Kai Po Che (2013) Hindi | Sinhala Article

Kai Po Che (2013) Hindi by Duthika Gayashan

කාලෙකින් යමක් ලියන්න හිතුනේ මේ දේ නොලියා මට මගේ ඉදිරි වැඩ ගැන අවධානය යොමු කරගන්න මගේ හිත ඉඩ නොදෙන නිසාමයි. මුලින්ම මම කියන්නම් අද මේ කියන්න හදන සිනමා නිර්මාණය ඇයි මම බලන්න පෙළඹුනේ කියලා.

අපි හැමෝටම යාලුවෝ ඉන්නවා. අපේ ජීවිත යහපත් අතට හැරවිය හැකි සහ අයපත කරා රැගෙන යා හැකි. තවත් සමහර යාලුවෝ ඉන්නවා ජීවිතේ සුන්දරම කාල වලදි පමණක් අපේ ළඟ ඉඳලා අපිට වැරදුනහම, අපිව පොළොවටම වැටෙන්න වැටුනහම අපි දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නැතුව අහක බලාගෙන තමන්ගේ ගමන යන යාලුවෝ.

හැබැයි තවත් සමහර යාලුවෝ ඉන්නවා අපි මොනතරම් වැටුනත්, මොන අවස්ථාවක මොන විදිහට ජීවත් වුනත් අපිව දාලා යන්නේ නැති විදිහේ යාලුවෝ. අන්න ඒ යාලුවන්ට බෞද්ධ දර්ශණයේදී අපි කියනවා කල්යාණ මිත්‍රයන් කියලා.

මේ කියන කල්යාණ මිත්‍රයන් අපේ සැපේදී අපි ගැන අපිටත් වඩා සතුටු වෙන සහ අපේ දුකේදි අපිව ඒ දුකින් මුදවා ගෙන ආයෙත් වැටිච්ච තැනින් නැඟිට්ටවන්න උත්සහ කරන පිරිසක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

මම හැමවෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි මම මේ ලෝකේ වාසනාවන්තම යහළුවා කියලා. මොකද මට ඉන්නවා මොනතරම් මං වැටුනත් එතනින් නැඟිට්ටවන්න පුළුවන් මාව ආයේ ආයේ හරි මාර්ගයට ගන්න පුළුවන් හොඳ කල්යාණ මිතුරන් කිහිපදෙනෙක්.

ඒ අතරින් ඉහළින්ම ඉන්න මිතුරියක් තමයි මාත් එක්ක ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ ජෙස්මින් ( ජෙසී ) ඔයා. අපි නිතර අපේ දේවල් බෙදා ගන්නවා. අපි නිතර ජීවත් වීමේ කලාව ගැන කතා කරනවා. අල්ප මාත්‍රයකවත් රහසක් නැතුව අපි අපි ගැන හොඳින් වටහාගන්නවා. ඇයගේ බලවත් ඉල්ලීම නිසයි මම අද කතාකරන්න යන Kai Po Che සිනමා නිර්මාණය බලන්න මාව පෙළඹුවේ. කොටින්ම එයාගෙම වචන වලින් කියනවා නම් ” වහාම ක්‍රියාත්මක වන පරිදි Kai Po che ෆිල්ම් එක බලන්න ” කියන පෙළඹවීම කලේ ඇය. මුලින්ම ඒ පෙළඹවීමට ඔයාට ගොඩක් ස්තූතියි ජෙසී.

දැන් කියන්නම් ඇයි මම මේ චිත්‍රපටය බලන්න පෙළඹෙන්නේ කියලා. කවුරු බලන්න කිව්වත් මට හොඳයි කියලා හිතුනොත් තමයි මම චිත්‍රපටයක් බලන්නේ. මම Kai Po che ෆිල්ම් එක බලන්න පෙළඹෙන්නෙම සුශාන්ත් සිං නිසාමයි. ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය බැලුවහම ඒ උත්තේජනය තවත් වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ. අනිත් කාරණය තමයි චිත්‍රපටයේ එන Shubhaarambh ගීතය. මම මේ ගීතය රසවිඳින්නේ මුලින්ම 2013 Indian Idol Junior තරඟාවලියේදී Nirvesh Dave සහ Shruti Deliver විසින් මේ ගීතය ගායනා කිරීමත් සමඟයි. මම අතිශය ප්‍රිය කරන ගීතයක් මේ ගීතය. Nirvesh එක variation එකක් sing කරනවා ඇඩෙන්නම. ඔය කියන හේතු නිසාම තමයි ඔන්න මම Kai Po che ෆිල්ම් එක බලන්න තීරණය කළේ.

