Kadaisi Vivasayi (2022) Tamil by Luckshman Aranwala
සිත්ගත් දමිළ චිත්‍රපටයක්. ගමක් ගොවියෙක් සහ ගොවිතැනක අවශ්‍යතාවය ගැන කියන කතාවක්. අනුවේදනීය සහ උපහාසාත්මක සැකැස්මක්. Merku Thodarchi Malai (2018) වගේ බැරෑරුම් ව හෝ Mandela (2021) වගේ හාස්‍යෝත්පාදක ව ඉදිරිපත් කරන්නට තිබුණා වුණත් මෙහි තිබෙනවා හොඳ සමබරතාවයක්. ඒ නිසාම කතන්දරයේ තිබෙනවා හොඳ වින්දනාත්මක බවක්. අධ්‍යක්ෂකවරයා කොහොමත් මේ වගේ වැඩ වලට හපනෙක්. M. Manikandan ගේ Kakka Muttai (2015), Kuttrame Thandanai (2016) සහ Aandavan Kattalai (2016) යන සියල්ලේම තිබුණා හොඳ වෙනසක්. මෙහි රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ කැමරාකරනයත් ඔහුගෙන්ම වීම තවත් සුවිශේෂී කාරණයක්.
අවුරුදු 85 වයසැති මායණ්ඩි කියන්නෙ ගමේ ඉන්න එකම ගොවියා. තමන්ගෙ කුඹුර සහ ගොවිතැන ඇරුණම එයාට රටේ ලෝකේ අනිත් දේවලින් වැඩක් නෑ. ගමේ මිනිස්සු ගොවිතැනින් ඈත් වෙනකොට මායණ්ඩි තනියම තමන්ගෙ ගොවිතැන කරගෙන යනවා. ගමේ ශුභසිද්ධිය සඳහා කෝවිලට පූජාවක් කරන්න ඕන වුණාම තමයි ගමේ මිනිස්සුන්ට ගොවිතැන මතක් වෙන්නෙ. මොකද දෙවියන්ට පුදන්නට අලුත් සහල් ඕනෑ නිසා. ඒ වෙනුවෙන් මායණ්ඩි ඉදිරිපත් වන අතරේදී තමයි නොසිතූ විරූ කරදරයක පැටලෙන්නට වෙන්නේ. ඒ ඔස්සේ තමයි කතන්දරය ඉදිරියට ඇදෙන්නේ.
මෙතනදී ගම්මුන්ව සහ ගම්මුන්ගෙ ක්‍රියාකලාපයන් කෙරෙහි උපහාසයක් එල්ල කර තිබෙනවා. කළ යුතු දේ නොකර අන්ධ විශ්වාසයන් මත වෙන වෙන මඟුල් කරන ගැමියාව උපහාසයට ලක් කරනවා. තවත් පැත්තකින් පොලිසිය සහ ගම්මු කියන පාර්ශව දෙකේ ගැටුම තුළ වෙනමම උපහාසයක් අඩංගු වෙනවා. පොලිසිය මේ ගම්මුන්ව දෙකේ කොලේට දානවට වඩා වැඩි ප්‍රතිශතයකින් ගම්මු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පොලීසිය බයිට් එකට ගන්නවා. ඒ අතරෙම පොලීසියක් උසාවියක් ගැන මෙලෝ සසරක් නොදන්නා මායණ්ඩි වගේ අහිංසක වයසක ගොවියෙක් අපරාධයක පැටලෙන හැටියෙන් කතන්දරයට අනුවේදනීය බවක් ගෙන එනවා.
ප්‍රධාන කතන්දරයට සෘජුවම සම්බන්ධ නොවන චරිත නිරූපණයක් කරන විජේ සේතුපති සහ යෝගි බාබු විතරයි මේ චිත්‍රපටයේ දන්නා කියන දෙන්නෙකුට ඉන්නෙත්. ඒ චරිත දෙකම මේ ඇතුළේ වෙනම කතාවක් කියනවා. යෝගි බාබු සහ අලියා ගෙන් මතුකරන උපහාසය ප්‍රධාන කතන්දරයට ගළපගන්නට පුළුවන් වුණත් සේතුපති ගෙ චරිතය අවශ්‍යම එකක්ද කියන සැකයත් මතුවෙනවා. කොහොම නමුත් චිත්‍රපටයේ බෙදාහැරීම් කරන්නේත් ඔහුම තමා. ප්‍රධාන චරිතය මායණ්ඩි ට අමතරව නඩුකාර නෝනා ගේ චරිතයත් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත් වෙනවා. පොලිස් කොස්තාපල්වරයාත් කතන්දරයට හොඳ දායකත්වයක් සපයනවා. සෙසු චරිත සියල්ලත් එක්ක කතන්දරය හොඳ රියලාස්ටික් බවකිනුත් සමන්විත වෙනවා. ඒ නිසාම නරඹන්නට වටිනා චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරනවා.
******************************************************
Cinematography, written, directed and produced by
M. Manikandan
Starring
Nallandi
Vijay Sethupathi
Yogi Babu
Muneeshwaran
Raichal Rabecca Philip
Music by
Santhosh Narayanan
Richard Harvey
Country
India
Language
Tamil