Kalank (2019) Hindi
56% liked this film Google users
Initial release: April 17, 2019 (India)
Box office: est. ₹146.31 crore
ඔන්න ඉතින් අප්රේල් 17 වන දින එනම් හෙට දිනයේදී තිරගත වීමට නියමිත චිත්රපටයක් ගැනයි මේ විස්තරයක් කරම්න යම්නෙහ්.
ඉන්දියාව බ්රිතාන්යයේ යටත්විජිතයක් බවට පත්වූයේ 1857 දීය. එයින් නිදහස ලබාගත්තේ 1947 අගෝස්තු මස 15 වනදාය. ඉතින් මෙම චිත්රපටයේ කාලරාමුව ලෙස දැක්වෙන්නේ 1945 වසරයි. එනම් බ්රිතාන්යයන්ගෙන් නිදහස ලබාගැනීමට වසර දෙකකට පෙර කාලයෙදීයි. ඉතින් මෙම චිත්රපටය අධ්යක්ෂණය කරම්නෙහ් ජෝදා අක්බර්, මයි නේම් ඊස් ඛාන්, ස්ටුඩන්ට් ඔෆ් ද යර් වැනි චිත්රපටවල සහය අධ්යක්ෂණයෙන් දායක වූ අභිෂේක් වර්මන් වේ. ඉතින් මෙ චිත්රපටය සඳහා නිෂ්පාදනයෙන් ඔයාලා කවුරුත් දන්න කරන් ජොහාර් සහ සජිඩ් නඩීඩ්වාලා, හිරෝ යෑශ් ජොහාර්, අපූර්වා මෙහේතා දායක වේ.
ඉතින් මෙ චිත්රපටයේ ප්රධාන නිළියන් ලෙස මධුරි ඩික්සි(ට්), සොනක්ෂි සින්හා, ආලියා බාට්ද
ප්රධාන නලුවන් ලෙස වරුන් ධවාන්, ආදිත්ය රෝය් කපූර් වගේම සංජේය් ද(ට්) දායක වේ. මධුරි කියම්නෙහ් එදා වගේම අදත් තමන්ගේ සුන්දරත්වයේ දශමයකුදු වැඩිකරගත්තා මිසෙක අඩුකරගත්තු නිළියක් නොවන වග මටත් වඩා හොඳට ඔබලා දන්නවා ඇති. එකල සිටි චිත්රපට සඳහා වැඩිම මුදලක් අය කරන නිළිය සහ 2008 වසරේදී ඉන්දියානු රජය විසින් පිරිනමන පද්ම ශ්රී සම්මානයද ඇය ලබාගත්තේය. ඒ වගේම ෆිල්ම්ෆෙයාර්හිදී හොඳම නිළිය සම්මානය සතර වතාවක්ම ඇය දිනාගත්තාය. එම ලැයිස්තුවේ පළමු තැන අදටත් සිටින්නේ හොඳම නිළිය නමින් සම්මාන පහක් දිනාගත් සුරූපි බොලිවුඩ් නිළි කාජල් මුඛර්ජී වේ. විද්යා බාලන්ද මධුරි සමඟම සම ස්ථානයේ සම්මාන හතරක් ලබාගෙන පසුවේ. ඊළඟට සොනක්ෂි ගැන කිව්වොත් ඉතින් බොලිවුඩය තුළ මා දුටු සරාගීම නිළිය ඇයයි
2010 වසරේ සල්මන්ගේ තිරගත වූ දබාන්ග් චිත්රපටයෙන් තමයි ෆිල්ඩ් එකට ආවේ. එමෙන්ම මෙම වසරේම අවසානයේ එනම් දෙසැම්බර් මස 25 වනදින දබාන්ග් 3 චිත්රපටය සල්මන් සහ සොනක්ෂි ගේ රංගනයෙන් තිරගත වීමටද නියමිතයි. ආලියා ගැන කියනවා නම් ඉතින් ෆස්ට් ලීඩින්ග් රෝල් එකහ් 2012 වසරේ තිරගත වූ ඔයාලා කවුරුත් දන්න කරන් ජොහාර් ඩිරෙක්ට් කරන ස්ටුඩන්ට් ඔෆ් ද යර් චිත්රපටයයි. මෙම චිත්රපටයේ නිෂ්පාදනය සඳහා බොලිවුඩ් කින්ග් එනම් ශාරුක් ඛාන්ගේ සුරූපි බිරිඳ වන ගෞරි ඛාන්ද දායක වේ. ඇත්තටම කිව්වොත් ආලියා කියන්නෙත් මගෙ ක්රශ් එකක්
වරුන් ගැන කියනවා නම් ඉතින් හුඟක් බොලිවුඩ් විචාරකයන්ගේ මතය අනුව මීළඟ සල්මන් භාය් වරුන්ය. සිද්ධාර්ත් වගේම මං ආසම නලුවෙක් තමයි වරුන් කියන්නෙත්. Ashan කියනවා වගේ මගෙත් අකමැතිම නලුවෝ නැහැ, නමුත් ප්රියත්වයේ ප්රමාණය අනුව අනුපිළිවෙලට සකස්කරගන්න පුලුවන් සෙට් එකක් මටත් තියෙනවා. වරුන් ෆීල්ඩ් එකට එන්නෙත් ආලියා ආපු විදිහටමයි එනම් ස්ටුඩන්ට් ඔෆ් ද යර් චිත්රපටයෙනුයි. වරුන්ගේ කවදත් මගේ ලිස්ට් එකේ පළමු තැන දෙන්න පුලුවන් චිත්රපටය තමයි බද්රිනාත් කී දුල්හානියා. ඒ වගේම ස්ටුඩන්ට් ඔෆ් ද යර් වගේම ඔක්තෝම්බර් චිත්රපටයත් ඔහුගේ නිර්මාණවලින් මා ප්රියකරන සුවිශේෂී නිර්මාණ දෙකක්. ආදිත්ය රෝය් ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඔව් ඔව් ආශිකි 2 එකේ කොල්ලා තමයි. කොහොමත් ඔය චිත්රපටය නිසා තමයි ආදිත්ය හිට් උනෙත්. චිත්රපට 200කට ආසන්න ප්රමාණයකට රංගනයෙන් දායක වුනු පතාකයන්ගෙත් පතාකයෙක් වන සංජේය් ද(ට්) ගැන නම් ඔයාලට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙහ්. ඔයාලා කවුරුත් දන්න ගිය වසරේදී තිරගත වූ සන්ජු චිත්රපටයටද අනුගමනය කරඇත්තේ සංජෙය්ගේ ජීවිත කතාවේ කොටසකි. එහිදී රන්බීර් කපූර් විසින් ඔහුගේ චරිතයට පන පොවනු ලැබුවේය.


පැය 02 මිනිත්තු 46 ක් පුරා දිවයන මෙම චිත්රපටය කෝටි 80 ක පමණ බජට් එකකින් නිෂ්පාදනය කර ඇත. මෙම චිත්රපටය පිළිබඳ සංකල්පය කරන් සහ ඔහුගේ පියා වන යෑශ් ජොහාර් අතර වසර 15 කට පෙරාතිව තිබුනු සංකල්පයක් බවද සඳහන් වේ. මං හිතන විදියට මෙතන එකතු යන්නෙහ් සංජෙය්-මධුරි, වරුන්-ආලියා, ආදිත්ය-සොනක්ෂි ලෙසයි.