ලොකු විස්තරයක් කිව්ව නිසා චිත්‍රපටය ගැන කෙටියෙන් කියන්නම් ඔයාලටත් චිත්‍රපටය ගැන බලන්න ආරාධනා කරමින්. චේතන් බගත් නම් නවකතා කරුවාගේ නවකතාවක් වුනු The 3 mistakes of my life නම් නවකතාව ඇසුරෙන් නිර්මාණය වුනු Kai Po che චිත්‍රපටය 2013 අවුරුද්දේ පෙබරවාරි 13 වැනිදා තිරගත කිරීම් ආරම්භ කෙරුණු චිත්‍රපටයක්.

මම ඉතාම ප්‍රිය කරන බොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයක් වූ Udaan , Wake up sid , ishaqzaade , English Vinglish , Aiyyaa වැනි චිත්‍රපට වල සංගීත නිර්මාණය කළ අමිත් ත්‍රිවේදී විසින් තමයි Kai Po che චිත්‍රපටයේත් සංගීතය නිර්මාණය වෙන්නේ.

Sushant Singh Rajput ගේ බොලිවුඩ් සිනමා ආගමනය සිදුවන්නෙත් මෙම චිත්‍රපටය හරහාමයි. Amit Sadh . Rajkummar Rao . Amrita Puri . Manav Kaul ( Tumhari sulu චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ) . Asif Basra . Tahir Raj Bhasin ( Chhichhore ෆිල්ම් එකේ ඩෙරෙක් ) වගේ අපි කවුරුත් ප්‍රියකරන ජාතියේ නළු නිලියන් රැසක් Kai Po che චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා.

චිත්‍රපටයේ කතාව දිවෙන්නේ එකිනෙකාට පණ වුනත් දෙන්න සූදානම් යාලුවෝ තිදෙනෙක් ගැනයි.මේ යාලුවන්ගේ මිතුරුකම මිතුරුකමකට එහා ගිය මහා පුදුමාකාර බැඳීම් ගොඩකින් සහ අරමුණකින් පිරිලා ඉතිරිලා තියෙන්නේ.

වෙනදා වගේම චිත්‍රපටයේ කතාව ගැන කිසිවක් නොලියන්න තීරණය කළා. හේතුව ලියන්න කම්මැලිකම නිසා නෙමෙයි. මේක කියවන ඔයාලා අනිවාර්යෙන් කුතුහලයෙන් මේ චිත්‍රපටය නරඹන්න පොළඹවන්න අවශ්‍ය නිසා.

අන්තිමට පුංචි දෙයක් කියලා ලියන එක නතර කරන්නම්. අද වෙනකොට අපේ සමාජය ජරාජීර්ණ වෙලා තිබෙන වැසිකිලි පද්ධතියක් බවට පත්වෙලා තිබෙන අපේ රටේ දේශපාලනය ගැන Kai Po che චිත්‍රපටය හරහා ලොකු පණිවුඩයක් දීලා තියෙනවා. ඒ තමයි දේශපාලනය ගැවුනු තැන අසූචි ගෑවෙනවා කියන එක. ඒ නිසා ඒ අසූචි අපි ආයේ ආයේ ගාගන්නේ නැතුව බුද්ධිමත්ව රට ගැන ජාතීන්ගේ සමඟිය ගැන හිතලා දැන්වත් තීරණ ගන්න. මගේ හොඳම යාලුවා ( සචිර ) මට මේ ළඟදි හරි ලස්සන කතාවක් කිව්වා. ” මිනිස්සුන්ට ලේ දෙන්න පුළුවන්. හැබැයි මොලේ දෙන්න බෑනේ බං ” කියලා ඌ මට කියලා දුන්නා. දේශපාලනය නිසා සත්තු වගේ ඇන කොටා ගන්න එක දැන්වත් නවත්පල්ලා.

ඒ වගේම තමයි තමන්ගේ හිතේ යහපත් අරමුණක් තියෙනවා නම් මුලු ලෝකෙම විරුද්ධ වුවත් තමන්ගේ අරමුණ ජයග්‍රහණ කිරීම වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න.

හැමෝටම නීරෝගිමත් වාසනාවන්ත අනාගතයක් උදාවෙයි එදාට.

අදහස – දුතික ගයාශාන්

( Emgee Studios Productions)

දුතික ගයාශාන්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *