියෙන් අරඹා ගින්නෙන් උපන් සීතල දක්වා වන ඔහුගේ හතළිහකට ආසන්න සිනමා චරිතාංග රංගනයන් දෙස බලන විට පැහැදිලි වන කරුණ වන්නේ ඔහු ඒ සෑම චරිතයක්ම ඉතා හොඳින් අවබෝධ කරගෙන රඟපා ඇති බවයි…ඔහු හොඳම නළුවා ලෙස මුලින්ම සම්මාන ලැබුවේ ලොකුදුව චිත්‍රපටය වෙනුවෙන් ස්වර්ණ සංඛ සිනමා උලෙළේ 1997 වසරේදීය. ඒ සඳහා ඔහුට සරසවිය සහ ජනාධිපති සම්මාන උලෙළවලදී හොඳම සහාය නළුවාට හිමි සම්මාන පිරිනැමිණ. ඊටත් පෙර සප්ත කන්‍යා චිත්‍රපටය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන ලැබූ අතර එහි දමයන්ති ජයසූරිය ප්‍රවීණ ශිල්පිනිය සමඟ ගයන උන්මාද වූ ප්‍රේමාදරේ ගීතය සඳහා හොඳම ගායකයාට හිමි ජනාධිපති සම්මානයද හිමිකර ගන්නට සමත් විය. එමෙන්ම 2002 වසරේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ” අග්නිදාහය ” චිත්‍රපටයේ ශෝබනාගේ චරිතය වෙනුවෙන් සරසවිය සිනමා උළෙලේ නැවතත් ඔහු හොඳම නලුවා සම්මානයට පාත්‍ර විය… ගෙදර බුදුන් අම්මා, එකදා වැහි, මාරුතය, අවරගිර, බිතු සිතුවම්, මිල්ලේ සොයා, සලෙළු වරම, අසනි වර්ෂා, ගරිල්ලා මාකර්ටින්, කලර්, ඇඩ්‍රස් නෑ, ඝරසර්ප, තණ්හා රතී රඟා… ඔහුගේ දක්ෂතාව මොනවට ඔප්පු කල තවත් චිත්‍රපට …..
එසේම පුංචි තිරයේ ඔහු වෙද හාමිනේ, හිරුට මුවාවෙන්, රතුරෝස ආදී නිර්මාණ විස්සකට පමණ දායක වී දඬු බස්නාමානය වෙනුවෙන් පළමු සුමති ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා මෙන්ම ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ද්විත්වයක් හිමි කරගන්නට සමත් විය. වේදිකාව ඔහුගේ රංගයේ තිඹිරි ගෙයයි. එහෙත් අනේ අබ්ලික් නාට්‍යයෙන් ඇරඹූ එය නිර්මාණ හයකට පමණ සීමා විණි. දශක හතරහමාරක පමණ රංගන අතදැකීම් සමඟ ගායන, සම්ප්‍රවේශන, නිවේදන ආදී විසිරුණු හැකියාවන් රැසක් සමඟ තාරුණ්‍යය කුල්මත් කළ ඔහු බොහෝ කලකින් රිදී තිරයේ හෝ පුංචි තිරයේ දක්නට ලැබුණේ නැත.
තම පෞද්ගලික ජීවිතයේ බොහෝ බාධක අභියෝග පැමිණියත් ඔහු ඒ සියල්ලටම උපේක්ෂාවෙන් මුහුණ දුන්නේය..ඔහුට චෝදනා එල්ලකල සෑම දෙනාටම ඔහු සිනහවෙන් පිළිතුරු දුන්නේය..අවසානයේ ඒ සියළුම චෝදනා වලින් ඔහු නිර්දෝෂ පුද්ගලයෙක් ලෙස සමාජය විසින් පිලිගන්නා ලදී.
නළුවන්, නිළියන් බහුල සිංහල සිනමාවේ රංගනවේදීන්, වේදිනියන් සිටින්නේ ඉතාම අල්ප ප‍්‍රමාණයක්. කමල් අද්දරආරච්චි යනු එහි පෙරමුණේම සිටින කිහිපදෙනාගෙන් කෙනෙක්. නිතර දෙවේලේ දකින්නට නොලැබෙන ඔහුගේ රංග ප‍්‍රතිභාව බොළඳ පෙම්වතාගේ සිට අමරණීය විප්ලවවාදියා දක්වා වූ විවිධ භූමිකාවන්ගෙන් පිරුණු එකක්. තමන් අතට පත් ඕනෑම චරිතයකට තමන්ටම ආවේනික වූ වෙනස්ම හැඩයක් එක් කිරීම ඔහුට සුළු කාරණයක්. එසේම ඔහු පෙරළිකාර චරිතයක්. කලින් කලට ආන්දෝලනාත්මක පුවත් මවන මේ හිතුවක්කාරයාගේ අදහස් හරි අමුතුයි. කාලීන ප‍්‍රශ්න දෙස ඔහු බලන්නේ වෙනස්ම කෝණයකින්.
වර්තමානයේ ටෙලිවිෂනය ගිලගෙන ඇති මෙගානාට්‍යය සංස්කෘතිය ගැන දැඩි කලකිරීමෙන් පසුවන කමල් එම නාට්‍ය වල රඟපෑම ප්‍රතික්ෂේප කරයි….. එමෙන්ම සිනමාවේ ද තමාට සරිලන හොඳ චරිත නොලැබීම හේතුවෙන් ඔහු එයින්ද ඈත් වී තම ව්‍යාපාර දිවුණු කිරීමට තම කාලය වැය කරන බව මෑතකදී පැවැත්වූ Youtube සාකච්ඡාවක පවසා තිබේ…. වර්තමානයේ රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව ද දැඩි වාමාංශික මතයක ඔහු සිටින බව එම සාකච්ඡාවේ වැඩි දුරටත් පවසා සිටියේය….
මෙවැනි දක්ෂ රංගන ශිල්පීන් මෙසේ සිනමාව,, ටෙලිවිෂනය හැර යාම මෙරට කලා කෙතට නම් සුබදායක නොවනු ඇත…. කමල් අද්දආරච්චි නම් වූ ඒ අතිවිශිෂ්ට රංගධරයාගෙන් වෙද හාමිනේ ගුණේන්ද්‍ර,දඬුබස්නාමානය රනා වැනි විශිෂ්ට චරිතයක් නැවතත් දක්නට ලැබේවායැයි… අපි ප්‍රාර්ථනා කරමු….