ඒ වගේම හින්දි සහ තෙලුඟු නිළි කියාරා අද්වානී මෙම චිත්රපටයේ “First Class” ගීතයට පෙනී සිටින අතරම ක්රිටී සැනෝන් “Aira Gaira” ගීතය සඳහා පෙනී සිටියි. එනිවේ කියාරා කියම්නෙහ් ආගමක් 

සොනක්ෂි කියම්නෙහ් සෞරග්රහ මණ්ඩලයක් 

මං හැමදාම කියන දෙයක් තමයි කලාව කියනදේ ඉපදුනේ ඉන්දියාවේ කියන තැන තමයි මං ඉන්නෙහ්. මං ඒකට එකම එක උදාහරණයක් දෙන්නද ? එකම එක උදාහරණයක්…
අර්ජිත් සින්ග් වගේ වචනවලට පෙරලගන්න බැරි තරම් එකීමෙකීනොකී දැවැන්ත ගායකයෝ වගේම රංගන ශිල්පයෙහි දැවැන්තයෝ රැසක් සිනමාවට දායාද කළ සිනමාව අකමැත්තෙන් උනත් අපි පිළිගත යුතුයි යන තැන මං ඉන්නෙහ්. ශ්රී ලාංකීය සිනමාව කිසිම අවස්ථාවකදී මං අවතක්සේරු කරනවා නෙමෙයි මං කියන්නේ අගය කරන්න ඕනිදේ අගය කරන්න කුහකයෙක් නම් වෙන්න එපා කියන එකහ්. අගය කරන්න දෙයක් මොන තුන්ලෝකෙක අස්සක මුල්ලක දැකහොත් ඒ දේ ගැන අගය කරන්න දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි අර්ජිත් සින්ග් ගැනත් මගේ අදහස. බොලිවුඩය තුළ මගේ සවන් පිනවූ අසීමාන්තික පරාසයක් පුරා දිවයන ගායකයන්ගේ ලැයිස්තුවේ මට නම් පළමු වැන්නා ඔහුයි. මම ඔහු ගැන මේ අවස්ථාවේදී සඳහන් කළේ වෙන කිසිවක් නිසා නොව ඔහු මෙම චිත්රපටයේද අතිශය සුන්දර මම මේ දවස්වල පිස්සුවෙන් වගේ අහන ගීතයක් ගායනා හේතුකොට ගෙනයි. එය වෙන කිසිවක් නොව අර්ජිත් සින්ග් සහ නීටී මෝහන් ගායනා කරන මාර්තු 22 වන දින නිකුත් කෙරුනු “ෆස්ට් ක්ලාස්” ගීතයයි. මේ වනවිටදීත් මගේ ෆේවරිට්ම ලිස්ට් එකේ උඩින්ම තියෙන ගීත අතුරින් එකක් වීද අවසන්. කලින් කිව්වා වගේම වරුන් කියන්නේ එදා සිටම සල්මන් වගේම හොඳ කාන්තා ආකර්ශනයක් සහිත නලුවෙක් වගේම රූපකාය තුළින්ද අතිශය සුන්දර චරිතයක්. රංගනය අතින් බැලුවොත් එහෙම කියන්න තරම් නම් අඩුපාඩුවක් මා දකින්නේ නැත.
මෙම චිත්රපටයේ ෆස්ට් ලුක් පෝස්ටර් එකහ් මාර්තු 07 නිකුත් කළ අතරම ඔෆිෂියල් teaser එකහ් මාර්තු මස 12 වන දින Fox Star Studios මඟින් මුදාහැරුනි. මෙහි ඔෆිෂියල් ට්රේලර් එකහ් අප්රේල් මස 03 වන දින Dharma Productions මඟින් නිකුත් කෙරුනි. අප්රේල් 19 වන දින මෙම චිත්රපටය තිරගත කිරීමට මුලදී සැලසුම් කර තිබුනද පසුව එය අප්රේල් 17 වන දින ලෙස වෙනස් කෙරුනි.
ඉතින් අපි බලමු හෙට දිනයේදී තිරගත වීමට නියමිත Kalank චිත්රපටයට කොපමණ ප්රේක්ෂක ප්රතිචාර ලබාගැනීමට හැකිවේද කියා…
Kalank | Official Trailer